Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
NO DRUGS!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු ඇවිදින මළමිනි කරවන ‘සොම්බි ඩ්‍රග්ස්’ ලංකාවට පැමිණ ඇති බවත් ඒවා හෙරොයින් මෙන් 50 ගුණයක් භයානක බවත් වෛද්‍ය වෛද්‍ය විරාජ් පෙරේරා මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්.

‘සොම්බි ඩ්‍රග්ස්’ යනු සතුන් නිර්වින්දනය කරන්න පාවිච්චි කරන බෙහෙතක් බවත් ඒ මහතා සදහන් කරයි.

මෑතකදී සමාජ ජාලාවල හුවමාරු වූ වීඩියෝවෙන් දැක්වුනේ එක්කෙනෙක් විතරක් වුවත් සමාජයේ කොතරම් පැතිරිලා ද කියලා කවුරුත් දන්නෙ නැතැයිද ඔහු කියා සිටියා.

රට පාලනය අය නීතිය රකින අය මත්ද්‍රව්‍ය වලින් වාසි ලබන නිසා මත්ද්‍රව්‍ය වලට නිසි විසඳුමක් ගෙන්න උනන්දුවක් නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

[CODE]https://sinhala.asianmirror.lk/news/local/girl-8/[/CODE]

පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරමද අදක ඊයෙක පටන්ගත් දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම රටක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක වන්නේ තරුණයන් මෙන්ම ඇබ්බැහියට යොදාගත හැකි සමාජ ස්ථරයන් ඉලක්ක කරගෙනය. මිතුරු කණ්ඩායම් බොහෝමයක් සමඟ සබඳතා පවත්වන සිසුවෝ මේ සඳහා යොදාගැනීම පහසුය.

මේ ජාවාරම්කරුවන්ට එම කණ්ඩායම් අතරින් ‘ඇමට” යොදාගත හැකි එකෙකු දෙන්නෙකු සොයා ගැනීම එතරම් අමාරු කාරණයක් නොවේ. පාසලේ කැන්ටිමේ “අක්කාට” “නැන්දාට” එවැනි ඇමක් හඳුනාගැනීමේ අමුතු “ඉවක්” තිබේ. නැතිනම් මත්ද්‍රව්‍ය තොග පිටින් පාසල් කැන්ටිමට පැමිණෙන්නේ නැත. පාසල අසල වෙළෙඳසල් මත්ද්‍රව්‍ය ලොසින්ජර විකිණෙන්නේද මුදලාලිගේ “ඉව” නිසාය. පානදුරයේ පාසලක් අසල ලොසින්ජර විකිණූ “මුදලාලියා’ අත්අඩංගුවට පත්වන්නේ මුදලාලිට වඩා වැඩි ඉවක් මවුපියන්ට තිබූ නිසාය. මේ “ඉව” හැම වැඩිහිටියෙක්ම වර්ධනය කරගත යුතු එකක් බව කිව යුතුය.

තම දරුවාගේ පමණක් නොව අවට සමාජයේ පවා ඉතා සුළු වෙනස්වීමක් පවා ග්‍රහණය කරගැනීමට තරම් එම ඉව ප්‍රබල විය යුතුය.

● මත්ද්‍රව්‍ය හා අපරාධ

මත්ද්‍රව්‍ය භාවිතය සමාජ හා සෞඛ්‍ය ගැටලු ඇති කරවන සමාජ ප්රපංචයක් වන අතර කාලීනව වාර්තා වන සුළු හා මහා පරිමාණ අපරාධ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කරුණක් නම් මත්ද්‍රව්‍ය භාවිතය හා අපරාධ අතර යම් අන්තර් සම්බන්ධතාවයක් හඳුනාගත හැකි බවයි. කොළඹ අපරාධ කොට්ඨාශයේ අපරාධ පිළිබඳ වාර්ෂික දත්ත වලට අනුව 2020 වර්ෂය තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ සුළු හා මහා පරිමාණ අපරාධ සිද්ධීන් 281 ක් වාර්තා වී ඇත. අපරාධ ක්‍රියාවන්ට යොමුවී ඇති මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ගෙන් බහුතරයක් නිවාස බිදීම, මංකොල්ල කෑම, රුපියල් 25,000 ට වැඩි දේපළ සොරකම වැනි අපරාධ ක්‍රියාවලට යොමුවී ඇත.

මත්ද්‍රව්‍ය දුර්භාවිතය ආශ්රිත වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් පිළිබද පසුගිය වසර 04 කට අදාළ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී හෙරොයින්, ගංජා සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට පත්වීම් ක්‍රමානුකූලව වැඩිවී තිබෙන බව පැහැදිලිය. එමෙන්ම මෙතම්පිටමින් (ICE) සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 2017 වර්ෂයේ සිට ක්‍රමිකව වර්ධනය වී තිබෙන බව පැහැදිලිය.

ලෝකය පුරාම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන්ට එය භාවිත කරන පුද්ගලයා පිළිබඳව වෙනසක් නැත. ඒ හැම ජාවාරම්කරුවකුටම මත්ද්‍රව්‍ය භාවිත කරන්නා තවත් එක් පාරිභෝගිකයෙක් පමණි. තරුණයන් හා දරුවන් ඊට යොමුකර ගැනීමට ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇත්තේ ඉතා ඉක්මනින් ඊට ඇබ්බැහි කර ගැනීමට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යයක් භාවිත කරන්නෙකු එය දිගින් දිගටම භාවිත කරන්නට හේතුවන මූලධර්ම තුනක් තිබේ. ඒ පාරිසරික සාධක, පුද්ගලයෙකු සතු ජීව විද්‍යාත්මක සාධක සහ මත්ද්‍රව්‍ය තුළ සතුවන රසායනික සාධකයන්ය.

පාරිසරික සාධක වශයෙන් ගැනෙන්නේ දරුවෙකුගේ පවුල, පාසල, යහළුවන්, සූක්ෂම පරිසර සාධක, මාධ්‍ය සංස්කෘතිය ඇතුළු ආර්ථික දේශපාලන කාරණා දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය අත්හදා බැලූ අයෙක් එය දිගින් දිගටම සිදුකරගෙන යාම හෝ නතර කර දැමීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ පුද්ගලයා සතු ජීව විද්‍යාත්මක සාධකයයි.

එය කායික හා මානසික යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහියක් දක්වා දුරදිග යෑමට හේතුවන්නේ අදාළ මත්ද්‍රව්‍යයේ සතු රසායනික ගුණය, එය ගන්නා පරිමාව, ශරීරගත කරගන්නා ආකාරය වැනි සාධකය.

දරුවෙකු මත්ද්‍රව්‍ය වලට නතු කරගැනීමේදී වඩා වැදගත් වන්නේ පාරිසරික සාධක බවට සැකයක් නැත. එහිදී වඩා වැදගත් වන්නේ ඊට මුල්වන කරුණු කාරණා ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමය. වැඩිහිටියන්ගේ “ඉව” වඩා වැදගත් කාරණයක් වන්නේ ඒ නිසාය.

● මොනවද මේ අයිස් සහ මත්පෙති

බොහෝ ප්රවෘත්ති වාර්තාවල නිතර සඳහන් වන්නේ “අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්පෙති අසවල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.” යනුවෙනි.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය හැඳින්වීමේදී අප පුරුදුවී සිටින්නේ “ඩ්‍රග්ස් ගන්නවා” “ඩ්‍රග්ස් අහුවෙලා” යනුවෙන් සඳහන් කරන්නටය. Drugs යනු ඖෂධයි. වෛද්‍ය විද්‍යාවේදී ඖෂධයක් ලෙස හඳුන්වන්නේ රෝගයක් වැළැක්වීමට හෝ සුවකිරීමට බලයක් ඇති දෙයක් ලෙසය. ඖෂධවේදයේ එය හඳුන්වන්නේ ශරීරයේ පටකය හෝ ඉන්ද්‍රියක ජෛව රසායනික හෝ කායික හෝ භෞතිකව වෙනසක් ඇතිකරන රසායනිකයක් ලෙසය. ඖෂධ කොටස් තුනකට බෙදා වෙන්කෙරේ. ඒ,

Over the Counter drugs

Prescribed drugs

Dangerous drugs ලෙසය.

පැරසිටමෝල් වර්ග විටමින් වර්ග සුළු වේදනා නාශක වැනි බෙහෙත් ආදිය අයත්වන්නේ Over the Counter drugs ගණයටය. වෛද්‍ය නිර්දේශ මත පමණක් තුණ්ඩු වලට නිකුත්කරන බෙහෙත්, එනම් හතියට, කැස්සට, රුධිර පීඩනයට, දියවැඩියාවට, උපත් පාලනයට දෙනු ලබන බෙහෙත් වර්ග අයත්වන්නේ Prescribed drugs ගණයටයි.

අනතුරුදායක නැතිනම් භයානක ඖෂධ ලෙස හැඳින්වෙන්නේ අනවශ්‍ය ලෙස ශරීරගත වීමකදී අනතුරුදායක වන, නෛතික අවසර මත පමණක් ළඟ තබාගත හැකි ඇබ්බැහිවන සුළු බලපත්‍ර අවශ්‍ය කරන, ඖෂධ වර්ගයි. අධිබල වේදනා නාශක මේ ඖෂධ කාණ්ඩයට අයත් වෙයි.

බොහෝවිට මේ අල්ලාගත් යැයි කියන මත් පෙති අතර මෙකී ගණයේ ඖෂධ වර්ගද තිබිය හැකිය. අධි මාත්‍රාවකින් ගත්විට මනසේ වෙනසක් ඇතිකරන මොලයට හා ස්නායු පද්ධතියට හානිකරන තත්ත්වයක් ඉන් උදා වේ.

“අයිස්” යනු ඖෂධයක් නොව මත්ද්‍රව්‍යයකි. මත්ද්‍රව්‍යයක් යනු සිරුරේ ප්‍රධාන ස්නායු පද්ධතියට බලපාන එහි වෙනස්කම් ඇති කරන මිනිසාගේ හැසිරීම් රටාව වෙනස් කරන ඔහු වටා ඇති පරිසරයට බලපාන මාරාන්තික සංඝටකයකි. මේ වනවිට හෙරොයින් මත්ද්‍රව්‍යවලටත් වඩා සීඝ්රයෙන් පැතිර යන “අයිස්” යනු ක්‍රිස්ටල් මෙත්” හෙවත් මෙතැම්පටමින් යන රසායනිකයි. අයිස් කැබිලිති, සූකිරී හෝ විශාල සීනි කැට වශයෙන් මේවා දක්නට ලැබේ. විවිධ රසායනයන් මිශ්‍රකර රසායනාගාර තුළ නිපදවා මේවා වෙළෙඳපොළට නිකුත් කරන්නේය.

අයිස් (මෙත්ආම්පිටමින්) දිගින් දිගටම භාවිත කිරීමෙන් හෝ එකවර අධි මාත්‍රාවක් භාවිත කිරීම මරණයට පවා හේතුවිය හැකිය. ඇබ්බැහි වූ පසු ඉතා කෙටි කාලයක් තුළ හෘද රෝග, පෙනහලු රෝග, මානසික රෝග වැනි මරණීය ආබාධ මතුවෙයි. අයිස් වලට ඇබ්බැහිවූ පුද්ගලයෝ ඉතාම ඉක්මනින් විකෘති පෙනුමකට හිමිකම් කියන්නෝය. නිතර ඇතිවන විජලනය නිසා මුහුණෙහි, ගෙලෙහි පිටෙහි හම ඉරිතලා යාම, මස්වැදිලි පදාස වශයෙන් ගැලවීයෑම සිදුවන්නේය. මස් දියවී, බර අඩුවී, කෘෂ තත්ත්වයට ශරීරය පත්වන්නේ ඉතාම කෙටි කාලයකදීය.

