News Alert [පිල්මාරුවක්]

komarks

Member
Dec 28, 2014
61
11
0
ekath ekkama mekath thibuna: http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150101_ranil_maithripala_army

“ආරක්ෂක අංශවලින් අපට තොරතුරු ලැබෙනවා. ඔවුන් සහ අප අතර හොඳ සම්බන්ධයක් තියෙනව. යුද හමුදා නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියේ දී බාධා සිදු කිරීම් සඳහා යොදවා ගැනීමේ සැලැස්මක් තිබෙනවා. ඔවුන් ලවා උතුරු නැගෙනහිර පලාත්වල මෙන්ම තවත් පළාත්වල ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීම වැළැක්වීමේ උත්සාහයක් තිබෙනවා,” ඔහු පැවසුවේය.


තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙම ක්‍රියාවලියට විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා ගෙන ඇති බවයි.


“මේක කරන්න යන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. ඔවුන් දැනට සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සමඟ සම්බන්ධව තමයි මේ කාර්ය කරන්න යන්නේ. පුහුණු වැඩ සටහන්ද සිදු කරලා තියෙනව”


යුද හමුදාව මැතිවරණ ක්‍රියාවලියේ යොදවා ගැනීමේ වැඩ පිළිවෙළට අදාළ ලේඛන තුනකින් පළමුවැන්න තමන්ට යුද හමුදාව තුලින්ම ලැබී ඇති බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ආරංචියක් තියෙනවා අරුන් හොර චන්ද පෙට්ටි වගයක් ලෑස්ති කරනවා කියලා..STF එකේ එක්කෙනෙක් තමා කිව්වේ..