LocalCamera කියන්නේ local network එකක් ඇතුලේ අපේ phone එකේ camera එක OBS/VLC එකට stream කරන්න පුළුවන් app එකක්.
මේක ඕන වෙන්නේ live stream කරන අයට තමන්ගේ phone එකේ camera එක OBS Software එකට stream කරගන්න අවශ්‍ය අයට. Online උගන්වන ටීචර්ස්ලට, ගේමර්ස්ලට, ආගමික ස්ථාන වලට ගොඩක් ප්‍රරයෝජනවත්.
මේක මගේ පාවිච්චියට මම හදාගත්ත app එකක්. ඉතින් තවත් මේ අවශ්‍යතාවය තියෙන අයට පාවිච්චි කරන්න නොමිලේ දෙන්න හිතුවා. ඒත් එක්කම Source Code එකත් ඔයාලට අරන් ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්නත් පුළුවන්.
සරලවම මේක වැඩ කරන්නේ අපේ phone එකේ හැදෙන lightweight RTSP server එකක් හරහා local network තුළ අපේ camera එකෙන් ගන්න දත්ත සම්ප්‍රේෂණය කිරීම මගිනුයි.
එතකොට අපිට app එකේ පෙන්වන url එක OBS software එකට හෝ VLC player එකට ලබා දීමෙන් phone එකේ camera එකෙන් එන දර්ශන OBS/VLC එකට ලබා ගත හැක.
මුලින්ම app එක සහ අපගේ obs තිබෙන පරිගණකය එකම network එකකට connect වී තිබිය යුතුයි.
ඉන්පසු OBS Studio software එක විවෘත කර අලුත් scene එකක් සාදාගන්න. එම scene එක තුල source add කරන + button එක click කර Media Source click කරන්න. දැන් කැමති නමක් ඊට ලබා දී ok click කරන්න.
දැන් පැමිනෙන window එකෙහි local file වල ඇති tick එක ඉවත් කර input යන්න ඉදිරියේ ඇති text input එකට LocalCamera app එකේ පෙන්වන url එක ලබා දී ok click කරන්න.
දැන් LocalCamera app එකෙහි ඇති start stream click කරන්න.
තත්පර කීපයකින් ඔබේ phone එකෙහි camera එක OBS එකට stream වනු ඇත.
Local network එක සාදාගැනීමට OBS එක ඇති laptop එකෙහි hotspot on කර එයට phone එක connect කරගැනීම වඩාත් උචිත වේ.
ඔබේ local network එකෙහි speed එක සහ signal strength එක මත footages වල latency සහ lag වීම රඳා පවතී.
Download Github
Source