New Toyota Rush 7 Seater

dj_dm

Active member
  • Jun 5, 2006
    163
    87
    28
    ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නව Toyota Rush SUV රථය දැන් ශ‍්‍රී ලංකාවේ

    29c5tl1.jpg


    ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නවතම Toyota Rush SUV රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට, මෙරට ටොයොටා මෝටර් සමාගමේ බලයලත් නියෝජිතයන් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම පසුගියදා කටයුතු කළේ ය. ආසන 7 කින් සමන්විත ීඹඪ රථයක් වන මෙය, ගෙවනා මුදලට ඉහළම සුවපහසුවකින් සහ ආරක්ෂක උපාංගයන්ගෙන් පිරිපුන් මෝටර් රථයක් ලෙස දැනටමත් ඇගයීමට ලක්වී ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂියෝකා මහතා මෙසේ පැවසී ය. ‘‘මේ ආකාරයට තවත් ජාත්‍යන්තර තලයේ මෝටර් රථයක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්. ආසියානු මාවත් සහ දේශගුණ තත්ත්වයන්ට මැනැවින් ඔරොත්තු දෙන ලෙස, බාහිර ශක්තිමත් නිමාව සහ ඇතුළත සුවපහසුව සමගින් නිපදවූ සුවිශේෂී රථයක් ලෙස Toyota Rush SUV රථය හදුන්වා දීමට පුළුවන්. SUV රථ සඳහා ලොව පුරා ඉහළ යමින් පවතින ඉල්ලූම සැලකිල්ලට ගනිමින් මෙම රථය තරගකාරී මිලකට ආසියානු කලාපය තුළ අලෙවි කිරීමට ටොයොටා සමාගම කටයුතු කරමින් සිටිනවා. Toyota Rush SUV රථය රිය පැදවීමේ සතුට සොයන තරුණ තරුණියන්ට මෙන්ම එදිනෙදා ගමන් බිමන් සඳහා විශ්වාසනීය රථයක් සොයනා සැමට පවුලේ වාහනයක් ලෙසත් එකසේම ගැළපෙන රථයක්.”

    ජීවන රටාවන්ගේ හරයන් නිරූපණය කරන සුවිශේෂී නිමාවක් සමගින් පැමිණි Rush රථය මේ වනවිට ඇතුළත සහ පිටත වෙනස්කම් රැුසකට ලක්වී ඇති අතර, මීට පෙර මාදිලියට සාපේක්ෂව නව අංග රාශියක්ද ඊට එක්වී ඇත. සුවපහසුව මෙන්ම ඉහළ ක‍්‍රියාකාරීත්වයක් සහිත මෙම රථය අනෙකුත් රථ සමගින් සසදන විට ඉතාමත් සහනදායී මිලකට අලෙවි කෙරේ.

    ‘‘ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ තුළත් මේ වනවිට සහනදායී මිලකට ලබාගත හැකි, විශ්වාසනීය Rush රථ සඳහා ඇති ඉල්ලූම ඉහළ යමින් පවතිනවා. Toyota Rush SUV රථය යනු එවැනි රථ සොයන පාරිභෝගිකයන්ට ඇති ඉතාම හොඳ විසඳුමක්. විශේෂාංග රැුසකින් සමන්විත රථයක් වන එය ඉහළ ක‍්‍රියාකාරීත්වයකින් යුක්තයි. විශේෂ හඳුන්වාදීමේ මිලකට මේ වනවිට මිලදීගත හැකි මෙම රථයට ටොයොටා සමාගමේ වසර 3 ක හෝ කිලෝමීටර් 100,000 ක සමකළ නොහැකි වගකීම මෙන්ම විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවකුත් හිමිවන බව ටොයොටා ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී මනෝහර අතුකෝරල මහතා පැවසී ය.

    LED ප‍්‍රධාන පහන් සහ පසුපස පහන්, ඉලෙක්ට්‍රොනිකව හැකිළිය හැකි පැති කන්නාඩි, අඟල් 17 ඇලෝයි වීල්, shark-fin ඇන්ටනාව සහ පසුපස ස්පොයිලරයක් ඇතුළු විශේෂාංග රාශියක් 2018 Toyota Rush SUV රථයට ඇතුළත් වී තිබේ. එහි ඇතුළත ඉතාමත් අලංකාරව නිමවා ඇති අතර මනාව ස්ථානගත කර ඇති සුක්කානම මත යොදා ඇති බොත්තම් මගින් රථයේ ෂබදෙඒසබපැබඑ පද්ධතිය පාලනය කළ හැක. තවද එහි කප්-හෝල්ඩර් 13 ක් යොදා ඇති නිසා පවුලේ සියලූ දෙනා සමග විනෝද ගමන් යාමේදීද විශාල පහසුවක් වනු නොඅනුමාන ය.

    එහි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ආසන 7 යොදා ඇති ආකාරයයි. මේවා අවශ්‍ය පරිදි හැකිළිය හැකි ලෙස සකස් කර ඇති අතර, අතිරේක භාණ්ඩබාහිරාදිය ගෙනයාමට අවශ්‍ය වන අවස්ථාවකදී ආසන හකුලා ගැනීමට වුවද හැකියාව පවතී.

    1.5l Dual VVTI එන්ජිමක් සහිත rear wheel drive රථයක් වන මෙහි Vehicle Stability Control, Hill Start Assist, Traction Control, Electronic Brake Distribution වැනි විශේෂාංග රාශියක් ඇති නිසා එය ඕනෑම මගකට සුදුසු රථයක් බවට පත්වී ඇත. එහි පොළොවේ සිට උස මිලිමීටර 220 ක් වන අතර මිලිමීටර් 600 ක් දක්වා වන ජල මට්ටමක ගමන් කිරීමේ හැකියාව පවතී. ASEAN NCAP පරීක්ෂණයේදී 5 star Rating හිමිවීම මගින් මෙම රථයේ ආරක්ෂාකාරීබව මොනවට පසක් කර දෙයි.

    විශේෂ හඳුන්වා දීමේ මිලක් ලෙස රු. 7,995,000/- කට නව Toyota Rush SUV රථය මිලදීගත හැකි වේ. වත්තල, රත්මලාන, මහරගම, කුරුණෑගල, මීගමුව, මාතර සහ මහනුවර පිහිටි ටොයොටා ලංකා ප‍්‍රදර්ශනාගාර වලදී මෙම රථය දැන් ඇණවුම් කළ හැක.

    වැඩිදුර විස්තර සඳහා 0112-939000 අමතන්න.

    Source: http://biz.adaderana.lk/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%ae%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3%e0%b6%b4%e0%b7%9c%e0%b7%85-%e0%b6%9a/

    http://www.toyota.lk/vehicle/sports-utility-vehicle/rush/

    2vxm6b5.jpg


    xp3giw.jpg


    2dtavrn.jpg


    fcp8q8.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    3.jpg





    මේ වාහනේ හැටියට රෝද ගොඩක් පොඩියට පෙන්නේ , මට නම් ඒ පෙනුම තමයි ලොකුම අවුල
    :confused::confused::confused:


    .
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    meka Philippine


    Toyota Rush 2019 Specifications
    Country of Origin Indonesia
    Class Compact SUV
    Body Styles 5-door wagon
    Weight (kg) 1190

    Engine 1.5 I4 RWD
    Gearbox 4A
    Power (hp) 103
    Torque (Nm) 135
    Fuel Econ (L/100km) 7.7
    Fuel Econ (km/L) 13
    0-100 kph (sec) 14
    Top speed (kph) 180
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mamam oya Rush eka balanna giya. wattala toyota Lanka. mama Rush old vers ekak use karanne. oya wahane enne indonisia kiwwa test drive ekak kala wahane kisima awulak danune nam naha. habai bara na kiyala drive karanakotama therenawa. options hodai comfortable - mata laksha 85 kiwwa tentative price eka. drive kalata passe interest ekak nathi una. indonisia kiwwa nisa