Nokia Tune-“නොකියා ටෝන් එකේ“ සත්‍ය කතාව‍

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Nokia Tune-“නොකියා ටෝන් එකේ“ සත්‍ය කතාව‍

    ටර්න න.. න.... ටර්න න.. න..... ටර්න න.. න.. න............ :eek:
    හදිස්සියෙන්ම ඇහුන දුරකතන නාදයක් නැත්නම් දන්න සිංහලෙන් කියන Ring Tone එකක් හින්දා චාමිකයට මේක ඉසව්ව පැත්තට දාන්න නේද හිටියේ කියලා මතක් වුනා... :lol:

    අද කාලේ ඉතින් දුරකතනයට නාද කොයිතරම් තියෙනවද නේද?? :)

    හැබැයි චාමිකයට මේ ඇහුන Ring Tone එක අනිවාර්යයෙන්ම හැමෝම අහලා තියෙනවා..
    7.gif
    වැඩිය කියන්න දෙයක් නැහැ මාතෘකාව දැක්කම දන්න නිසා.... :dull:

    Chamikawpblogspotcom4-39.jpg


    හැබැයි මේ කියන්න යන්නේ දන්න කතාවේ නොදන්න ටික... :rofl:
    ඒ හින්දා කියවලා බලලා අදහසක් දාලාම යන්න.. :nerd:
    තොරතුරු සහ ජායාරූප සියල්ල අන්තර්ජාලයෙන් තමා.... :)
    කවුරුත් දන්න “නොකියා ටෝන් එක “ නැතිනම් කවුරුත් හදුන්වන Nokia Tune එක ලෝකේට එන්නේ නොකියා සමාගම 1993 දි හදුන්වලා දුන්න Nokia 2100 නැමැති දුරකතනයත් එක්ක... :)
    සඳහන් වෙන විදියට මෙය ලොව තුන්වෙනියට ප්‍රසිද්ධම සංගීත කණ්ඩයයි. එයට පෙර ඇත්තේ හාලිඩේවිඩ්සන් ඇන්ජින් හඩ
    හා Intel Inside යන ශබ්ද දෙකයි. :nerd:
    Anssi Vanjoki විසින් නොකියා සමාගමේ දුරකතනයටම වෙන්වු නාදයක් හදුන්වා දිය යුතු ලෙස අදහස් කරමින් යෝජනාවක් කිරීමට කටයුතු කරනු ලැබුවා.

    Chamikawpblogspotcom3-42.jpg
    ඔහු අද නොකියා සමාගමේ විධායක උප සභාපති හා සන්නිවේදන සාමාන්‍ය අධිකාරී ලෙස කටයුතු කරනවා... :)
    ඔහු විසින් යෝජනා කල සංගීත කණ්ඩය වුයේ 1852 උපත ලද එනම්19 සියවසේ විශිෂ්ඨ සංගීතඥයකු ලෙස හදුන්වන ස්පාඤ්ඥ ජාතික Francisco Tarrega ගේ “Gran Vals” නාදයයි.එය ඔහු බොක්ස් ගිටාරයකින් නිර්මාණය කොට තිබුනේ 1902 වසරේදීයි.:)
    Chamikawpblogspotcom1-49.jpg

    එය එකල 1990 කාලයේදී නොකියා සමාගමේ රූපවාහිනි දැන්වීම් වලටද යොදා ගනිමින් තිබුනා. ඔහු විසින් එහි සංගීත ස්වර Lauri Kivinen හට ලබා දුන්නේ එයතවත් වැඩි දියුනුකරමින් දුරකතනයට ගැලපෙන ලෙස නිර්මාණය කිරීමටයි. :)
    මුල් ගීතයේ සම්පුර්ණ දිග විනාඩි 14 වෙච්ච හින්දම Lauri Kivinen එයින් කොටසක් උපුටා ගෙන වැඩිදියුණු කලා.. :eek:

    Chamikawpblogspotcom5-36.jpg

    අන්න ඒ කොටස තමා අද අපිට Nokia Tune එක ලෙස ඇහෙන්නේ.. :baffled:
    අන්තර්ජාලයේ මෙම වාදන ඉදිරිපත් කිරීමේ විඩියෝ නම් ගොඩාක් තියෙනවා... :oo:
    මේ එම වාදනය කරන පුද්ගලයෙක් ... :nerd:
    අහගෙනම බලන්න ඔහු ගිටාරයෙන් එය වාදනය කරන අපුරුව.. :)


    මුල්ම වරට මේ නාදය අසන්න ලැබුනේ Compaq LTE පරිගණකයකින්.. ඒ මේ යෝජනාව සම්මත කර ගැනීමට Finnish Congress නැමැති හෝටලයේදී ! :)
    එහිදි සම්මත වු මේ නාදය එවේලේම නොකියා දුරකතන නාද නිපදවන පින්ලන්තයේ Oulu හි කාර්යාලයට ෆැක්ස් මාර්ගයෙන් ස්වර ප්‍රස්තාරය යවා තිබුනා.. :cool:
    මුල්ම කාලයේ මෙම නාදය දුරකතනයට පැමිනියේ Monophonic නාද රටාවක් ලෙසයි.. එනම් වරකට එක ස්වරය බැගින් නාද වන ආකාරයයි. ඉන් අනතුරුව Polyphonic ලෙස MIDI (Musical Instrument DigitalInterface)නමින් හදුන්වන නාද රටාවන්ට සහය දක්වන ලෙස නිර්මාණය කල අතර ඒ සමඟම නොකියා සමාගම Nokia 3510 දුරකතනය සමඟ ප්‍රථම වරට Nokia Tune එකPolyphonic නාද රටා සමග එකතු කොට තිබුනා.එයට MIDILevel 4 ක එනම් එකවර ස්වර 4ක් නාද කිරීමට හැකිය. :)
    දැන් පැමිනෙන දුරකතනයන්හි MIDILevel 42 ක් සඳහා සහය දක්වන බව පැවසේ.. :shocked:
    පහල විඩීයෝව බැලුවම වෙනස බලන්න පුළුවන්... :nerd:
    ඇත්තටම ලස්සනයි.. මෙයින් කීයක් මතකද බලන්න.. :)

    ඔබටත් මේ නාදයම වෙනස් කම් කරමින් නිර්මාණය කර ඇ.ඩො.10,000 මුදලක් දිනාගන්න පුළුවන්..
    11.gif


    Chamikawpblogspotcom2-46.jpg

    මෙන්න මේ වෙබ් අඩවියේ ලියාපදංචි වෙන්න තමා තියෙන්නේ.. :cool: දැනට නම් මේ තරඟය ඉවර වෙලා ඊලග පාර හරි මතක ඇතුව පුළුවන් අය උත්සහයක් දරන්න.. :)
    හරි ගියොත් කාටද ආඩම්බර..
    11.gif
    ආහ්... :eek:
    අනික තමා අමතක නොකර බලන්න එක එක කට්ටිය ඒකට හදලා දාපු වෙනස්ම ජාතියේ නොකියා ටියුන් නාද රටා... :)
    විකිපීඩියාවේ සඳහන් වන ආකාරයට “ තත්පරයකට ලොව වටා 20,000 කට වැඩි පිරිසකට මේ නාදය කොතන හෝ ඇහෙනවලු... :baffled:
    දිනකට බිලියන 1.8 කට වඩා මේ නාදය නාද වෙන බවත් පැවසෙනවා...:oo:
    අපිටත් අපි යන එන කොහේ හරි තැනක දවසකට 3-4 පාරක්වත් මේ ශබ්දෙනම් ඇහෙනවා... :)
    විකිපිඩියාවේ තියෙන දේ වෙන්නත් පුළුවන් නේද??
    නැද්ද??
    7.gif



    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]
     
    Last edited: