සම්මුඛ පරීක්ෂණයක් නැත්නම් Interview එකක් කියන්නේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මොකද අපි බොහොම මහන්සිවෙලා ඉගනගෙන ඉවරවෙලා ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන ආර්ථිකමය ඉපයීමක් කරන්න රැකියාවකට යද්දි, ඒ රැකියාවට තෝරාගැනීම වෙනුවෙන් පවත්වන Interview එක බොහොම තීරණාත්මකයි.
හැම Interview එකක්ම එකම විදිහට පවත්වන්නේ නෑ. සමහර Interview තිබෙනවා ගොඩක් වෙලාවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් හරි එක පුද්ගලයෙක් හරි අපෙන් ප්‍රශ්න අහලා, ඒ ප්‍රශ්නවලට අපි දෙන පිළිතුරු මත අපිව තෝරාගන්නවද නැද්ද කියන එක තීරණය කරන. හැබැයි ඉතින් ඒ උත්තර විතරක්ම නෙවෙයි, අපිට ඒ රැකියාවට අවශ්‍යවෙන අධ්‍යාපන සහ වෘත්තීමය සුදුසුකම් එහෙමත් තියනවද කියලා පරික්ෂා කරලා බලනවා.
කොහොම වුනත් මේ විදිහට වාචික ප්‍රශ්නවලින් ඒ රැකියාවට ගැලපෙනම කෙනා අපිද කියලා පරික්ෂා කරලා බලන Interviews වලදි අනිවාර්යයෙන් අහන ප්‍රශ්න 40 තමයි මේ තියෙන්නේ. රැකියාවක් හොයන සහ රැකියාව වෙනස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න 40ට පිළිතුරු ලබාදෙන්න සූදානම් නම්, ඒ රැකියාවට සුදුස්සා ඔබම වෙන එක කාටවත්ම නතර කරන්න අමාරු වෙයි. මෙන්න ඒ ප්‍රශ්න 40
මුල් ලිපිය
හැම Interview එකක්ම එකම විදිහට පවත්වන්නේ නෑ. සමහර Interview තිබෙනවා ගොඩක් වෙලාවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් හරි එක පුද්ගලයෙක් හරි අපෙන් ප්‍රශ්න අහලා, ඒ ප්‍රශ්නවලට අපි දෙන පිළිතුරු මත අපිව තෝරාගන්නවද නැද්ද කියන එක තීරණය කරන. හැබැයි ඉතින් ඒ උත්තර විතරක්ම නෙවෙයි, අපිට ඒ රැකියාවට අවශ්‍යවෙන අධ්‍යාපන සහ වෘත්තීමය සුදුසුකම් එහෙමත් තියනවද කියලා පරික්ෂා කරලා බලනවා.
කොහොම වුනත් මේ විදිහට වාචික ප්‍රශ්නවලින් ඒ රැකියාවට ගැලපෙනම කෙනා අපිද කියලා පරික්ෂා කරලා බලන Interviews වලදි අනිවාර්යයෙන් අහන ප්‍රශ්න 40 තමයි මේ තියෙන්නේ. රැකියාවක් හොයන සහ රැකියාව වෙනස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න 40ට පිළිතුරු ලබාදෙන්න සූදානම් නම්, ඒ රැකියාවට සුදුස්සා ඔබම වෙන එක කාටවත්ම නතර කරන්න අමාරු වෙයි. මෙන්න ඒ ප්‍රශ්න 40
- ඔයාට කියන්න පුළුවන්ද ඔයා ගැන විස්තර ටිකක්? – මොතනදි පුද්ගලික හැඳින්වීමකින් පටන් අරගෙන, සුදුසුකම්, ඔබේ හැකියාවන්, දක්ෂතාවයන් වගේ දේවල් කලබලයක් නැතිව, පටලගන්නේ නැතිව කියන්න.
- මොනවද ඔයාගේ ශක්තීන්?
- මොනවද ඔයාගේ දුර්වලතා? – මෙතනදි රස්සාව නැතිවෙන විදිහේ දුර්වලතා ඔබට තියනවනම් ඒවා මෙතනදි නොකියා නිවැරදි කරගන්න බලන්න.
- ඇයි ඔයා දැන් කරන රස්සාවෙන් අයින් වෙන්නේ? – මේක අදාල වෙන්නේ දැන් රස්සාවක් කරන අයට විතරයි. මොකක්හරි වරදක් නිසා රස්සාවෙන් අයින්වෙන්න සිද්ධවෙලා වුනත් ඒකනම් කියන්න එපා. හොඳම දේ තමයි ඔයා අලුත් පියවරකට යන්න බලාගෙන අයින්වුණා කියන එක.
- මොනවද ඔයා අළුත් තනතුර එක්ක බලාපොරොත්තු වෙන්නේ?
- තව අවුරුදු 5කින් නැත්නම් 10කින් ඔයා මොනවගේ තැනකදි ඉන්න බලාපොරොත්තු වෙන්නේ? මේ රැකියාවෙන් ඔබ කොහොමද එතනට යන්නේ?
- මොනවද ඔයාගේ කෙටි කාලීන සහ දිගු කාලීන වෘත්තීමය ඉලක්ක?
- ඔයා වැටුප කීයක් විතර බලාපොරොත්තු වෙනවද?
