New Vehicle Prices ?

monson

Well-known member
  • May 7, 2007
    24,871
    26,901
    113
    2dhg1oi.jpg


    Source: http://www.asianmirror.lk/news/item/6777-how-interim-budget-affects-vehicle-prices
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,871
    26,901
    113
    අළුත් අයවැයේ Hybrid දුක අරන් කණ්ඩායමක් මුදල් ඇමති හමුවට

    නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් දෙමුහුන් වාහන සඳහා (Hybrid) කර තිබෙන බදු යෝජනා වෙනස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට වාහන ආනයනකරුවන් සූදානම් වේ.

    වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ දෙමුහුන් වාහන (Hybrid) ගෙන්වීමේදී මෙතෙක් රේගුවේදී බදු අය කළත් බදු අය කිරීම මෙවර විකුණුම් ඉන්වොයිසියට (Invoice) අනුව සිදුකිරීමට කර තිබෙන යෝජනාව පැටලිලි සහිත එකක් බවයි.

    “මේ නිසා, මිල ගණන්වල විෂමතාවයක් ඇති වෙන්න පුළුවන්. එක එක වෙළෙන්දන් තම විකුණුම් ඉන්වොයිසිය (Invoice) වෙනස් කරමින් විවිධ මිල ගණන් අයකර ගැනීමේ අවධානමක් මේ නිසා තිබෙනවා. අපි මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම්.“

    “මීට අමතරව, දෙමුහුන් වාහන (Hybrid) සඳහා ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම නිසා එම වාහන වලට සියයට දහයක බද්දක් පැනවීම වැනි දෙයක් සිදුවී තිබෙනවා. මේ නිසා, ඉදිරියේදී දෙමුහුන් වාහන (Hybrid) මිල ඉහළ යනවා. මේ පිළිබඳවත් අපි මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමටයි අදහස් කර තිබෙන්නේ.“

    මේ අතර, ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා අප සමග පැවසුවේ පසුගිය රජය විසින් දෙමුහුන් වාහන (Hybrid) සඳහා බදු අඩුකළේ පරිසර හිතකාමී බව සැලකිල්ලට ගෙන බවත් පරිසර හිතකාමී වාහන සඳහා බදු වැඩිකිරීම එතරම් හොඳ දෙයක් නොවන බවයි.

    මෙවර අයවැය යෝජනාවල අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට රජය පසුබට නොවන බව ලංකා වාණිජ මණ්ඩලය විසින් ඊයේ සංවිධානය කළ පසු අයවැය සංවාදයේදී රජයේ නියෝජිතයින් සඳහන් කළේය.


    - adaderana
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලක්ශ 15ක් ගෙවන්නේ නැතුව පුද්ගලිකව ආනයනය කරන්න හදාගන්න පුලුවන්වෙයිද බන්?
    එහෙම වුනොත් තව කීයක් හරි වාහන අඩුවට ගත්තැකි.
    ආයතන එක්ක තරගයක් දුන්නැකි. නැත්තම් උන් කියන ගානටම ගන්න වෙනවා. :sorry: