No more සාටක precedents 😂

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තමන්ගේ ධුර කාලයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග අද පැවැති සාකච්ඡාවේදී ඔහු එහි සඳහන් කර ඇත.

    දැනට රට තුළ පවතින අස්ථාවර තත්ත්වය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 13 කින් යුත් වැඩපිළිවෙළ අද දිනයේ ජනාධීපතිවරයාට ඉදිරිපත් කරන ලදී.

    මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.

    LCN