- ඔයා මොනවද අපේ ආයතනය ගැන දන්නේ? – දන්න දේවල් බය නැතිව කියන්න. මතක ඇතුව යන්න කලින් තොරතුරු නිවැරදිව හොයලා බලන්න.
- අපේ ආයතනය රැඳිලා ඉන්න ක්ෂේත්‍රය ගැන ඔයා මොනවද දන්නේ?
- මොනවද මේ රස්සාවට ගැලපෙන දක්ෂතා සහ අත්දැකීම් ඔයාට තියන?
- ඇයි ඔයා අපේ ආයතනයේ රැකියාව කරන්න හිතුවේ?
- ඔයා මේ ඇබෑර්තුව/ රැකියාව ගැන දැනගත්තේ කොහොමද?
- මොනවද ඔයාගේ ජීවිතයේ මේ දක්වා ලඟාකරගෙන තියන ලොකුම දේ?
- මේ Interview එකට ආපු අනිත් අයට මේ ආයතනයට දෙන්න බැරි ඒත් ඔයාට දෙන්න පුළුවන් දේ මොනවද?
- සමහරවිට මෙතන ඉන්න අනිත් අපේක්ෂකයන්ට ඔයාට වඩා සුදුසුකම් තියෙන්න පුළුවන්, එහෙනම් ඇයි අපි ඒ අය නැතිව ඔයාට අවස්ථාව දෙන්න ඕන?
- අපිට කියන්න ඔයා මොනවගේ ව්‍යාපෘති නැත්නම් වගකීම්ද කලින් දරලා තියෙන්නේ?
- ඔයාට පුළුවන්ද ඔයා ගැන වචන තුනකින් විස්තර කන්න? – මොතනදි හොඳම වචන තුනක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.
- ඔයා කොහොමද රැකියාව කරද්දි ඇතිවෙන පීඩනය හරි ආතතිය කළමණාකරණය කරගන්නේ?
- රැකියා ජීවිතේට අමතරව ඔයා කැමති දේවල් තුනක් කියන්න.
- ඔයාව උනන්දු කරවන්නේ මොනවගේ දේවල්ද?
- සාමාන්‍යයෙන් ඔයා ඔයාගේ බොස් එක්ක එකඟ නොවන්නේ මොනවගේ වෙලාවල් වලටද?
- ඔයා අන්තිමට කියවලා ජීවිතේට මොනවහරි එකතුකරගත්ත පොත මොකක්ද?
- ඔයා කොහොමද පීඩනයක් යටතේ කාලය කළමණාකරණය කරගනිමින් වැඩ කරන්නේ?
- ඔයාගේ දැන් බොස් සහ අනෙකුත් එකට වැඩකරන සේවකයන් ඔයාව හඳුන්වන්නේ කොහොමද?
- රැකියා ජීවිතෙන් පිට ඔයා මේ දක්වලා ලබපු ලොකුම ජයග්‍රහණය මොකක්ද?
- සාමාන්‍යයෙන් අමාරු වැඩක් වෙලාවට කරලා ඉවරකරන්න ඔයා පාවිච්චි කරන්නේ මොනවගේ ක්‍රමයක්ද?
- ඔයා ඔයාගේ වෘත්තීය ජීවිතය ගැන තවත් කෙනෙක්ට විස්තර කරලා දෙන්නේ කොහොමද?
- අපේ ආයතනයට එක්වෙන්න ඔබට බලපෑමේ මේ රැකියාවේ තිබෙන කුමන ලක්ෂණයක් නිසාද?
- ඔබ අසාර්ථකවුණු අවස්ථාවක් ගැන විස්තර කියන්න පුළුවන්ද?
- ඔයාගේ CV එකේ Gap එකක් තියෙන්නේ ඇයි?
- ඔයා වැඩකරන්න කැමති මොනවගේ රැකියා පරිසරයකද?
- රැකියා ජීවිතේද ඔයා මුහුණදීපු අමාරුම ප්‍රශ්නේ මොකක්ද? ඒක විසඳගන්න ඔයා මොකද කලේ?
- රැකියාව කරගෙන යද්දි අපේ ආයතනයේ ආචාර ධර්ම සම්බන්ධයෙන් ඔබට ගැටළුවකට මුහුණදෙන්න වුනොත් ඔබ කොහොමද ක්‍රියා කරන්නේ?
- දැන් ඔබ ඉන්න තනතුර දක්වා එන්න ඔබ මොනවගේ දේවල්ද ඉගනගත්තේ?
- ඔබ අපේ ආයතනයේ වෙනත් රැකියාවකට කවදහරි අයදුම් කරලා තියනවද?
- මොකක්හරි රැකියාවකින් ඔබ කවදාහරි දවසක ඉවත්කරලා තියනවද?
- මීට කලින් ඔබ දුරස්ථව කණ්ඩායමක් එක්ක වැඩකරලා තියනවද?
- ඔබට මේ රැකියාව ලැබිලා අලුත් කණ්ඩායමක් එක්ක වැඩකරන්න ලැබුණොත් කොහොමද ඔබ ඔවුන්ව දිරිමත් කරන්නේ?
- රැකියාව වෙනුවෙන් වෙනත් ප්‍රදේශවල යන්න සිද්ධවුනොත් ඒ වෙනුවෙන් ඔබට කැපවීම් කරන්න පුළුවන්ද?
මුල් ලිපිය