ඒගොල්ලො දෙන router ඇවිල්ල Basic features විතරයි තියෙන්නෙ. ලොකු වැඩ කරන්න බැහැ ඒවගෙන්. ඉතාම පොඩි දේවල් විතරයි. හැබැයි 1st router එක ඒ දෙන එක තියාගෙන 2nd router එකට හොඳ එකක් ගන්න එක තමයි කරන්න තියෙන්නෙ.
මගෙ තියෙන්නෙ TP-Link router එකක්. TP-Link හැම එකකම WISP Client Mode නැතිවෙන්න පුළුවන්. ටිකක් හොයල බලල ගන්න. තව TP link වලට අමතරව වෙනත් router උනත් හොයාගන්න පුළුවන් වෙයි. Wireless N Router කියල එන ගොඩක් ඒවගෙ සාමාන්‍යයෙන් features තියෙනව. හැබැයි ඒක හරියට විස්තර බලල ගන්න එක හොඳයි.
වැඩිය ලොකු ඒවගෙ නෙමෙයි... මේ පහළ පින්තූරෙ තියෙන ජාතියේ ඒවගෙත් ඒ පහසුකම තියෙනව. මම මේ ජාතියේ එකකිනුත් ඒ දේම කරල තියෙනව. Internet connection නොතිබුණත් Basic router එක on කරල wifi enable කරල තියෙන්න ඕනෙ. එච්චරයි. දෙකම connect කරන්න පුලුවන්.
ගොඩක් වෙලාවට මේ වගේ ගොඩක් feature තියෙන්න ඕනෙ router firmware එකට log උනාම. Advance Routing, Bandwidth control, Port Forwarding වගේ දේවල් basic router වල සාමාන්‍යයෙන් එන් නැහැ කලාතුරකින් තියෙන්න පුළුවන්. ඒත් ගොඩක්ම තියෙන්නෙ basic දේවල් විතරයි.