හම්බන්තොට දිස්ත්‍රීක්කය තුළ ස්ථාපිත කිරීමට යෝජිත සූර්ය බලශක්ති ව්‍යාපෘති (සෝලා පවර් - solar power) 30 ක් වහාම අත්හිටුවීමට හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේදී ඊයේ (ජනවාරි 29) තීරණය කර ඇත.
ඒ, දිස්ත්‍රීක් කමිටු සභාපති, ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති විසින් කළ යෝජනාවක් අනුවය.
පසුගිය පාලන සමයේදී ඇතැම් ජාවාරම්කාරි ව්‍යාපාරිකයින් දේශපාලන බලහත්කාරයෙන් ඉඩම් අත්පත්කර ගනිමින් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඇරඹු සියලු ව්‍යාපෘති වහාම අත්හිටුවිය යුතුබවට නිහාල් ගලප්පත්ති මෙහිදී අවධාරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු හා චීන නිල සංචාරවලදී ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සමාගම් රැසක් හම්බන්තොට දිස්ත්‍රීක්කය තුළ ආයෝජනය කිරීමට කැමැත්ත පළකර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇතැයි පැවසේ.
පසුගිය පාලන සමයේ කිසිඳු විදිමත් තක්සේරුවකින් තොරව වන අලි බහුල ප්‍රදේශයන්හි ඉඩම් අක්කර දහස් ගණනින් ඇතැම් සූර්ය බලශක්ති ව්‍යාපෘතින් සඳහා වෙන්කර දී ඇතැයි චෝදනා කර ඇති මන්ත්‍රීවරයා, එවැනි තත්වයක් තුළ අනාගතයේදී අලි - මිනිස් ගැටුම් බහුලවිය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
මෙගාවොට් 300 ක් ජාතික විදුලි පද්ධතියට...
කෙසේවුවද දෙස් විදෙස් ආයෝජනකයින් රැසක් නියමිත ශක්‍යතා වාර්තා, පරිසර වාර්තා හා වෙනත් නිර්දේශ සඳහා රජයේ අනුමැතිය ලබාගනිමින් රුපියල් මිලියන 800කට වැඩි මුදලක් වැයකරමින් මේවනවිටත් හම්බන්තොට ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ම ආරම්භකර ඇතැයි වාර්තාවේ.
මෙම නව විදුලි ව්‍යාපෘති හරහා මෙගාවොට් 300 ක් පමණ අලූතින් ජාතික විදුලි පද්ධතියට එක් කරගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සැලසුම් කර තිබී ඇති අතර ඒ සැලසුම්වලට අනුව මෙගාවොට් 250ක ව්‍යපෘති සඳහා පසුගිය රජයන් විසින් අනුමැතිය ලබාදී තිබේ.
මෙම සියලු ව්‍යපෘති මේ වසර (2025) අවසන්වීමට පෙර නිමාකල කිරීමට අදාල සමාගම්, විදුලිබල මණ්ඩලය සමග ඇතිකර ගත් ගිවිසුම් මගින් එකඟත්වය පළකර තිබේ.
එසේ තිබියදී සිය සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොදීම තුළින් හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුව බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හම්බන්තොට ව්‍යපෘති ආරම්භකර ඇති දෙස් විදෙස් සමාගම් කිහිපයක් ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
හම්බන්තොට සුරිය බල ශක්ති ව්‍යපෘති ආරම්භ කිරීමට අනුමැතිය ලබාගෙන ඇති සමාගම් මෙන්න
50MW Consortium SEA 5X10MW, CEB SPPA Signed, MASL Land approved on long lease
1. Nidhanya International Pvt Ltd
2. Tanu International Pvt Ltd
3. Tannish International Pvt Ltd
4. Dudu International Pvt Ltd
5. Orion Solar Pvt Ltd
150MW Consortium (13X10MW & 4×5MW) SEA, CEB SPPA signed, MASL Land Release on long lease
1. Photowatt Pvt Ltd
2. Solargen Pvt Ltd
3. Elephant Power Pvt Ltd
4. Geneco Pvt Ltd
5. Cirlceline Pvt Ltd
6. Greenline Pvt Ltd
7. Leisure Creations Pvt Ltd
8. Talna Solar Pvt Ltd
9. Stallion Energy Solar Pvt Ltd
10. Madunagala Agrico Pvt Ltd
11. Elektorlite Pvt Ltd
12. Photon Valley Pvt Ltd
13. Zhejiang Ruhunupura Solar Power Pvt Ltd
14. Asian Active Solar Pvt Ltd
15. Asian Solar Concepts Pvt Ltd
16. Asian Sun Power Pvt Ltd
17. Asian Sun Edition Pvt Ltd
* Windforce PLC 60MW Solar Power Plant EOI, MASL Land provisional approved
New 7X10MW SEA approved PA and MASL Lands provisional approved
1. Crystalline Central Solar Pvt Ltd
2. Sundrop Solar Power Pvt Ltd
3. Harbourview Sunrun Solar Energy Pvt Ltd
4. Solar Ecoenergy Pvt Ltd
5. Cambrian Solar Power Pvt Ltd
6. Tribe Solar Pvt Ltd
7. Nature Solar Pvt Ltd
සූර්ය බලශක්ති ව්‍යාපෘති (සෝලා පවර් - solar power) ලංකාව වැනි වසරේ සෑම සෘතුවකම හිරු එළිය නොඅඩුව ලැබීමේ භාග්‍යය හිමිවීම නිසා බාධාවකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට එය මහඟු අවස්ථාවකි.
ලෝකයේ බොහෝ රාජ්‍යයන් පාරිසරික ගැටළු අවම භාවිතයක් නිසාම පුනර්ජනනීය බලශක්තිය විසඳුමක් ලෙස ආදේශ කර ඇත.
කෙසේ වුවත් ලංකාවේ පැවති රජයන් සියල්ල මෙම හැකියාව ප්‍රයෝජනයට ගෙන තිබුණේ අතිශය අඩු අගයකිනි.
2011 වසරේදී එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යව සිටි පාඨලී චම්පික රණවක විසින් 2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත ප්‍රකාරව හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි බලශක්ති සංවර්ධන ප්‍රදේශයන් ප්‍රකාශයට පත්කර ඇත.
එසේම මෙම භූමිය සම්බන්ධව ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අදාළ ශක්‍යතා වාර්තා, පරිසර වාර්තා, කැබිනට් අනුමැතිය මෙන්ම 2023 අනුමත ජනන සැලසුමට අයත් ව්‍යාපෘති ලෙසත් පාර්ලිමේන්තුවේ සභාගත කර අනුමැතිය ලැබී ඇත. ඒ අනුව හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති ව්‍යාපෘති මේ වනවිටත් ආරම්භ කර ඇත.
අදාල ගැසට් නිවේදනය මේතනින් (2021 අප්‍රේල් 09)
අලි රක්ෂිතයට වෙන්කළ ඉඩම් ව්‍යාපෘතිවලට යොදාගෙන ද ?
මෙම ව්‍යපෘති සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ අක්කර 6000ක් වුනු අලි රක්ෂිතයෙන් පිටත පිහිටි ඉඩම් සඳහා පමණක් බව පැවසේ.
මෙම සුරිය බල ව්‍යාපෘතීන් සඳහා යොදාගෙන තිබෙන ඉඩම් අලි රක්ෂිතයට හසු නොවන අතර කෘෂි කර්මාන්තයට අදාළව ජල පහසුකම් සැපයිය නොහැකි කලාපයේ පිහිටි භූමි භාගයන් බව ආයෝජකයින් පවසති. එහෙයින් අදාල ප්‍රදේශයේ අලි - මිනිස් ගැටුමක් ඇතිවිය හැකිබවට කෙරෙන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරයි.
'' අලි - මිනිස් ගැටුමක් ඇති වුනොත් ඇතිවෙන්නේ නියමිත පරිදි අලි වැටවල් පවත්වාගෙන නොමැති නිසා බවත්, එම අලි වැටවල් නිසි පරිදි නඩත්තු කිරීම රජයට ප්‍රතිපාදන නොමැතිබවට මැසිවිලි නැගෙන බවත් ප්‍රදේශවාසීන් පවසති.
ලංකාවේ විදුලිය අර්බූදයට පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීමේ ක්‍රමවේදයන් වහාම සකස් නොකළහොත් 2028 වන විට අනීවාර්ය විදුලි අර්බූදයක් ඇති වීම නොවැලැක්විය හැකිය.
එම අවධානම ගැන මනා අවබෝධයක් තිබු අනුර කුමාර දිසානායක පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුලදී ද එබව සඳහන් කර තිබිණ.
2024 ජුනි 01 දා ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperial හිදී පැවති NPP ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුවඅමතමින් ඔහු මෙසේ සඳහන් කළේය.
- https://theleader.lk/business-news/29623-30-2'' හයිඞ්රො පවර්, සෝලා පවර්, වින් පවර් විභවතාවයක් තිබෙනවා. මේ වනවිට අපේ සියලූ බලාගාරවල පද්ධතියම එකතුව ගත්තොත් ගිගාවොට් හතරයි. 2040දි ඇස්මේන්තු කර තිබෙන්නේ ගිගාවොට් අටයි. හැබැයි වින් පවර්වලින් විතරක් ගිගාවොට් 40ට වඩා වැඩි ධාරිතාවක් අපට තිබෙනවා. ඉතාමත් හොඳ විභවතාවයක්. ලෝකයේ ඉදිරි මාර්කට් එක හැදෙන්නේ බීන් හයිඩ්‍රජන්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එක්ක. ඒ සඳහා හොඳ සක්‍යතාවයන් අපේ කර්මාන්ත අපේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට විදුලිය ලබාදීම සඳහා පමණක්ම නොවෙයි. එතනින් ඔබ්බට මාර්කට් එකට ප්‍රවිශ්ට වෙන්නේ කොහොමද කියා කල්පනා කර බැලිය යුතුයි. ඒ එතන අපට විභවතාවක් තිබෙනවා. ''
