Neurosurgeon Dr Maheshi Wijeratne

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    608
    1,858
    93
    33
    "ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍යම වන EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහලේ කාර්ය මණ්ඩලය හා අදාල වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුලින් රෝගීන්ට පාඩුවක් හා තමන්ට අයුතු ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුලින් රෝහලට පාඩු සිදුකිරීම ආදී දූෂනය නම් වරද සිදුකිරීම පිළිබද විශේෂඥ වෛද්‍යවරිය අත් අඩංගුවට ගෙන තිබේ.

    රෝගීන්ව ගසා කා ඇති අන්දම..

    මෙහි දී EVD යන අයිතමය 2022 වසරේදී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17500/- පමණ වී ඇති අතර එහි සාමාන්‍ය වත්මන් මිල රු. 46,500/- ක් පමණ වේ. විශේෂඥ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමුකරන ලද බාහිර පාර්ශවය මගින් රෝගී්න් මෙම අයිතම ලබා ගැනීමේ දී රු. 120,000/- සිට 250,000/- පමණ වන වටිනාකම් මේ සඳහා රෝගීන්ට ගෙවීමට සිදුව ඇත. මෙලෙස ශල්‍යකර්මයන්ට භාජනය වූ 300 ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර ඉන් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට විමර්ශයන් විසින් සටහන් කරගෙන ඇත. ප්‍රකාශ සටහන් කර ගත් රෝගීන්ට රු. කෝටි 3 කට ආසන්න පාඩුවක් සිදුව තිබේ.

    රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මැරිලා..

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ හඳුනා නොගත් හෝ ලියාපදිංචි නොකළ පෞද්ගලික වෛද්‍ය ආයතනයක් හරහා මෙම උපකරණ ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

    වැදගත්ම හෙළිදරව්ව නම් ඉහත කී රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ද විමර්ශන වල දී අනාවරණය වීමයි.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ කළමනාකරණ සහකාර ඉන්දික නමැත්තා, EVD සහ VP SHUNT වැනි ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය අයිතම සඳහා වන අභ්‍යන්තර ඉල්ලීම් වාර්ෂික සැපයුම් ඇස්තමේන්තු වලින් ප්‍රමාද කිරීම හෝ ඉවත් ‍කිරීමෙන් මෙම නීති විරෝධී ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි.

    මෙම කූඨ ක්‍රියාව රෝගීන්ට වංචා කිරීම පමණක් නොව, රෝහල් ඉන්වෙන්ටරි පද්ධතිය අවදානමට ලක් කිරීමක් වන අතර ශ්‍රී ලංකාවේ දැනටමත් පීඩාවට පත්ව ඇති රාජ්‍ය සෞඛ්‍ය සේවා කෙරෙහි මහජන විශ්වාසය බිඳ දමන්නකි. "

    කෝ @emoji diaries @Bad_horse අදහසක් දාන්නේ නැත්ද මේවාට 🤷🏽‍♂️
    විවාදයක් නෑනේ වැඩේ වැරදියි කියලා. ඔය ලොකු ලොකු surgical specialties සල්ලි හොයන හැටි. නගරෙන් ඈතට ගියාම සමහර surgeon ලා තමන්ට අදාළ නැති ලෙඩ වලට (medical disease like endocrine, psychitric ect) බෙහේත් දෙනවා. හරි නම් අදාල specialist ත refferal දන්නා ඕනේ. මුන් උන්ගේ කාලේ අවුරුදු 10-20 පරණ management plan දාන්නේ. surgical knowledge update වුණත් medical knowledge නම් මෙලෝ හසරක් දන්නේ නෑ. අපි ලෙඩ්ඩු බලනකොට හිනායනවා so called surgeon ලාගේ management වලට. නැත්නම් government hospital වල ඉක්මනට කරලා දෙනවා කියල සල්ලි ගන්නවා. ඒව හදිසි operation කියලා බොරුවට මහ රෑ කරනවා. Complain කළාට වැඩක් නෑ. Director ල බහුතරයක් මුන් protect කරනවා. Emergency කියලා ඔයා වගේ routine case කළාම ඇත්තටම emergency surgery කරන්න පරක්කු වෙනවා. නැත්නම් පහුවදාට කල් දානවා. මමත් වලි දාගෙන තියෙනවා. වැඩක් නෑ. අන්තිමට අපේ වැරැද්ද විදියට personal file එකට letter වැටෙන්නේ, inquiry එකේදි director, consultant ගේ පැත්ත ගන්න නිසා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න රජයෙ විස්ස විජ්ජාල වලින් ආපු දොස්තරලගෙ කෙරුවාව.

    ඕව කරන්න තමයි මුන් ප්‍රයිවට් ඒවයින් ළමයි එනවට කැමති නැත්තෙ
    :angry:
    ආවොත් ඔහොම කරන්නෙ නෑනෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,313
    113
    New Zealand
    eka karanne lens eka aliyen ganna kiyala. Thanath recommend karanawa.
    Mata a dawasewala hithuna aniwa hospital stock ekata owa genna kiyala request karanne nathuwa gemak thama gahanne kiyala.
    හැබැයි මචන් ඕකේ අනිත් පැත්තකුත් තියනවා. රජයෙන් දෙන සමහර දේවල්වල කොලිටීය අඩුයි. හොද ඒවා ඉල්ලුවට එවන්නෙත් නෑ. සීදුව විජයකුමාරතුංග හොස්පිටල් එකේ හෝ වෙනත් රජයේ තැන්වලින් දාන කාච නරක නෑ. ඒත් දාපු අය කියන්නේ ප්‍රයිවට් තැන්වලින් දාන එක තරම් කිලිටියට පෙන්නෙ නෑ කියලා. සීදුවේම රේඩියන්ට් කියලා තැනක් තියනවා. එතනින් දාන අය කාචය ගොඩක් හොදයි, පෙනීම හොදයි කියනවා. @AnuradhaRa ත් දවසක් මේ ගැන ත්‍රෙඩ් එකක කියලා තිබුනා. ඇස්වලට බෙහෙත් කරනවා කියන්නේ සෙල්ලම් නෙමෙයිනේ. මේවගෙ ගොඩක් සංවේදි ඔපරේශන් වගේ දේවල්වලට පිටින් සමහර දේවල් අරගෙන එන්න කියලා කියනවා. මේ දොස්තර හොර වැඩක් කරා වෙන්න පුලුවන්. ඒත් බහුතරය්ක් දොස්තරලා අපේම හොදට සමහර දේවල් පිටින් කරගන්න කියනවා. මෙඩීකල් රිපෝට්වගේ දෙවල් උනත් ආසීරි වගේ එකකින් ගත්තම එන රීඩීන් එක ගොඩක් හරි. හොස්පිටල් එකෙන්ම දෙන ඒවගේ සමහර වෙලාව්ට ප්‍රශ්න තියනවා.

    රජයේන් දෙන මෙටෆෝමින්, පෙෂර් පෙති, ඉන්සියුලින් පාවිච්චි කරාට එච්චර ප්‍රතිඵලදායක නෑ කියලා මම ඕනි තරම් අහලා තියනවා. අපෙත් ක්ලීන් යන නැන්දලා මාමලා ඉන්නවා. හැබැයි මම ඒ බෙහෙතම ප්‍රයිවට් පාමසියකින් ගෙනත් එයාලට දෙනවා. ඒවා බිව්වම ලෙඩේ ඉක්මනින් අඩු වෙනවා.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    608
    1,858
    93
    33
    . මෙඩීකල් රිපෝට්වගේ දෙවල් උනත් ආසීරි වගේ එකකින් ගත්තම එන රීඩීන් එක ගොඩක් හරි. හොස්පිටල් එකෙන්ම දෙන ඒවගේ සමහර වෙලාව්ට ප්‍රශ්න තියනවා.
    ඕක බහුතරයක් MLT රවි කුමුදේෂ් වගේ මැෂින් එකට ලේ එක දාන "විද්‍යාඥයින්" කියාගන්න medical laboratory technician ල කරන මගඩියක්. හවස 2න් පස්සේ කිරණ හැම ටෙස්ට් එකටම ගානක් පඩියට මුන්ත ඇඩ් වෙනවා. එක නිසා උදේ වන රිපෝට් හිතා මතා වැරදි ඒව එවන්නේ 1.00pm වෙනකොට. එතකොට ඒ රිපෝට් ෂුවර් නැති නිසා ආපහු අපි රීපිට් කරනවා. Minor staff උන් කම්මැලි කමට ඔවා ගෙනියන්න පැයක් දෙකක් පරක්කු වෙන නිසා 2න් පස්සේ යන්නේ. උන් එතකොට ගාන කපලා හරි රිපෝට් එක දෙනවා. අනික මුන් ටවුන් එකේ දාලා තියෙන private labs වල සමහර මැෂින් නෑ. තියෙන මැෂින් වල reagent නෑ. හොස්පිටල් එකේ මැෂින් වලින් test report කරලා උන්ගේ private lab එකේ letter head එකේන් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි අරන් එකෙන් කරා වගේ report එක දෙනවා. එතකොට තනි ලාභයක් එන්නේ. Chemical pathologist කේනෙක් ඉදියෝත් ඔයා සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ. එක නිසා කලින් මම ඉදිය එකට chemical pathologist කෙනෙක් එන එකට MLT උන් හෙනට case ඇද්ද. එන්න දුන්නෙම නෑ. ආවොත් හොර වැඩ කර ගන්න බැරි වෙන නිසා.

    රජයේන් දෙන මෙටෆෝමින්, පෙෂර් පෙති, ඉන්සියුලින් පාවිච්චි කරාට එච්චර ප්‍රතිඵලදායක නෑ කියලා මම ඕනි තරම් අහලා තියනවා. අපෙත් ක්ලීන් යන නැන්දලා මාමලා ඉන්නවා. හැබැයි මම ඒ බෙහෙතම ප්‍රයිවට් පාමසියකින් ගෙනත් එයාලට දෙනවා. ඒවා බිව්වම ලෙඩේ ඉක්මනින් අඩු වෙනවා.
    ඕක ඇත්ත. ඒ වුණාට brand name කිව්වම මිනිස්සු හිතන්නේ commission ගන්නවා කියලානේ. එක නිසා මම generic name එක බහුතරේකට කියන්නේ. හැබැයි මම නම් මගේ පවුලේ අය, හොදම යාළුවන්ට නම් ඔහොම කෙහෙල්මල් හිතන්නේ නැති නිසා effective ම බෙහෙත් ලියලා දෙනවා. ආණ්ඩුව බෙහෙත් වල ගණන් අඩු අඩුයි කිව්වට ඉස්සර ඉඳන් එහෙම අඩුවට ගන්න thyroxin පෙති එහෙම පාන්පිටි වගේ කිසිම effect එකක් නෑ. Thyroxin උදාහරණයට ගත්තේ ඒ වගේ බෙහෙත් ගත්තා ගමන් ඇඟේ වෙනස ඇතිවෙනවා ලෙඩාට තේරෙන නිසා. හොඳ brand එකකින් ගත්තාම දෙකේ වෙනස පැයක් දෙකක් යද්දී තේරෙනවා.
    ------ Post added on Jun 18, 2025 at 7:19 PM
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඔන්න රජයෙ විස්ස විජ්ජාල වලින් ආපු දොස්තරලගෙ කෙරුවාව.

    ඕව කරන්න තමයි මුන් ප්‍රයිවට් ඒවයින් ළමයි එනවට කැමති නැත්තෙ
    :angry:
    ආවොත් ඔහොම කරන්නෙ නෑනෙ.
    මේක හරියටම දන්නවද සමහර විට ඉන්දියා හරි බංග්ලාදේශ් හරි වෙන්න පුළුවන් ඉගෙනගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    මේක හරියටම දන්නවද සමහර විට ඉන්දියා හරි බංග්ලාදේශ් හරි වෙන්න පුළුවන් ඉගෙනගෙන තියෙන්නේ.

    මෝඩ සිලි බයි හරක් ටික අවුස්සල ගන්න හැදුවෙ. ඊට පස්සෙ එයිනෙ ඔන්න රජයෙ විස්ස විජ්ජාල වල උගන්නන ඒව කියාගෙන. කෝ තාම නෑනෙ.

    ඔය ගෑනි රජයෙ යුනි එකක නෙවෙයි වෙන රටක යුනි එකක තමයි ඉගෙන ගෙන තියෙන්නෙ. 😀
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,882
    10,392
    113

    Dr. Maheshi attacks another woman at star-hotel​

    Colombo Fort police are investigating an allegation that neurosurgeon Maheshi Wijeratne of Sri Jayewardenepura Hospital has attacked and seriously injured another woman at Hotel Galadari on February 28.
    At a donation to the charity Zonta from Softlogic, the lady doctor had become angry with the other woman by the name Ronda Daly during an argument, broke a glass and attacked her with a piece of it.

    Ronda has had twenty stitches to her wounds on her head and a hand, and is still under medical attention.

    She had participated in the function along with Softlogic official Damith Witharanage, a close friend of former minister Dallas Alahapperuma.

    The argument began when their vehicle was being parked near Dr. Wijeratne’s vehicle at the car park of the hotel.

    Police intimidated
    Fort police have recorded statements from the two women.

    However, a leading UNP figure has ordered police to immediately halt the investigation.

    Dr. Wijeratne gained publicity after she treated MP Duminda Silva, who was injured in a shooting incident.

    https://archive2.srilankamirror.com/news/item/2508-dr-maheshi-attacks-another-woman-at-star-hotel
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,144
    1,689
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මොළය මැරුණ මිනිස්සුන්ටත් operation කරලා සල්ලි ගන්න තරම් අහේනියක් තිබිලද මෙයාට? 🙊