NRFC එක හොඳ රටක තියෙන එකක් නම් ඒකෙම තියපන් බන් මෙහෙ ගෙනාවම කොයි වෙලේ දඩ ටැක්ස් එකක් ගහයි ද කව්ද දන්නෙ .. උඹේ අවශ්‍යතාවයට විතරක් සල්ලි සැරෙන් සැරේ ගෙන්න ගනින් ... NRFC එක ඩොලර් අකවුන්ට් එකක් නම් සල්ලි ගොඩක් ගන්න එපා ... දැන් රුපියල කොහොමත් බාල්දු වෙනව තව ගොඩක් ... මේ තියෙන තත්වෙ අනුව UNP, JVP විතරක් නෙමෙයි මහින්ද ආවත් ණය පොලී ගෙවාගන්න බැලූ ... ඒක නිසා රුපියල් තියාගන්න එපා ගොඩක් ... අවශ්‍ය මුදල් විතරක් withdraw කරගන්න ... NRFC හදනවනම් USD, AUD, AED වගේ අකවුන්ට් හදාගෙන ඒවට දාල තියන්න ... LKR (RS) අකවුන්ට් එකක් හැදුවොත්, හදිස්සියක් උනොත් වෙන රටවලට සල්ලි ගෙනියන්න හම්බෙන්නෙත් නෑ, මේ යන විදිහට රුපියල් වලින් තියෙන අකවුන්ට් වලට 40% බදු ගහන එක වැඩි ඈතක නෙමෙයි ... NRFC වල දාලම තියන එක තමයි safe .... fixed deposit දාන්න එපා අවුරුද්දකින් 8% දෙනවනම් ඒ අවුරුද්දෙන් එන උද්ධමනය ඊට වඩා වැඩි වෙයි ... ඒක නිසා දැන් තියෙන තත්වෙ අනුව එහෙම කරන එකත් වැඩක් නෑ ...