NEW A300-300 FOR SRI LANKAN AIRLINES

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay


    SriLankan Airlines receives first of six new A330-300 on order



    ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නවතම එයාර් බස් ඒ 330 -300 වර්ගයේ ගුවන් යානාව ප්‍රංශයේ ටුලුස් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද පැමිණියේය.
    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් යානා බල ඇණිය ශක්තිමත් කිරීමට පුලුල් බඳ සහිත මෙම වර්ගයේ ගුවන් යානා 7 ක් මෙරටට ගෙන ඒමට නියමිත අතර ඉන් පළමුවැන්න මෙය වෙයි.
    මෙම ගුවන් යානය දිවයිනට පැමිණි මොහොත ඉතා විචිත්‍ර විය. කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා යාත්‍රාංගනය වඩා උඩු ගුවනේ වට දෙකක් කැරකුනු යානය එහි ගොඩ බසින අවස්ථාවේ වතුර බවුසර් දෙකක් දෙපසින් සිට දේදුන්නක් අයුරින් ජල දහරා විද යානය නහවා සම්ප්‍රදායික ලෙස පිළිගනු ලැබීය.
    අනතුරුව ගුවන් යාත්‍රාංගනය තුළට යානය ගෙන එනු ලැබීමෙන් අනතුැරුව මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද ශ්‍රී ලංකා ජාතික ධජය බාර දෙනු ලැබීය.
    මෙම සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රධාන විදායක නිදධාරී කපිල චන්ද්‍රෙස්න, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය යන මහත්වරුන් ඇතුලු උසස් නිලධාරීන්ද, මහා සංඝ රත්නය ඇතුලු සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික නායකයෝද එක් වුහ.
    ද්විත්ව රෝල්ස් රොයිස් ට්රේන්ට් 700 එන්ජිමකින් පන ගැන්වෙන ඒ 330-300 ගුවන් යානා ඉන්දන කාරයක්ෂමතාවයෙන් හා ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුළුල් බඳ සහිත ගුවන් යානයකි.
    මෙහි මැදිරි ඉතා උසස් තත්වයෙන් සුවපහසු ලෙස නිමවා ඇත. ගුවන් මගීන් 297 සඳහා ව්‍යාපාර පන්තියේ ආසන 28 ක් ද, පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් වන ලෙසින් මෙය නිමවා ඇත.
    මෙම ගුවන් යානාව තුළ අති නවීන ‘තැලස් ඇවන්ට්‘ නම් ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හඳුන්වා දී ඇති අතර ගුවන් මැදිරිවල සුව පහසු ආසන පහසුකම් ඇත.
    ලබන දෙසැම්බර් මාසයේ සිට මෙම ගුවන් යානාව ඈත පෙරදිග ගමනාන්ත වන ටෝකියෝ සහ චීනයේ ගුවන්ෂෝ වෙත සතියකට ගුවන් ගමන් 4 ක් සඳහා යොදා ගැනේ.

    Lankadeepa
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    10492132_10152581800104215_6848643208562574230_n.jpg


    1910525_10152581799994215_4847873088482943954_n.jpg


    1383051_10152852389599390_6974283812447558925_n.jpg


    10420289_10152852389834390_2878429130910036166_n.jpg


    1374053_296435683888791_3387368312604935482_n.jpg
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,650
    113
    Nugegoda, Sri Lanka
    Super! Mama danna widiyata ma order karana okkoma A330 -300 extended range model ewa. Central fuel tank ekak thiyenawa inter continental flights walata use karanna puluwan ewa. Wing center eke loku bulge ekak thiyenne eka hinda wenna oni.
     

    Similar threads