වසර 70 ක් නිරාහාරව සිටින "ජානි"
82 හැවිරිදි මොහු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අම්බාජි නම් ප්‍රදේශයේ ලෙන් විහාරයක සිටින “ප්‍රලාද්භානි ජානී” නැතහොත් මටාජි නමින් හඳුන්වන සාධුවරයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ ,මෙම ඉන්දියානුවා පිළිබඳ සිදු කරන අධ්‍යයනය පසුගිය අප්‍රේල් 22වනදා ආරම්භ කර තිබෙන බවත්, එහිදී ඉන්දීය විද්‍යාඥයින් විසින් අදාළ කාරණයේ සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීම සඳහා ජීව හා රසායන විද්‍යාව ආශ්‍රයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කර ගෙන යන බවත් ය.
වසර 70ක් තිස්සේ ආහාර හෝ ජලය පානය නොකරමින් ජීවත් වන ඉන්දීය පුරවැසියෙකු පිළිබඳ ඉන්දීය විද්‍යාඥයින් විසින් පර්යේෂණයක් ආරම්භ කර තිබේ.
වසර 70 ක් නිරාහාරව සිටින "ජානි"
82 හැවිරිදි මොහු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අම්බාජි නම් ප්‍රදේශයේ ලෙන් විහාරයක සිටින “ප්‍රලාද්භානි ජානී” නැතහොත් මටාජි නමින් හඳුන්වන සාධුවරයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ ,මෙම ඉන්දියානුවා පිළිබඳ සිදු කරන අධ්‍යයනය පසුගිය අප්‍රේල් 22වනදා ආරම්භ කර තිබෙන බවත්, එහිදී ඉන්දීය විද්‍යාඥයින් විසින් අදාළ කාරණයේ සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීම සඳහා ජීව හා රසායන විද්‍යාව ආශ්‍රයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කර ගෙන යන බවත් ය.
මේ වන විට ජානි නම් වන මෙම පුද්ගලයා, රෝහල්ගත කර තිබෙන අතර රෝහල් ආරංචි මාර්ගවලට අනුව ඔහු නැරඹීම සඳහා කිසිවෙකුට අවසර නොමැති බව ද සඳහන්ය.
එම රෝහල් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ, ඔවුන් සිදු කරන මෙම පර්යේෂණයේ මූලික අරමුණ වී ඇත්තේ, මෙවැනි වූ දීර්ඝ කාලයක් මිනිසෙකු ආහාර හෝ ජලය නොගෙන සහ මළ, මුත්‍ර පිට නොකරමින් ජීවත් වන්නේ කෙසේ ද යන්න සොයා බැලීම වන බවයි.
එම වෛද්‍යවරුන් පවසන අන්දමට, ආහාර වර්ජනය කරමින් දිගුකාලීනව ජීවත් වූ පුද්ගලයින් මීට පෙර සිය රට තුළින්ම හමු වී තිබුණ ද, ඔවුන් අඩුම තරමින් ජලය හෝ පානය කර ඇත. එහෙත් “ජානි”,එලෙස ආහාර හෝ ජලය හෝ පානය කර නැත.
මේ අතර ජානි සිය වෛද්‍යවරුන් හට පවසා ඇත්තේ, තමා “කුනඩලිනී” නම් දුර්ලභ මායාකාර ශක්තියක් තිබෙන යෝගී වික්‍රමයකට හිමිකම් කියන පුද්ලයෙකු බවයි.
වෛද්‍යවරුන් ඔහු පිළිබඳ පවසන තවත් කාරණ්‍යක් වනුයේ, ජානී වයස අවුරුදු 82 හැවිරිදි පුද්ගලයෙකු වුවද තවමත් ඔහුගේ මොළය අවුරුදු 25ක පුද්ගලයෙකුගේ තරම් වන අතර තට්ටු 07කින් යුත් මහල් ගොඩනැඟිල්ලක් වුව ද ඔහුට කිසිදු වෙහෙසකින් තොරව තරණය කළ හැකි බවයි.
මේ අතර තමා අදාළ කාලය තුළ මුත්‍ර පිට නොකළ බව කියන කාරණය වෛද්‍යවරුන් හට තහවුරු කර දී තිබෙන්නේ, මුත්‍රාශ බිත්තිවලටම එම මුත්‍රා උරා ගන්නා බව සාක්ෂි ලෙස පෙන්වා දෙමින් ය.
කෙසේවෙතත් ජානී පවසන මෙම කරුණුවල සත්‍යතාවය සොයා බලන වෛද්‍යවරුන් තවදුරටත් උත්සාහ ගනු ලබන්නේ ජානීගේ සිරුර තුළ පවත්නා මෙකී ව්‍යුහාත්මක වෙනස්කම කුමක්ද යන්නත් එය වෙනත් කෙනෙකුගේ අභ්‍යන්තර සිරුරකට ආරෝපණය කළ හැකි ද යන්නත්ය.
ජානීගේ ඥාතිවරුන් පවසන අන්දමට , ඔහු අධ්‍යාත්මික සුවයක් පතා වයස අවුරුදු 07දී පමණ නිවෙසින් බැහැර වී තිබේ.
ජානී සඳහන් කරන තවත් විශේෂ කාරණයක් වනුයේ, ඔහුට මේ දක්වා කිසිදු රෝගයක් වැළඳී නොමැති බවත්,ඔහු වසර 45ක් තිස්සේ කිසිවෙකු සමඟ කතා කිරීමෙන් වැළකී සිටින බවත් ය.
Give a Rep + with your Name. You Will be given back 1