27 වසරක් ජනතාව වෙනුවෙන් සිරබත් කා දැයක් එකලු කළ කළු නායකයා
ලොව පුරා රිවෝනියා විභාගය ලෙස ප්‍රසිද්ධ වූ නඩුවට රජයද දැඩිව සූදානම් විය. ඒ අනුව සාක්ෂිකරුවන් 173ක් සමග නඩුව නැවත කැඳවිණි. චෝදනාව වූයේ කම්කරුවන් වර්ජනයට පෙලඹවීම හා අවසර නොමැතිව රටින් පිට වීමයි. නඩුවේ තීන්දුව ලැබුණේ රජය ජයග්‍රහණය කරමිනි. මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරගෙට නියම විය. ඒ 1964 වසරයි.
ප්‍රසිද්ධ රොබන් දූපතේ සිරගෙය එතැන් පටන් මැන්ඩෙලාගේ නිවාසය විය. අඩි 8*7 කාමරය මුළු ලොවම විය. දවස පුරාම ඔහුට හුනුගල් කැඩීමටද සිදුවිය. ඒ සුදු මිනිසුන්ගේ පහර කෑමට ලක්වෙමිනි. මාස හයකට වරක් එක් ලිපියක් ලැබිමට හා එක් පුද්ගලයකු මුණගැසීමට පමණක් අවසර තිබුණි. ඒ තත්ත්වය යටතේ මැන්ඩෙලා සිය නීති උපාධිය අධ්‍යයනය දිගටම කරගෙන ගියේය. වසර 10කට පසු එනම් 1975 වසරේ මැන්ඩෙලාට අමුත්තන් වැඩි දෙනකු මුණගැසීමට අවසර ලැබුණි. එතැන් පටන් මැන්ඩෙලා නිදහස් කළ යුතු යැයි ලොව සතර දෙසින්ම බලපෑම් එල්ල වන්නට පටන් ගත්තේය. අවසානයේ 1990 පෙබරවාරි 11 වැනි දින මැන්ඩෙලා නිදහස ලැබිය. ලක්ෂ සංඛ්‍යාත ජනයා හා දෙස් විදෙස් ජනමාධ්‍ය ඇමතූ ඔහු ඒ සියල්ලන්ටම සිය ස්තුතිය පළ කර සිටියේය.

Last edited: