Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Obama Warns Iran
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබාමාගෙන් ඉරානයට රතු එළියක්

ඉරානයේ සුපිරි ඔත්තු සේවය වන කුඞ්ස් මෙහෙයවීම යටතේ එක්සත් ජනපදයේ සිටින සෞදි අරාබි තානාපති වොෂින්ටනයේදී ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය කර ගැනීමට එක්සත් ජනපද බුද්ධි අංශ සමත්වූ බව ජනාධිපති බරක් ඔබාමා පසුගිය සතියේදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර හැසිරීම පිළිබඳ සම්මත නොසලකා මේ ආකාරයෙන් කටයුතු කරන ඉරානයට ඒ සඳහා බිලක් ගෙවීමට සිදුවන බවත් එහිදී එක්සත් ජනපදය ගත හැකි කිසිදු පියවරක් අත නොහරින බවටත් තර්ජනය කළේය. ඉන් අදහස් වූයේ අවශ්‍ය වන්නේ නම් ඉරානයට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පසුබට නොවන්නේය යන්නයි. ජනාධිපති බුෂ්ගේ පාලන සමයේ සිටම ත්රස්තවාදයට අනුබල දෙන රටක් වශයෙන් නම්කර ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළද ලෝක සාමයට තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය මෙවැනි කුමන්ත්‍රණයක් සුළු කොට නොතකන බව පැහැදිලිය. න්‍යෂ්ටික වැඩ පිිළිවෙළ සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක ප්‍රමාණවත් නොවන නිසා ඉරානය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරෙන සේ තෙල් කර්මාන්තය කෙරේ අතිරේක සම්බාධක පැනවීමට හා අවශ්‍යනම් සන්නද්ධ කි‍්‍රයාමර්ග ගැනීමට ද සූදානම් බව ජනාධිපති ඔබාමා මෙන්ම නේටෝ රටවල සෙසු නායකයෝ ද ප්‍රකාශ කළහ.

එක්සත් ජනපදය සඳහන් කරන ආකාරයට සෞදි තානාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙසෙන ඉරාන සම්භවයක් ඇති පුද්ගලයෙකුවන මන්සූර් අර්බසීර්ය. බංකොළොත් වූ වාහන අලෙවි කරුවෙකු වන ඔහු මෙම ඝාතනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ මෙක්සිකෝවේ මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මැර කල්ලියක් වන සේටා නම් සංවිධානයටය. ඒ සඳහා ඔවුන්ට ඩොලර් දශ ලක්ෂ 1.5ක මුදලක් ගෙවීමට පොරොන්දුවී ඇති අතර ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානය හරහා මත් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඉරාන රජය සහාය ලබා දීමට පොරොන්දුවූ බවද සඳහන්වේ. ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෙවීමට නියමිත මුදලෙන් කොටසක් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බැංකුවක් මගින් ලබාදී ඇති බවද එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය සඳහන් කරයි. එම ආයතනය වාර්තා කරන ආකාරයට මෙම ඝාතනය සැලසුම් කළ කුඞ්ස් සංවිධානයට සම්බන්ධ ඉරාන ජාතිකයා දැනට සිටින්නේ ඉරානයේ තෙහෙරාන් නගරයේ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත. පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ මන්සූර් අර්බසීර්ට එරෙහිව එක්සත් ජනපදයේ උසාවියක නඩු පවරා ඇත.

එෆ්.බී.අයි. ආයතනය ප්‍රකාශ කරන ආකාරයට ඝාතන සැලැස්ම කල් ඇතිව හෙළිකර ගැනීමට හැකිවූ නිසා ජීවිත හානි වැළැක්වීමට හැකි වුවද ඉන් සිද්ධියේ බරපතළකම අඩු වන්නේ නැත. එම නිසා එක අතකින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් දැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජනපදය යෝජනාවක් ගෙන ඒමට සූදානම්ය. අනෙක් අතට ඔබාමා සඳහන් කරන ආකාරයට ජාත්‍යන්තර සම්මතවලට පටහැනිව කි‍්‍රයා කරන ඉරානයට නිසි දඬුවම් ද ලබාදිය යුතුය. එක්සත් ජනපද හා සෞදි බුද්ධි අංශ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප්‍රකාශකර ඇති ආකාරයට පසුගිය මැයි මාසයේ 16 වැනිදා කරච්චියේදී සෞදි තානාපති නිලධාරියෙකු ඝාතනය කිරීම සැලසුම්කර ඇත්තේ ඉරානය විසිනි. මෙම ඝාතන සැලැස්ම හෙළිකර ගැනීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්සත් ජනපදයෙන් පත්කර ඇති නිත්‍ය නියෝජිත සුසාන් රයිස් ඉරාක නියෝජිතයා හමුවී සිය විරෝධය පළ කළ බවද සී.බී.ඇස්. වාර්තාවක සඳහන්වේ. දෙරට අතර තානාපති සබඳතා බිඳ වැටීමෙන් පසු තානාපති නිලධාරීන් අතර හමුවක් සිදු නොවන නිසා මෙම හමුව විශේෂයෙන් වැදගත්ය. කෙසේ වුවත් ඉරානය මෙවැනි හමුවීමක් සිදු නොවූ බව ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතන සැලැස්ම එක්සත් ජනපදය හා සෞදි අරාබියත් ඊශ්‍රායලයත් බරපතළ අපරාධයක් ලෙස හැඳින්වුවද බොහෝ නිරීක්ෂකයෝ සම්පූර්ණ සිද්ධිය ගැනම සැක පහළ කරති. එෆ්.බී.අයි. ආයතනයේ අධ්යක්ෂ රොබට් මුලර් විසින්ම හොලිවුඞ් නාට්‍යයක පිටපතකට සමානයැයි සඳහන් කළ මෙම ඝාතනය පිළිබඳ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මත් ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කි‍්‍රයාත්මක සංවිධානයක ඒජන්ත කෙනෙකුට වීමද සැකයට තුඩු දෙන්නක් බව ඔව්හු පෙන්වා දෙති. සිය මෙහෙයුම් සැලසුම් කිරීම පිළිබඳව උසස්තම වෘත්තීය හැකියාවන් ඇතැයි හැඳින්වෙන කුඞ්ස් ආයතනය මෙතරම් සංවේදී කරුණකදී කි‍්‍රයාකර ඇතැයි කියන ආකාරය පිළිගැනීමට අපහසුය. අනෙක් අතට සෞදි තානාපතිවරයා එක්සත් ජනපදයේදී ඝාතනය කිරීම අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් කළ යුතුය. මෙම තානාපති නිලධාරියා ඝාතනය කිරීම ප්රමුඛ කටයුත්තක් නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගැනීම ද අපහසු නොවේ.

සමහර වාර්තාවල සඳහන් වෙන ආකාරයට ඉරානය මෙවැනි අනතුරුදායක පියවරක් ගෙන ඇත්තේ බහරේනයේ ෂියා ආගමිකයින්ගේ උද්ඝෝෂණය මැඩලීමට සෞදි හමුදාව යෙදවීම නිසාය. බහරේනයේ ජනතා උද්ඝෝෂණ මැඩලීමට සෞදි හමුදාව මෙහෙයවීම ඉරානයේ මෙන්ම වෙනත් බොහෝ රටවල අප්‍රසාදයට ලක් වූවකි. ඉන් හෙළිදරව් වූයේ සෞදි අරාබිය මැද පෙරදිග ඒකාධිපති පාලකයින් රැක ගැනීමට සිය හමුදා බලය යෙදවීමට සූදානම්ය යන නග්න වූ සත්‍යයයි. ඒ අනුව බලන විට මැද පෙරදිග ඒකාධිපති පාලකයින්ට එරෙහිව නැගෙන මහජන විරෝධයෙන් ගැලවීමට සෞදි අරාබියටද හැකියාවක් නැත. අල්ලසක් වශයෙන් රාජ්‍ය සහනාධාර වැඩි කළ නමුත් සෞදි අරාබිය තුළ ප්රජාතන්ත්රවාදය සහ නිදහස සඳහා ජනතාව තුළ ඇති ඉල්ලීම යටපත් කළ නොහැක. ඒ සඳහා ඉරානය වැනි ”පොදු” සතුරෙකු යොදා ගැනීම බෙහෙවින් ප්රයෝජනවත්ය. විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙළිකර ඇති තොරතුරු අනුව සර්පයාගේ හිස ගසා දැමීම ප්‍රමාද නොකළ යුතු යැයිද එම නිසා ඉරානය ආක්‍රමණය කළ යුතු යැයිද සෞදි අරාබිය එක්සත් ජනපදයට යෝජනා කර තිබිණ.

