No more drunk driving.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් වැටලීම එළඹෙන අගෝස්තු 01 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
    බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියැපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් බව පොලිසිය පවසයි. පොලීසිය පවසන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ද මත්වූ රියැදුරන් බවයි. රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ඇති බව පොලිස් වාර්තාවලින් හෙළිවී තිබේ. 2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබේ. 2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559කි. 2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇත.
    මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (18) දක්වා ගෙවුණු කාලසීමාවේදී පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 8,875කි. ඉන් 1,043 දෙනෙකු මියගොස් තිබේ. මෙලෙස රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය හඳුනාගෙන ඇත්තේ ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමය. මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් පැවතියේ නැත. ඒ අනුව රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මත්වූ රියැදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඒ අනුවය. මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැටලීම් ඉකුත් ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක කෙරුණි. ඒ, රියැදුරන් 1,781 දෙනෙක් පරීක්ෂා කරමින්. ඉන් රියැදුරන් 41 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇතැයි හඳුනාගැනුණු අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන්ය. ත්‍රීරෝද රථ රියැදුරන් 9 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන අතරතුර පොලීසියට හසුවී තිබුණි.
    මෙහිදී වරදකරුවන් වූ රියැදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියැදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

    ඉයේ මාවත් තැන් දෙකකින් නැවත්තුව.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබේ. 2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559කි. 2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇත.
    කොහෙද යකෝ ඉහල ගිහින් තියෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද පහල ගිහිල්ලනේ
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කොහෙද යකෝ ඉහල ගිහින් තියෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද පහල ගිහිල්ලනේ
    ඕක ලියපු එකාගෙන අහපන්
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    මෙහිදී වරදකරුවන් වූ රියැදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියැදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.
    ඇයි මෙහෙම විවිද දඩුවම් ? වරද එකමයිනේ
     
    • Like
    Reactions: Ulti and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    හැම එකම අහු වෙනවලු බන්. අරක්කු විතරක් නෙමේ..
    එහෙනං වැඩේ හොඳයි...

    නැත්තං,
    බස් කාරයො, ත්‍රීවීල් කාරයො ගංජ ගහල ගුලි කාල සත්තු වගේ පාරෙ යන්නෙ.
    අහුවෙන්නෙ ඇල්කොහොල් කාරයො විතරයි...
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අරක්කු බිලා ගියොත් තමා අවුල්. වොඩ්කා ගහලා ගියාට අවුලක් නැ
     
    • Haha
    • Love
    Reactions: c2r and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,661
    197,685
    113
    Colombo, Sri Lanka
    එහෙනං වැඩේ හොඳයි...

    නැත්තං,
    බස් කාරයො, ත්‍රීවීල් කාරයො ගංජ ගහල ගුලි කාල සත්තු වගේ පාරෙ යන්නෙ.
    අහුවෙන්නෙ ඇල්කොහොල් කාරයො විතරයි...
    එකනම් ඇත්ත මුන් නම් අයිසුත් ගහනවා ඇති
     
    • Sad
    Reactions: PHBhagya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එහෙනං වැඩේ හොඳයි...

    නැත්තං,
    බස් කාරයො, ත්‍රීවීල් කාරයො ගංජ ගහල ගුලි කාල සත්තු වගේ පාරෙ යන්නෙ.
    අහුවෙන්නෙ ඇල්කොහොල් කාරයො විතරයි...
    Coca cola beela yanna ba da ban? Caffeine walata ahu wei da? Bulath kannath ba da? Loku deyak. Bus wala yana passenger tat dada gahanna one kala kela gahanawata
     
    • Haha
    Reactions: PHBhagya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙනං වැඩේ හොඳයි...

    නැත්තං,
    බස් කාරයො, ත්‍රීවීල් කාරයො ගංජ ගහල ගුලි කාල සත්තු වගේ පාරෙ යන්නෙ.
    අහුවෙන්නෙ ඇල්කොහොල් කාරයො විතරයි...
    ගුලි අහුවෙන්නේ නැහැ ලු.
    අහුවෙන ලිස්ට් එක දැම්මා.
    හොරොයින්, ගංජා, අයිස්, මත් පෙති (MDM - Excite Tablet එක), කොකේන්, වෙසෙර් දයසපින්

    • Like
    Reactions: PHBhagya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් වැටලීම එළඹෙන අගෝස්තු 01 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
    බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියැපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් බව පොලිසිය පවසයි. පොලීසිය පවසන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ද මත්වූ රියැදුරන් බවයි. රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ඇති බව පොලිස් වාර්තාවලින් හෙළිවී තිබේ. 2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබේ. 2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559කි. 2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇත.
    මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (18) දක්වා ගෙවුණු කාලසීමාවේදී පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 8,875කි. ඉන් 1,043 දෙනෙකු මියගොස් තිබේ. මෙලෙස රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය හඳුනාගෙන ඇත්තේ ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමය. මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් පැවතියේ නැත. ඒ අනුව රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මත්වූ රියැදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඒ අනුවය. මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැටලීම් ඉකුත් ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක කෙරුණි. ඒ, රියැදුරන් 1,781 දෙනෙක් පරීක්ෂා කරමින්. ඉන් රියැදුරන් 41 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇතැයි හඳුනාගැනුණු අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන්ය. ත්‍රීරෝද රථ රියැදුරන් 9 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන අතරතුර පොලීසියට හසුවී තිබුණි.
    මෙහිදී වරදකරුවන් වූ රියැදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියැදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

    ඉයේ මාවත් තැන් දෙකකින් නැවත්තුව.
    boruwatath liyai neda balloon bumbanne nathuwa...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    dan nam ahu unot pattama case. podi ganak deela tuk ekaka palayan ai na lowet case. bribe deela shape ba. usavi gihin nannathara wela license cancel wenawa warning eken passe
     
    Similar threads