හරියටම කිවහොත් අයිස් භාවිතයට ඇබ්බැහි වූවෙකු ජීවත්වන්නේ පිල්ලියක් (Zombie) ලෙසය. ලෝකය පුරාම පැතිර ඇති අයිස්, ක්රොකෝඩයිල් ඩ්‍රග් (Krokodil drug) රෂියන් බ්ලැක් මැජික් (Russian Black magic drug) බාත් සෝල්ට් (bath Salts) වැනි මත්ද්‍රව්‍ය පොදුවේ හඳුන්වන්නේ සොම්බි ඩ්‍රග් (Zombie drug) ලෙසය.

දිවයින පුවත්පත අයිස් (ice) නමැති මත්ද්‍රව්‍යයක් ලංකාවට පැමිණ ඇති බවත් ඒ වනවිට එය රටේ එතරම් පැතිර නැති බවත් කීවේ බොහෝ කලකට පෙරාතුවය. ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් අපි අවධාරණය කළෙමු. අයිස් මත්ද්‍රව්‍යද ඇතුළුව “සොම්බි” කාණ්ඩයේ මත්ද්‍රව්‍ය නිසා ශ්‍රී ලංකාව “පිල්ලි” ජීවත්වන රටක් වන හැටි ඡායාරූප* බලා තීරණය කරන්න.

- උදේශ සංජීව ගමගේ -

[CODE]https://divaina.lk/ඇවිදින-පිල්ලි-රටට-බෝ-කරන-ස/[/CODE]

* සංවේදී අය ඡායාරූප බලන්න link එකට යන්න එපා!

[QUOTE="S.E.R.E.N.A, post: 29258149, member: 567838"] මිනිස්සු ඇවිදින මළමිනි කරවන ‘සොම්බි ඩ්‍රග්ස්’ ලංකාවට පැමිණ ඇති බවත් ඒවා හෙරොයින් මෙන් 50 ගුණයක් භයානක බවත් වෛද්‍ය වෛද්‍ය විරාජ් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්. ‘සොම්බි ඩ්‍රග්ස්’ යනු සතුන් නිර්වින්දනය කරන්න පාවිච්චි කරන බෙහෙතක් බවත් ඒ මහතා සදහන් කරයි. මෑතකදී සමාජ ජාලාවල හුවමාරු වූ වීඩියෝවෙන් දැක්වුනේ එක්කෙනෙක් විතරක් වුවත් සමාජයේ කොතරම් පැතිරිලා ද කියලා කවුරුත් දන්නෙ නැතැයිද ඔහු කියා සිටියා. රට පාලනය අය නීතිය රකින අය මත්ද්‍රව්‍ය වලින් වාසි ලබන නිසා මත්ද්‍රව්‍ය වලට නිසි විසඳුමක් ගෙන්න උනන්දුවක් නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියා. [CODE]https://sinhala.asianmirror.lk/news/local/girl-8/[/CODE] පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරමද අදක ඊයෙක පටන්ගත් දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම රටක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක වන්නේ තරුණයන් මෙන්ම ඇබ්බැහියට යොදාගත හැකි සමාජ ස්ථරයන් ඉලක්ක කරගෙනය. මිතුරු කණ්ඩායම් බොහෝමයක් සමඟ සබඳතා පවත්වන සිසුවෝ මේ සඳහා යොදාගැනීම පහසුය. මේ ජාවාරම්කරුවන්ට එම කණ්ඩායම් අතරින් ‘ඇමට” යොදාගත හැකි එකෙකු දෙන්නෙකු සොයා ගැනීම එතරම් අමාරු කාරණයක් නොවේ. පාසලේ කැන්ටිමේ “අක්කාට” “නැන්දාට” එවැනි ඇමක් හඳුනාගැනීමේ අමුතු “ඉවක්” තිබේ. නැතිනම් මත්ද්‍රව්‍ය තොග පිටින් පාසල් කැන්ටිමට පැමිණෙන්නේ නැත. පාසල අසල වෙළෙඳසල් මත්ද්‍රව්‍ය ලොසින්ජර විකිණෙන්නේද මුදලාලිගේ “ඉව” නිසාය. පානදුරයේ පාසලක් අසල ලොසින්ජර විකිණූ “මුදලාලියා’ අත්අඩංගුවට පත්වන්නේ මුදලාලිට වඩා වැඩි ඉවක් මවුපියන්ට තිබූ නිසාය. මේ “ඉව” හැම වැඩිහිටියෙක්ම වර්ධනය කරගත යුතු එකක් බව කිව යුතුය. තම දරුවාගේ පමණක් නොව අවට සමාජයේ පවා ඉතා සුළු වෙනස්වීමක් පවා ග්‍රහණය කරගැනීමට තරම් එම ඉව ප්‍රබල විය යුතුය. [B][SIZE=7]● මත්ද්‍රව්‍ය හා අපරාධ[/SIZE][/B] මත්ද්‍රව්‍ය භාවිතය සමාජ හා සෞඛ්‍ය ගැටලු ඇති කරවන සමාජ ප්රපංචයක් වන අතර කාලීනව වාර්තා වන සුළු හා මහා පරිමාණ අපරාධ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කරුණක් නම් මත්ද්‍රව්‍ය භාවිතය හා අපරාධ අතර යම් අන්තර් සම්බන්ධතාවයක් හඳුනාගත හැකි බවයි. කොළඹ අපරාධ කොට්ඨාශයේ අපරාධ පිළිබඳ වාර්ෂික දත්ත වලට අනුව 2020 වර්ෂය තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ සුළු හා මහා පරිමාණ අපරාධ සිද්ධීන් 281 ක් වාර්තා වී ඇත. අපරාධ ක්‍රියාවන්ට යොමුවී ඇති මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ගෙන් බහුතරයක් නිවාස බිදීම, මංකොල්ල කෑම, රුපියල් 25,000 ට වැඩි දේපළ සොරකම වැනි අපරාධ ක්‍රියාවලට යොමුවී ඇත. මත්ද්‍රව්‍ය දුර්භාවිතය ආශ්රිත වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් පිළිබද පසුගිය වසර 04 කට අදාළ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී හෙරොයින්, ගංජා සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට පත්වීම් ක්‍රමානුකූලව වැඩිවී තිබෙන බව පැහැදිලිය. එමෙන්ම මෙතම්පිටමින් (ICE) සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 2017 වර්ෂයේ සිට ක්‍රමිකව වර්ධනය වී තිබෙන බව පැහැදිලිය. ලෝකය පුරාම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන්ට එය භාවිත කරන පුද්ගලයා පිළිබඳව වෙනසක් නැත. ඒ හැම ජාවාරම්කරුවකුටම මත්ද්‍රව්‍ය භාවිත කරන්නා තවත් එක් පාරිභෝගිකයෙක් පමණි. තරුණයන් හා දරුවන් ඊට යොමුකර ගැනීමට ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇත්තේ ඉතා ඉක්මනින් ඊට ඇබ්බැහි කර ගැනීමට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යයක් භාවිත කරන්නෙකු එය දිගින් දිගටම භාවිත කරන්නට හේතුවන මූලධර්ම තුනක් තිබේ. ඒ පාරිසරික සාධක, පුද්ගලයෙකු සතු ජීව විද්‍යාත්මක සාධක සහ මත්ද්‍රව්‍ය තුළ සතුවන රසායනික සාධකයන්ය. පාරිසරික සාධක වශයෙන් ගැනෙන්නේ දරුවෙකුගේ පවුල, පාසල, යහළුවන්, සූක්ෂම පරිසර සාධක, මාධ්‍ය සංස්කෘතිය ඇතුළු ආර්ථික දේශපාලන කාරණා දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය අත්හදා බැලූ අයෙක් එය දිගින් දිගටම සිදුකරගෙන යාම හෝ නතර කර දැමීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ පුද්ගලයා සතු ජීව විද්‍යාත්මක සාධකයයි. එය කායික හා මානසික යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහියක් දක්වා දුරදිග යෑමට හේතුවන්නේ අදාළ මත්ද්‍රව්‍යයේ සතු රසායනික ගුණය, එය ගන්නා පරිමාව, ශරීරගත කරගන්නා ආකාරය වැනි සාධකය. දරුවෙකු මත්ද්‍රව්‍ය වලට නතු කරගැනීමේදී වඩා වැදගත් වන්නේ පාරිසරික සාධක බවට සැකයක් නැත. එහිදී වඩා වැදගත් වන්නේ ඊට මුල්වන කරුණු කාරණා ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමය. වැඩිහිටියන්ගේ “ඉව” වඩා වැදගත් කාරණයක් වන්නේ ඒ නිසාය. [B]● [SIZE=4]මොනවද මේ අයිස් සහ මත්පෙති[/SIZE][/B] බොහෝ ප්රවෘත්ති වාර්තාවල නිතර සඳහන් වන්නේ “අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්පෙති අසවල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.” යනුවෙනි. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය හැඳින්වීමේදී අප පුරුදුවී සිටින්නේ “ඩ්‍රග්ස් ගන්නවා” “ඩ්‍රග්ස් අහුවෙලා” යනුවෙන් සඳහන් කරන්නටය. Drugs යනු ඖෂධයි. වෛද්‍ය විද්‍යාවේදී ඖෂධයක් ලෙස හඳුන්වන්නේ රෝගයක් වැළැක්වීමට හෝ සුවකිරීමට බලයක් ඇති දෙයක් ලෙසය. ඖෂධවේදයේ එය හඳුන්වන්නේ ශරීරයේ පටකය හෝ ඉන්ද්‍රියක ජෛව රසායනික හෝ කායික හෝ භෞතිකව වෙනසක් ඇතිකරන රසායනිකයක් ලෙසය. ඖෂධ කොටස් තුනකට බෙදා වෙන්කෙරේ. ඒ, [LIST=1] [*]Over the Counter drugs [*]Prescribed drugs [*]Dangerous drugs ලෙසය. [/LIST] පැරසිටමෝල් වර්ග විටමින් වර්ග සුළු වේදනා නාශක වැනි බෙහෙත් ආදිය අයත්වන්නේ Over