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට සැලසුම් කරන්නේ යැයි චෝදනා කරන ඊශ්‍රායෙලය එය වැළැක්වීමට කඩිනම් පියවර එනම් ප්‍රහාරයක් එල්ල කිරීම ප්‍රමාද කළ යුතු නැතැයි නිතර අවධාරණය කරයි. සිරියාව න්‍යෂ්ටික වැඩ පිළිවෙළක් සඳහා යොදා ගෙන ඇතැයි සැක කරන මධ්‍යස්ථානයක් ඊශ්‍රායලය හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ල කොට විනාශ කළ බවද අමතක නොකළ යුතුය. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලටද ඊශ්‍රායෙලය පහර දීමට සූදානම් වුවද ඊට එක්සත් ජනපදයෙන් අනුමැතිය පළ වූයේ නැත. එහෙත් තානාපතිවරයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම ඉරානයේ හිතුවක්කාර බවට නිදසුනක් වන්නාසේම ඊට එරෙහිව පියවර ගැනීමට ජාත්‍යන්තර මතය යොදා ගැනීමට එක්සත් ජනපදයට හා ඊශ්රායෙලයට අවස්ථාවක්ද විය හැක.

මෙම ඝාතන සැලැස්ම එක්සත් ජනපදය තුළ උග්‍ර වෙමින් පවතින මහජන විරෝධතා පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හඳුන්වන ඉරානය සම්පූර්ණ සිද්ධිය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඊට අමතරව සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇති මන්සූර් අර්බසිරි මුණ ගැසීමට හා සිද්ධිය පිළිබඳව අනාවරණය කර ගෙන ඇති තොරතුරු තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියි. එම ඉල්ලීම බොහෝ විට එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. ඒ වෙනුවට ඉරානය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කරවන සම්බාධක පැනවීමට හා එහි පාලකයින් වෙනස් කිරීමට එක්සත් ජනපදය සූදානම් වුවත් එය පහසු කටයුත්තක් විය නොහැක. දශ වසරක් ගතවී ඇති ඇෆ්ගන් යුද්ධය අවසන් කළ යුතු ආකාරය ගැන තවමත් නිශ්චිත උපාය මාර්ගයක් සකසා ගැනීමට නොහැකිව සිටින ජනාධිපති ඔබාමා ඉරානයද එම මඩගොහොදුවට පත් කළහොත් එය ඉරාක හෝ ඇෆ්ගන් අත්දැකීමෙන් වෙනස් වන්නේ යැයි කිව නොහැක. එමනිසා තානාපති නිලධාරි ඝාතන සැලැස්ම තවත් 9/11 සිද්ධියක් කරගත හොත් මැද පෙරදිග ස්ථාවරත්වයට මෙන්ම ලෝක සාමයට බලවත් තර්ජනය වන බව පැහැදිලිය.

[YOUTUBE]nt24AHJ84g8[/YOUTUBE]

[YOUTUBE]wmyj2b2QC68[/YOUTUBE]

[QUOTE="SLBlackKnight, post: 11181364, member: 308134"] [COLOR="DarkRed"][SIZE="5"]ඔබාමාගෙන් ඉරානයට රතු එළියක්[/SIZE][/COLOR] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/25890_12297904.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]ඉරානයේ සුපිරි ඔත්තු සේවය වන කුඞ්ස් මෙහෙයවීම යටතේ එක්සත් ජනපදයේ සිටින සෞදි අරාබි තානාපති වොෂින්ටනයේදී ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය කර ගැනීමට එක්සත් ජනපද බුද්ධි අංශ සමත්වූ බව ජනාධිපති බරක් ඔබාමා පසුගිය සතියේදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර හැසිරීම පිළිබඳ සම්මත නොසලකා මේ ආකාරයෙන් කටයුතු කරන ඉරානයට ඒ සඳහා බිලක් ගෙවීමට සිදුවන බවත් එහිදී එක්සත් ජනපදය ගත හැකි කිසිදු පියවරක් අත නොහරින බවටත් තර්ජනය කළේය. ඉන් අදහස් වූයේ අවශ්‍ය වන්නේ නම් ඉරානයට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පසුබට නොවන්නේය යන්නයි. ජනාධිපති බුෂ්ගේ පාලන සමයේ සිටම ත්රස්තවාදයට අනුබල දෙන රටක් වශයෙන් නම්කර ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළද ලෝක සාමයට තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය මෙවැනි කුමන්ත්‍රණයක් සුළු කොට නොතකන බව පැහැදිලිය. න්‍යෂ්ටික වැඩ පිිළිවෙළ සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක ප්‍රමාණවත් නොවන නිසා ඉරානය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරෙන සේ තෙල් කර්මාන්තය කෙරේ අතිරේක සම්බාධක පැනවීමට හා අවශ්‍යනම් සන්නද්ධ කි‍්‍රයාමර්ග ගැනීමට ද සූදානම් බව ජනාධිපති ඔබාමා මෙන්ම නේටෝ රටවල සෙසු නායකයෝ ද ප්‍රකාශ කළහ. එක්සත් ජනපදය සඳහන් කරන ආකාරයට සෞදි තානාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙසෙන ඉරාන සම්භවයක් ඇති පුද්ගලයෙකුවන මන්සූර් අර්බසීර්ය. බංකොළොත් වූ වාහන අලෙවි කරුවෙකු වන ඔහු මෙම ඝාතනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ මෙක්සිකෝවේ මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මැර කල්ලියක් වන සේටා නම් සංවිධානයටය. ඒ සඳහා ඔවුන්ට ඩොලර් දශ ලක්ෂ 1.5ක මුදලක් ගෙවීමට පොරොන්දුවී ඇති අතර ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානය හරහා මත් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඉරාන රජය සහාය ලබා දීමට පොරොන්දුවූ බවද සඳහන්වේ. ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෙවීමට නියමිත මුදලෙන් කොටසක් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බැංකුවක් මගින් ලබාදී ඇති බවද එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය සඳහන් කරයි. එම ආයතනය වාර්තා කරන ආකාරයට මෙම ඝාතනය සැලසුම් කළ කුඞ්ස් සංවිධානයට සම්බන්ධ ඉරාන ජාතිකයා දැනට සිටින්නේ ඉරානයේ තෙහෙරාන් නගරයේ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත. පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ මන්සූර් අර්බසීර්ට එරෙහිව එක්සත් ජනපදයේ උසාවියක නඩු පවරා ඇත. එෆ්.බී.අයි. ආයතනය ප්‍රකාශ කරන ආකාරයට ඝාතන සැලැස්ම කල් ඇතිව හෙළිකර ගැනීමට හැකිවූ නිසා ජීවිත හානි වැළැක්වීමට හැකි වුවද ඉන් සිද්ධියේ බරපතළකම අඩු වන්නේ නැත. එම නිසා එක අතකින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් දැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජනපදය යෝජනාවක් ගෙන ඒමට සූදානම්ය. අනෙක් අතට ඔබාමා සඳහන් කරන ආකාරයට ජාත්‍යන්තර සම්මතවලට පටහැනිව කි‍්‍රයා කරන ඉරානයට නිසි දඬුවම් ද ලබාදිය යුතුය. එක්සත් ජනපද හා සෞදි බුද්ධි අංශ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප්‍රකාශකර ඇති ආකාරයට පසුගිය මැයි මාසයේ 16 වැනිදා කරච්චියේදී සෞදි තානාපති නිලධාරියෙකු ඝාතනය කිරීම සැලසුම්කර ඇත්තේ ඉරානය විසිනි. මෙම ඝාතන සැලැස්ම හෙළිකර ගැනීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්සත් ජනපදයෙන් පත්කර ඇති නිත්‍ය නියෝජිත සුසාන් රයිස් ඉරාක නියෝජිතයා හමුවී සිය විරෝධය පළ කළ බවද සී.බී.ඇස්. වාර්තාවක සඳහන්වේ. දෙරට අතර තානාපති සබඳතා බිඳ වැටීමෙන් පසු තානාපති නිලධාරීන් අතර හමුවක් සිදු නොවන නිසා මෙම හමුව විශේෂයෙන් වැදගත්ය. කෙසේ වුවත් ඉරානය මෙවැනි හමුවීමක් සිදු නොවූ බව ප්‍රකාශ කර ඇත. මෙම ඝාතන සැලැස්ම එක්සත් ජනපදය හා සෞදි අරාබියත් ඊශ්‍රායලයත් බරපතළ අපරාධයක් ලෙස හැඳින්වුවද බොහෝ නිරීක්ෂකයෝ සම්පූර්ණ සිද්ධිය ගැනම සැක පහළ කරති. එෆ්.බී.අයි. ආයතනයේ අධ්යක්ෂ රොබට් මුලර් විසින්ම හොලිවුඞ් නාට්‍යයක පිටපතකට සමානයැයි සඳහන් කළ මෙම ඝාතනය පිළිබඳ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මත් ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කි‍්‍රයාත්මක සංවිධානයක ඒජන්ත කෙනෙකුට වීමද සැකයට තුඩු දෙන්නක් බව ඔව්හු පෙන්වා දෙති. සිය මෙහෙයුම් සැලසුම් කිරීම පිළිබඳව උසස්තම වෘත්තීය හැකියාවන් ඇතැයි හැඳින්වෙන කුඞ්ස් ආයතනය මෙතරම් සංවේදී කරුණකදී කි‍්‍රයාකර ඇතැයි කියන ආකාරය පිළිගැනීමට අපහසුය. අනෙක් අතට සෞදි තානාපතිවරයා එක්සත් ජනපදයේදී ඝාතනය කිරීම අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් කළ යුතුය. මෙම තානාපති නිලධාරියා ඝාතනය කිරීම ප්රමුඛ කටයුත්තක් නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගැනීම ද අපහසු නොවේ. සමහර වාර්තාවල සඳහන් වෙන ආකාරයට ඉරානය මෙවැනි අනතුරුදායක පියවරක් ගෙන ඇත්තේ බහරේනයේ ෂියා ආගමිකයින්ගේ උද්ඝෝෂණය මැඩලීමට සෞදි හමුදාව යෙදවීම නිසාය. බහරේනයේ ජනතා උද්ඝෝෂණ මැඩලීමට සෞදි හමුදාව මෙහෙයවීම ඉරානයේ මෙන්ම වෙනත් බොහෝ රටවල අප්‍රසාදයට ලක් වූවකි. ඉන් හෙළිදරව් වූයේ සෞදි අරාබිය මැද පෙරදිග ඒකාධිපති පාලකයින් රැක ගැනීමට සිය හමුදා බලය යෙදවීමට