NEW LEARNER'S 1K

Maskex

Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    මචන් උබල දන්නවද අලුතින් ඩ්‍රයිවින් ලර්න්ර්ස් 1ක් දාන්නෙ කොහොමඩ කියල?

    machan ubala dhannawadha aluthin drayivin larnrs 1k dhaanne kohomada kiyala?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,326
    113
    bump ... Good Luck .... machan , Government information centre ekata call ekak deela requirements monada kiyala ahapan ... government eka paththen mona hari requirements thiyenawanam un kiyay ... yaluwek ta katha karala ahagaththa wage thamai bun ... un sahenna help karanawa ... poddak 1919 ta katha karala balapan ... un help karai ....
     
    Last edited:

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මම අද විභගේ ලියලා ට්‍රයිල් එකට දවස අරන් ආවා...හිටපන් විස්තරේ කියන්න...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    උබට වාහන හොදට ඩ්‍රයිව් කරන්න පුලුවන්නම් කච්චේරියෙන් කෙලින්ම දාන්න පුළුවන් එතකොට නම් ගොඩක් ගාන අඩුයි... ඩ්‍රයිවින්ග් පුරුදු වෙන්නත් ඕන නම් ලර්නස් එකක් හරහා දාන්න...
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මෙහෙමයි මචන් මම කළේ...

    දැන් මචන් ඕක ගන්න මෙඩිකල් රිපොර්ට් එකක් ඔනේ...ඒකට නිකන් ඩොකෙග්ගේ එකක් දෙන්න බෑ...මම ලර්නස් එකෙන් ගිය නිසා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙ ඩොක්ටර් නෝන කෙනෙක් ඇවිත් වැඩේ කරල දුන්න..


    එහෙන නැත්නම් බන් වේරහැර RMV එකට ගියාම ඒකෙත් තියෙනව වෛද්‍ය මධ්‍යස්ථානයක්...එතන්ට පොඩි ගානක් ගෙවල වැඩේ කරගන්නත් පුලුවන්...


    ඒක තමයි බන් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ...


    ඊට පස්සෙ අපි යන්න ඕනෙ රෙජිස්ටර් වෙන්න... උදේ පන්දරින් වේරහැර RMV එකට ඇවිත් පෝලිමේ ඉස්සරහින්ම හිටියනම් ඉක්මනට වැඩේ කරගෙන එන්න පුලුවන්...


    හරි ඔන්න උදෙන්ම පොලිමට ගියා කියමුකෝ...ඔහොම පෝලිමට වෙලා ඉන්දී උදේ 7 ට විතර ගන්නව කට්ටියව ඇතුලට...

    ගේට් එකේ ඉන්න ගර්ඩ් කෙනෙක් අපිව පෝලිමට එක්ක ගෙන යනව ඇතුලට...එහෙම මගක් එක්ක ගිහින් අර ගර්ඩ් මැන් අපි ඔක්කොටම සුභ උදෑසනක් වේවා කියල පටන් ගෙන එතන වෙන දේවල් ගැන සුපිරි පැහැදිලි කිරීමක් කරනවා...ඒක නම් ඇත්තටම මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි...ඒ ගර්ඩ් මැන් සුපිරි සේවයක් කරන්නේ...

    එයා එතෙන්දි එතන කරල දෙන වැඩයි, ඒ ඒ වැඩේ කරගන්න යන්න ඕන තැනයි, කීයටද ඒ අදාල වැඩේ කරගන්න තැන වැඩ පටන් ගන්නේයි, ඒ ඒ වැඩේ කරගන්න අපි අරන් එන්න ඕන ලියවිලි මොනාදයි, ඒ ඒ වැඩේ කරගන්න කොච්චර ගාස්තුවක් අය කරනවදයි කියල සම්පූර්ණ විස්ථරයක් දෙනවා...වැඩේ තේරුනේ නෑ වගේ නම් අත උස්සල ආයි අහගන්න පුලුවන්...


    අපි ලයිසන් එක ගන්න යනවනම් ඔරිජිනල් උප්පැන්න සහතිකයක්, අර ගත්ත මෙඩිකල් එකයි ජාතික හැදුනුම්පතයි තව ඇප්ලිකේෂන් ගාස්තුවයි ගෙනියන්න ඕනේ...


    මම බයිසිකල් සහ වැන්,කාර්(ලයිට් වෙහිකල්ස්) වලට විතරක් නිසා මට ගාස්තු විදිහට ගෙවන්න වුණේ රුපියල් 2450ක් විතරයි.


    ඔන්න අපි දැන් ඔය ඔක්කොම අරගෙන නම් ඉන්නේ අර ගර්ඩ් මැන් අපිට යන්න කියනව තැනකට...


    ඊට පස්සෙ ඇති දෙයක් නෑ බන්...සාමාන්‍යයෙන් ලයිසන් එකක් ගන්න තෙරෙන එකෙක්ට තේරෙනවා...


    මතක ඇතුව ලස්සනට මූණ හදාගෙන පලයන්..මොකද එතෙන්දි තම ගන්නෙ ෆොටො එක...හැඩ වැඩ වෙන්න වෙලාවක් දෙන්නෙත් නැතුව උන් ෆොටො එක ගහල දානවා..


    අනිත් දේ තමා මෙඩිකල් එකටත් ෆොටො එකක් ඕනේ...
     
    Last edited: