Obata boru kiwwe kawuda

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth


    සියල්ල අනිත්‍යයි වෙනස් වන සුළුයි????

    ස්ථිරවූ වෙනස් නොවෙන්නාවූ නිර්වාණය” යන්නෙහි ‘වෙනස් නොවන්නාවූ’ යනු නිර්වාණයට කියයි. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද තෘෂ්ණාව දුරු කළ විරාග නම්වූ නිරොධ නම්වූ නිර්වාණයයි. එය රාගයෙන් වෙනස් නොවෙත්. ද්වෙෂයෙන් වෙනස් නොවෙත්. මොහයෙන් ක්‍රොධයෙන් බද්ධ වෛරයෙන් මකු ගුණයෙන් උතුමන් හා සම ගුණ ඇතැයි සිතීමෙන්, ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් රැවටිල්ලෙන් කෛරාටික කමින් තදගතියෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු දුශ්චරිතයන්ගෙන් සියලු තැවීම් වලින් සියලු දැවීම් වලින් සියලු අකුසල රැස් කිරීම් වලින් නිර්වාණය වෙනස් නොවෙයි, නිත්‍යය ස්ථිරය යනුයි.

    “යමකට උපමාවක් නැද්ද?” යන්නෙහි ‘යමකට’ යනු නිර්වාණයට යනුයි. ‘උපමාවක් නැත’ යනු සමාන කිරීමක් නැත යනුයි කොහිවත් යනු කොතැනකවත් අධ්‍යාත්මයෙහි හෝ බාහිරව හෝ යනුයි.

    “ඒකාන්තයෙන් යන්නෙමි නිවනෙහි සැකයක් නැත” යන්නෙහි ‘ඒකාන්තයෙන්’ යනු නියමිත වචනයයි. නිසැක වචනයයි අදහස් දෙකක් නැති වචනයයි. නියම වචනයයි. නිදොස් වචනයයි. අවිරුද්ධ වචනයයි. ‘ඒකාන්තයෙන් යන්නෙමි’ යනු පැමිණෙන්නෙමි. ප්‍රත්‍යක්ෂ කරන්නෙමි. යනුයි. ‘මෙහි සැකයක් නැත’ යන්නෙහි ‘මෙහි’ යනු නිර්වාණයෙහිය. සැකයක් යනු විමතියක් විචිකිච්ඡාවක් අදහස් දෙකක් නැත. විද්‍යමාන නොවේ, නොලැබෙයි. ප්‍රහීනය, මුලින් සිඳුනේය. ශාන්තය, සන්සිඳුනේය, ඉපදීමට අයොග්‍යය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය.