NPP බලශක්ති වැඩ්ඩො වැඩ පෙන්වයි! දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි!

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    NPP Dr. Coal ආවට පස්සේ තමයි ඔක්කොම unstable වෙන්න ගත්තේ :lol:

    දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි


    පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා සිටින වහල මත සූර්ය පැනල සවි කර ඇති බල ශක්තිය හිමියන්ගෙන් ඉල්ලා සිටී.

    අවුරුදු සමයේ විදුලි ඉල්ලුම අවම මට්ටමට පහත වැටී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බල ශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබන බව විදුලි බල මණ්ඩලය කියයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස ලෙස පහත වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය පවසයි.

    එබැවින් මෙම තීරණාත්මක කාලය පරිච්ඡේදයේ ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහලය මත සවි කරන ලද සූරිය පැනල හිමියන්ගේ සහයෝගය ලංකා විදුලිබල මණ්ඩලය ගෞරවයෙන් අපේක්ෂා කරනු ලබන බවද විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

    - https://www.lankadeepa.lk/news/දන-නවයක-හරග-වදලය-එප-කයය/101-670163