හැම එකක්ම දෙන්න ඉතින් අමාරුයි නේද .. අනික laptop offer එක එහෙම campus එකෙන් කෙරෙන දෙයක් නෙමේනේ .. එකට company එක කැමති වෙන්නත් ඕනෙනේ .. ඕක විතරක් නෙමේනේ තව course ගොඩක් තියනවනේ campus වල .. එතකොට ඒවටත් දෙන්න වෙන හින්ද company වලින් කැමති නැතුව ඇති ..
අනික දැන් තියන එක නං campus එකේ ඉන්න අවරුදු ගාන ඇතුලත ගෙවන්න හැදෙන්නේ මන් හිතන්නේ .. BIT එකේ ඉතින් 3 නටම එක පාර register වෙන්නේ නැති හින්ද එහෙම කරන්නත් බැනේ ..
සැහෙන ගානක් මුලදී register උනාට .. ඉවර කරන්නේ සුළු ගානක්නේ ..
ලැප් එකත් අරන් මගදී අයින් උනාම වැඩේ තේරුමක් නැති වෙනවනේ ..
අනික බන් ඉතින් ඇත්තටම ඉගෙන ගන්න උවමන්වක් තියන එකෙක්ට නං .. ඔය ලොකු ලොකු ram තියන i5 i7 laptop ඕනේ නැනේ බන් .. p4 එකක් උනත් ඇතිනේ ඉගෙන ගන්න වැඩ ටික කරගන්න ..
මෙතන නම් පොඩ්ඩක් හදන්න ඕනේ මචන් කියපු එක

ලැප්ටොප් ඔෆර් එක දෙන්නේ කම්පැනි එකෙන් තමයි..හැබැයි ලෝන් එක දෙන්නේ බැංකුවෙන්..එතකොට ලෝන් එක අපිට පොලිය රහිතව දෙන්නේ..මේ ගනුදෙනවා සම්පූර්ණයෙන් තියෙන්නේ බැංකුවත් එක්ක..ඒකට කැම්පස් එකවත් vendorගෙවත් සම්බන්දයක් නැහැ..
කැම්පස් ID (internal) එකක් තියෙනවා නම් කෙලින්ම cash ගෙවල Metropolitan එකෙන් එහෙම ලැප්ටොප් එක ගන්න පුළුවන් මම දන්නා විදියට (ලෝන් එක හරහාම යන්න ඕනේ නැහැ)
ඒ වගේම රජයේ කැම්පස් (internal) යන කෙනෙක්ට 2nd Year/3rd Year/4th Year ඕනේ කෙනෙක්ට මේ ලෝන් එක ගන්න පුළුවන්..ඒ නිසා ගන්න කාලය ප්‍රශ්නයක් නැහැ..
ටිකක් ලොකු IDE run කරන්න නම් RAM එක එහෙම අවශ්‍ය වෙනවා නේද
-------------------------------------------------------------------
තව මේ ත්‍රෙඩ් ඒකට අදාලව කියන්න ඕනේ මචන්...මෙහෙමයි හැමදෙයක්ම සර්ව සම්පූර්ණ නැහැ..කොතනත් අඩුපාඩු තියෙනවා..මගේ අදහස නම් මේ වගේ ඩිග්රි එකක් මෙච්චර අඩුවට කරන්නම දෙන එකත් ලොකු දෙයක් කියල මචන් වෙන පහසුකම් නොදුන්නත්..දෙන්නෙත් එසේ මේසේ තැනකින් නෙමෙයිනේ, ලංකාවේ reputed තැනකින් නේ..ඒ වගේම Exam ඒකට අවශ්‍ය content එකත් ඔක්කොම දෙනවා, ඉතින් ඕවා හරියට refer කරනවා නම් past papers කරනවා නම් ක්ලාස් යන්න ඕනෙත් නැහැ කියලයි මම නම් කියන්නේ..Past Papers කරන එක තමයි ප්‍රධානම දෙය..ඉතින් බන් මෙච්චර අඩුවට ඩිග්රි එකේ exam ටිකත් conduct කරලා Notes නුත් හම්බෙලා තව තව දේවල් බලාපොරොත්තු වෙන එක එච්චරම සාධාරණ නැහැ කියල තමයි මට හිතෙන්නේ..අනේ මන්ද..
ලැප්ටොප් ලෝන් දුන්න නම් හොඳයි තමයි...දෙන්නේ නැත්තන් ඉතින් කරන්න දෙයකුත් නැහැ..ලෝන් එක දෙන්නේ Internal State University Undergraduates ලට විතරයිනේ.. ඉතින් NSBM/SLIIT/IESL වගේ තැන්වල ළමයින්ටත් ඕව ලැබෙන්නේ නැහැ...