the Counter drugs ගණයටය. වෛද්‍ය නිර්දේශ මත පමණක් තුණ්ඩු වලට නිකුත්කරන බෙහෙත්, එනම් හතියට, කැස්සට, රුධිර පීඩනයට, දියවැඩියාවට, උපත් පාලනයට දෙනු ලබන බෙහෙත් වර්ග අයත්වන්නේ Prescribed drugs ගණයටයි. අනතුරුදායක නැතිනම් භයානක ඖෂධ ලෙස හැඳින්වෙන්නේ අනවශ්‍ය ලෙස ශරීරගත වීමකදී අනතුරුදායක වන, නෛතික අවසර මත පමණක් ළඟ තබාගත හැකි ඇබ්බැහිවන සුළු බලපත්‍ර අවශ්‍ය කරන, ඖෂධ වර්ගයි. අධිබල වේදනා නාශක මේ ඖෂධ කාණ්ඩයට අයත් වෙයි. බොහෝවිට මේ අල්ලාගත් යැයි කියන මත් පෙති අතර මෙකී ගණයේ ඖෂධ වර්ගද තිබිය හැකිය. අධි මාත්‍රාවකින් ගත්විට මනසේ වෙනසක් ඇතිකරන මොලයට හා ස්නායු පද්ධතියට හානිකරන තත්ත්වයක් ඉන් උදා වේ. “අයිස්” යනු ඖෂධයක් නොව මත්ද්‍රව්‍යයකි. මත්ද්‍රව්‍යයක් යනු සිරුරේ ප්‍රධාන ස්නායු පද්ධතියට බලපාන එහි වෙනස්කම් ඇති කරන මිනිසාගේ හැසිරීම් රටාව වෙනස් කරන ඔහු වටා ඇති පරිසරයට බලපාන මාරාන්තික සංඝටකයකි. මේ වනවිට හෙරොයින් මත්ද්‍රව්‍යවලටත් වඩා සීඝ්රයෙන් පැතිර යන “අයිස්” යනු ක්‍රිස්ටල් මෙත්” හෙවත් මෙතැම්පටමින් යන රසායනිකයි. අයිස් කැබිලිති, සූකිරී හෝ විශාල සීනි කැට වශයෙන් මේවා දක්නට ලැබේ. විවිධ රසායනයන් මිශ්‍රකර රසායනාගාර තුළ නිපදවා මේවා වෙළෙඳපොළට නිකුත් කරන්නේය. අයිස් (මෙත්ආම්පිටමින්) දිගින් දිගටම භාවිත කිරීමෙන් හෝ එකවර අධි මාත්‍රාවක් භාවිත කිරීම මරණයට පවා හේතුවිය හැකිය. ඇබ්බැහි වූ පසු ඉතා කෙටි කාලයක් තුළ හෘද රෝග, පෙනහලු රෝග, මානසික රෝග වැනි මරණීය ආබාධ මතුවෙයි. අයිස් වලට ඇබ්බැහිවූ පුද්ගලයෝ ඉතාම ඉක්මනින් විකෘති පෙනුමකට හිමිකම් කියන්නෝය. නිතර ඇතිවන විජලනය නිසා මුහුණෙහි, ගෙලෙහි පිටෙහි හම ඉරිතලා යාම, මස්වැදිලි පදාස වශයෙන් ගැලවීයෑම සිදුවන්නේය. මස් දියවී, බර අඩුවී, කෘෂ තත්ත්වයට ශරීරය පත්වන්නේ ඉතාම කෙටි කාලයකදීය. හරියටම කිවහොත් අයිස් භාවිතයට ඇබ්බැහි වූවෙකු ජීවත්වන්නේ පිල්ලියක් (Zombie) ලෙසය. ලෝකය පුරාම පැතිර ඇති අයිස්, ක්රොකෝඩයිල් ඩ්‍රග් (Krokodil drug) රෂියන් බ්ලැක් මැජික් (Russian Black magic drug) බාත් සෝල්ට් (bath Salts) වැනි මත්ද්‍රව්‍ය පොදුවේ හඳුන්වන්නේ සොම්බි ඩ්‍රග් (Zombie drug) ලෙසය. දිවයින පුවත්පත අයිස් (ice) නමැති මත්ද්‍රව්‍යයක් ලංකාවට පැමිණ ඇති බවත් ඒ වනවිට එය රටේ එතරම් පැතිර නැති බවත් කීවේ බොහෝ කලකට පෙරාතුවය. ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් අපි අවධාරණය කළෙමු. අයිස් මත්ද්‍රව්‍යද ඇතුළුව “සොම්බි” කාණ්ඩයේ මත්ද්‍රව්‍ය නිසා ශ්‍රී ලංකාව “පිල්ලි” ජීවත්වන රටක් වන හැටි ඡායාරූප[COLOR=rgb(184, 49, 47)][SIZE=7]*[/SIZE][/COLOR] බලා තීරණය කරන්න. - උදේශ සංජීව ගමගේ - [CODE]https://divaina.lk/ඇවිදින-පිල්ලි-රටට-බෝ-කරන-ස/[/CODE] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]*[/COLOR][/SIZE] [I]සංවේදී අය ඡායාරූප බලන්න link එකට යන්න එපා![/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom