NOLOMIT~බංකොලොත්~COMING SOON!!!

professor

Member
Apr 23, 2012
360
38
0
lab එකේ
විරෝධතා නිසා Nolimit මාසික පාඩුව ලක්‍ෂ 53යි

අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.

එම අත් පත්‍රිකාවට විරුද්ධව දෙමටගොඩ නෝ ලිමිට් ශාඛාව විසින් සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුනේ තමන්ට පාඩු වන එම මුදල සිංහල රාවය ජාතික සංවිධානයෙන් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් එය සමථයකට පත් කරගෙන ඇති අතර පසුව සිංහල රාවය ජාතික සංවිධානය විසින් නෝ ලිමිට් ආයතනය විසින් කළ චෝදනාව නිසා වූ අපහාසයට සමාව ගතයුතු බව පවසා තිබුණා.

එම ඉල්ලීම ඉටු නොවූ නිසා පෙරේදා මහරගම නෝ ලිමිට් වෙළඳ සැල ඉදිරිපිටදී සිංහල රාවය ජාතික සංවිධානය විසින් විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තිබුණා.

මහරගම නගරයට රැස්වුණු ඔවුන් මුලින්ම පත්‍රිකා බෙදූ අතර පසුව පාගමනින් නෝලිමිට් ආයතය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කලේ එම වෙලඳසැල එතනින් ඉවත්කරගන්නා ලෙසයි.

එම අවස්ථාවේ නෝ ලිමිට් ආයතනය වටකර කැරලි මරදන පොලීසිය යොදවා තිබූ අතර පසුව ආයතනය තුළට යෑමට ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක්ට අවසර ලැබුණා. පසුව කළමනාකාරීත්වය සමඟ කළ සාකච්ජාවකින් එය අවසන් වී තිබුනේ නෝ ලිමිට් ආයතනය ස්වාමීන්වහන්සේලාගෙන් සමාව ගැනීම නිසාය.

ඒ පිළිබඳව මහරගම සිරි වජිරඥාන විහාරස්ථානයේ උඩුදුම්බර ලංකානන්ද හිමියෝ පවසන්නේ මෙවැන්නක්.

"පසුගිය දින වල හාමුදුරුවරුන් මෙම ව්‍යාපාර ජාලයට එරෙහිව වැඩ පිළිවෙලක් ගෙන ගියා. ඔවුන්ගේ ආයතන වලින් බඩු ගැනීමෙන් වලකින ලෙසට අපි ජන මතයක් හැදුවා. ඒ නිසා ඒ ව්‍යාපාරිකයන්ගේ ආදායම 30%කින් අඩු වුණා. පාඩුව කෝටි 300ක් ලු.

මේවට අපෙන් ප්‍රශ්න කළා. අන්තිමට හාමුදුරුවන්ට අපහාස නඩු දාලා 4 වෙනි තට්ටුවට රැගෙන යන්න වැඩ කළා. ඒ නිසා සිංහල ජාතියට කළ අපහාසයට විරුද්ධව මෙම විරෝධතාවය පැවැත්වුවා. බෞද්ධ බලය වැඩි මහරගම මෙම විරෝධතාවය පවත්වන්න අපි තිරණය කළා"

අනුරාධපුර අමිතානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට සිංහල රාවය, බොදු බල සේනා, ජන විජය පදනම, ජාතික වියත් සමුළුව ඇතුළු බෞද්ධ සංවිධාන රාශියක් එක්වූ බව දැනගන්නට ලැබෙනවා. නමුත් බොදු බල සේනා වෙබ් අඩවියේ සඳහන් වන්නේ මේ සඳහා ඔවුන්ගේ දායකත්වයක් නැති බවයි.


:P :P :P :P :P

gossip9
 

professor

Member
Apr 23, 2012
360
38
0
lab එකේ
maharagama+protest+gossip9++(14).jpg
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් හොද ආරම්භයක් ගත්තනේ:yes:. පොඩ්ඩක් ඉදිරියට එන සිංහල අවුරුද්ද ගැන කවුරු කවුරුත් හිතුවොත් හොදයි නේද:rolleyes:?

    නැත්නම් වක්කඩේ හකුරු හැංගුවා වගේ වෙයි...