මචන්ලා උදව්වක්. මගේ Office එකේ වැඩ කරන අල්ලපු රටේ කෙනෙක් ගාව Nikon D90 කැමරා එකක් තියෙනවා. ඒක ඇරගෙන අව්රුදු එකහාමාරක් දෙකක් විතර ඇතිලු. ඉතින් එයා ඒක විකුනන්න යනවා. ඇරන් තියෙන්නේ ඩිරාම් 4000කට (164000.00) වගේ. දැන් විකුනන්න යන්නේ 1500කට. ඒ කියන්නේ 61000.00කට වගේ. මම DSLR කැමරා ගැන නම් දන්නේ නෑ මචන්. ඒත් මට හිතුනා මේක ගන්න. පාවිච්චි කරපු මේ වගේ කැමරාවක් ගන්න එක හොදද. මේ කෙනා දෙතුන් පාරකට වඩා කැමරා එක පාවිච්චි කරලා නෑ. කැමරා එක උපරිම සුපිරි මට්ටමේ තියෙනවා. මොකද මචන්ලා කරන්නේ.. ගන්නද එපාද? මේ ගානට මේ කැමරා එක වටිනවාද? හැබැයි ඩිරාම් 1500කට (61000.00) නිකෝන් D3300 එකක් අලුතෙන්ම ගන්න පුළුවන්. අල්ලපු රටේ වෙන කෙනෙක් මට කිව්වා D3300 එකට වඩා D90 කැමරා එක සුපිරි කියලා. ඒක ඇත්තද? 

