හුස්ම ගනන් කරන එක නම් මටත් හරියනව ගොඩක් වෙලාවටඒ කාලේ හවස වගේ කලින් පොඩි නැප් එකක් හරි දාලා නම් එහෙම, රෑට දන්න ශිල්ප ඔක්කොම දාන්න වෙනවා නින්ද යන්න නම්..
කකුල් වනනවා
හුස්ම ගණන් කරනවා
ඉලක්කම් ගණන් කරනවා අග ඉදන් සහ මුල ඉදන් එකට පටලෝලා (1 100 2 99 3 98..)
ඇඟිල්ලෙන් තට්ටු දදා ඉන්නවා නින්ද යනකන්
දැන් නම් පොඩි උන් එක්ක ඔට්ටු වෙලා මහන්සියටම ඇඳට වැටුනු ගමන් නිදි..
ඉස්සර එක පාරක් මම පරීක්ෂණයක් කරන්න ගියා අපි සිහියෙන් ඉන්න එකයි නින්ද යන එකයි වෙන් වෙන තැන මොකක්ද කියලා බලන්න කියලා.අන්තිමේ නින්ද යනකොට පාන්දර 4ත් පහු වෙලා තෙහෙට්ටුවටම නින්ද ගියා![]()