සූදානම්ය යන නග්න වූ සත්‍යයයි. ඒ අනුව බලන විට මැද පෙරදිග ඒකාධිපති පාලකයින්ට එරෙහිව නැගෙන මහජන විරෝධයෙන් ගැලවීමට සෞදි අරාබියටද හැකියාවක් නැත. අල්ලසක් වශයෙන් රාජ්‍ය සහනාධාර වැඩි කළ නමුත් සෞදි අරාබිය තුළ ප්රජාතන්ත්රවාදය සහ නිදහස සඳහා ජනතාව තුළ ඇති ඉල්ලීම යටපත් කළ නොහැක. ඒ සඳහා ඉරානය වැනි ”පොදු” සතුරෙකු යොදා ගැනීම බෙහෙවින් ප්රයෝජනවත්ය. විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙළිකර ඇති තොරතුරු අනුව සර්පයාගේ හිස ගසා දැමීම ප්‍රමාද නොකළ යුතු යැයිද එම නිසා ඉරානය ආක්‍රමණය කළ යුතු යැයිද සෞදි අරාබිය එක්සත් ජනපදයට යෝජනා කර තිබිණ. ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට සැලසුම් කරන්නේ යැයි චෝදනා කරන ඊශ්‍රායෙලය එය වැළැක්වීමට කඩිනම් පියවර එනම් ප්‍රහාරයක් එල්ල කිරීම ප්‍රමාද කළ යුතු නැතැයි නිතර අවධාරණය කරයි. සිරියාව න්‍යෂ්ටික වැඩ පිළිවෙළක් සඳහා යොදා ගෙන ඇතැයි සැක කරන මධ්‍යස්ථානයක් ඊශ්‍රායලය හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ල කොට විනාශ කළ බවද අමතක නොකළ යුතුය. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලටද ඊශ්‍රායෙලය පහර දීමට සූදානම් වුවද ඊට එක්සත් ජනපදයෙන් අනුමැතිය පළ වූයේ නැත. එහෙත් තානාපතිවරයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම ඉරානයේ හිතුවක්කාර බවට නිදසුනක් වන්නාසේම ඊට එරෙහිව පියවර ගැනීමට ජාත්‍යන්තර මතය යොදා ගැනීමට එක්සත් ජනපදයට හා ඊශ්රායෙලයට අවස්ථාවක්ද විය හැක. මෙම ඝාතන සැලැස්ම එක්සත් ජනපදය තුළ උග්‍ර වෙමින් පවතින මහජන විරෝධතා පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හඳුන්වන ඉරානය සම්පූර්ණ සිද්ධිය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඊට අමතරව සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇති මන්සූර් අර්බසිරි මුණ ගැසීමට හා සිද්ධිය පිළිබඳව අනාවරණය කර ගෙන ඇති තොරතුරු තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියි. එම ඉල්ලීම බොහෝ විට එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. ඒ වෙනුවට ඉරානය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කරවන සම්බාධක පැනවීමට හා එහි පාලකයින් වෙනස් කිරීමට එක්සත් ජනපදය සූදානම් වුවත් එය පහසු කටයුත්තක් විය නොහැක. දශ වසරක් ගතවී ඇති ඇෆ්ගන් යුද්ධය අවසන් කළ යුතු ආකාරය ගැන තවමත් නිශ්චිත උපාය මාර්ගයක් සකසා ගැනීමට නොහැකිව සිටින ජනාධිපති ඔබාමා ඉරානයද එම මඩගොහොදුවට පත් කළහොත් එය ඉරාක හෝ ඇෆ්ගන් අත්දැකීමෙන් වෙනස් වන්නේ යැයි කිව නොහැක. එමනිසා තානාපති නිලධාරි ඝාතන සැලැස්ම තවත් 9/11 සිද්ධියක් කරගත හොත් මැද පෙරදිග ස්ථාවරත්වයට මෙන්ම ලෝක සාමයට බලවත් තර්ජනය වන බව පැහැදිලිය.[/SIZE][/COLOR] [YOUTUBE]nt24AHJ84g8[/YOUTUBE] [YOUTUBE]wmyj2b2QC68[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom