NEW KELANI BRIDGE PROJECT

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    කැලණි ගඟට උඩින් නව ගුවන් පාලමක්

    130926090941z_p01-Six-lane.jpg
    130913140954Untitled-1%20copy.jpg



    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටියි.

    පෑලියගොඩ, බේස්ලයින් මාර්ගයේ පවතින දැඩි වාහන හා මගී තදබදයට විසඳුමක් ලෙස සහ කොළඹ අගනගරයට දර්ශනීය පෙනුමක් මෙමඟින් ලැබේ යැයි විශ්වාස කරන බවයි සඳහන් වන්නේ.

    විශාල මුදලක් වැය කොට ඉදිකරන මේ ගුවන් පාලම, ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට යාව ඉදිකැරේ. ‍ඉන් කොළඹ නගරයට කැලණිය හා පෑලියගොඩ හරහා පිවිසීමේදී දැනට පවතින අධික තදබදය දුරුකිරීමට හැකිවෙතැයි මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික හා ශක්‍යතා අධ්‍යයනයන් දැනටමත් සිදුකොට අවසන් කොට ඇත. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක සැලසුම මේ වන විට සකස් කරමින් පවතී. මෙහි ඉදිකිරීම් වසර 2017 ජනවාරි මාසයේ ආරම්භ කිරීමට හැකිවෙතැයි දිසානායක මහතා බලාපොරොත්තු පළකෙළේය.

    මේ ව්‍යාපෘතිය සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය වෙතින් මූල්‍ය පහසුකම් ලබා දී තිබේ. එම මුදල් යොදාගෙන මේ පාලමේ ඉදිකිරීම්වල මූලික කටයුතු සිදුකොට තිබේ.



    business-03rd-Apr-2014.jpg

     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පට්ට ...අනිවාර්යයෙන් වෙන්න ඕන වැඩක් ...පලියගොඩින් උදේ හවස නුවර / මීගමු පැත්තට සහ කොලබ යන උන් තමයි මේකේ දුක දන්නේ ..:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පට්ට ...අනිවාර්යයෙන් වෙන්න ඕන වැඩක් ...පලියගොඩින් උදේ හවස නුවර / මීගමු පැත්තට සහ කොලබ යන උන් තමයි මේකේ දුක දන්නේ ..:(

    හම්මෝ මචන් මන් 5. 30 ට බෞදධාලෝක මාවතෙන් ගමන පටන් ගත්තම පෑලියගොඩට එන්නම පැය එක හමාරක් විතර යන දවසුත් තියෙනවා... බැරිම තැන මන් ඒ පැත්තෙන් පවුල් උනා..:dull:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මේ ව්‍යාපෘතිය සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය වෙතින් මූල්‍ය පහසුකම් ලබා දී තිබේ.

    ඇති යන්තම් මම බය උනා මේකත් චයිනා බඩු දාල කරන project එකක් කියල. :baffled: