Oil Curse තෙල් සාපය

Sabren

Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    උන්ම තමයි කෙල කර ගත්තේ.economy එක diversify කරන්වා කියලා දෙයක් තියෙන්වා. හොද stable රටවල් වල economy industry එකක් මත depend වෙන්නෙ නෑ..resources වැඩිවෙන එකත් සමහර රටවල්වලට සාපයක්. ඒකට කියන්නෙ (resource curse/මෙතනදිනම් oil curse) කියල. ගොඩක් සම්පත් තියෙන රටවල් වල ආර්ථිකය එක කර්මාන්තයකින් තමයි run වෙන්නෙ.. අනෙකුත් කර්මාන්ත දියුණු වෙන්නේ ඉඩක් නෑ. අර main Industry එකට කෙල උනොත් රටම ඉවරයි. ඕක තමයි වෙනිසියුලාවෙත් වුණේ.වෙනිසියුලාව කියන්නේ ලෝකේ වැඩියෙන්ම තෙල් තියෙන රට.සෞදි අරාබියටත් වඩා තෙල් තියෙනවා.80/90 ගණන් වල ගොඩක් සල්ලි තිබ්බ රටක්.

    චාවේස් හිතුවා හැමදාම තෙල් මිල ඉහල අගයක තියේවි කියලා. ඒක නිසා ආර්ථිකයේ තිබ්බ අනිත් සේරම කර්මාන්ත අයින් කරලා තෙල් කර්මාන්තයෙන් විතරක් මුළු රටේම වියදම් cover කරන්න පුළුවන් කියලා හිතුවා.ඒ උනාට අනූ ගනන් වලදී තෙල් මිල ගොඩක් අඩු වුණා.ඒක නිසා රටේ ආදායම ගොඩක් අඩුවෙලා රට බංකොලොත් වුණා. සල්ලි එන්න අනිත් කර්මාන්ත තිබ්බේ නැහැ.අපි ගොඩක් සම්පත් තියෙන රටවල් අදටත් දුප්පත් පත් වෙලා තියෙන්නේ ඕක නිසා තමයි.

    ඔය අවුලෙන් බේරුණේ එක රටක් විතරයි. නෝර්වේ තමයි ඒ. ඒ රට තෙල් සල්ලි රටේ අනෙක් කර්මාන්ත දියුණු කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඛනිජ තෙල් කර්මාන්තයට රටේ සම්පූර්ණ ආර්ථිකයම dominate කරන්න ඉඩ දුන්නේ නෑ.
    අද මෙයාලා තෙල් සල්ලි එකතු කරලා dollar trillion ටි්ලියන 1 ක අරමුදලක් (පිස්සු හැදෙනවා:shocked: රටේ ජනගහනය මිලියන 5 යි.රටේ පුරවැසියෙකුට ඩොලර් ලක්ෂ 2 k බෙදන්න පුළුවන් මේ අරමුදලෙන්) හදලා තියෙනවා.(Government Pension Fund of Norway) ඒකෙන් තමයි රටේ සුභසාධන කටයුතු ඔක්කොම සිද්ද වෙන්නෙ. මේ අරමුදලේ සල්ලි රටේ තියෙන කිසිම සමාගමක ආයෝජනය කරන්න බෑ. ඒක නිසා රට බංකොලොත් වුණත් මේ අරමුදල විනාශ වෙන්න නෑ. අන්න එහෙම තමයි නෝර්වේ රිස්ක් මැනේජ්මන්ට් කරලා තියෙන්නේ.ඉතින් මෙයාලා මේ තෙල් විකුණලාක ලැබෙන සල්ලි වලින් රටේ මිනිස්සු විදුලි වාහන ගන්න උනන්දු කරවන්න විදුලි වාහන වල. මිලෙන් සියයට පනහක් ආණ්ඩුවෙන්.ගෙවනවා. .ඒක නිසා කොච්චර සම්පත් තිබුණත් වැඩක් නැ ඒවා හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන පාලකයෝ නැත්නම්.

    නෝර්වේ අරමුදල
    https://en.wikipedia.org/wiki/Government_Pension_Fund_of_Norway



    නෝර්වේ මොකද කළේ?
     
    • Like
    Reactions: kinkon and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    වෙනිසියලාවේ තෙල් අපනයන කරන්න බැහැ
    ඇමරිකන් සම්බාධක නිසා තහනම් එකයි උන්ට කෙළ උණේ
     
    • Like
    Reactions: Sabren

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    matah oka loku parshnayak. den nm eka araajika ratak wela wage. US Sanctions ehemath godak tiyenwa.
    yata eka balapan, unta thel thibunata thel aadayama rata labenne nathi seen ekak tynne.

    ලෝක බලවතුන්ගේ ලතින් අමෙරිකානු දඩබිම වෙනිසියුලාව​


    pg14-1.jpg


    මේ දිනවල වඩාත් පුළුල් අන්දමින් ගෝලීය දේශපාලනික හා මාධ්‍ය ක්ෂේත්‍ර තුළ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාව වන්නේ වෙනිසියුලාව මුහුණ දී ඇති දේශපාලනික අර්බුදයයි. සමෘද්ධිමත් ජීවිත ගත කිරීමේ සෑම ප්‍රවණතාවක්ම සහිත එහෙත් දේශීය හා ගෝලීය දේශපාලනික සන්දර්භයන් පාදක කොටගෙන ඉතා පසුගාමී හා අවම වශයෙන් දෛනික අවශ්‍යතා සපුරාලීමට වත් නොහැකි මට්ටමක සිටින වෙනිසියුලා ජනතාව වත්මන් අර්බුදය නිසා කබලෙන් ළිපට වැටෙනු ඇත්ද යන්න ගැන බියක් ඉස්මතු වී තිබේ.

    එමෙන්ම සිරියාවෙන් පටන් ගෙන මේ දක්වා අන් බොහෝ රටවල අර්බුද හටගත් විට එම දේශීය අර්බුදවල අභ්‍යන්තර පාර්ශ්වකරුවන් වටා කදවුරු බඳින ලෝක බලවතුන් නිසා වෙනිසියුලා දේශපාලනික ගැටලුව ද පුළුල් අන්තර්ජාතික බල අරගලයක් වන ලකුණු පෙන්නුම් කරයි. වඩාත්ම සංකීර්ණ මුහුණුවරක් ගන්නේ මේ ප්‍රතිවාදී ගෝලීය මැදිහත්වීමයි.

    වර්තමාන අර්බුදයට ප්‍රවිෂ්ට වීමට පෙර වෙනිසියුලාව නමැති රාජ්‍යයේ ස්වභාවය පිළිබදව සලකා බැලීමෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් අත් කරගත හැකි වේ. වෙනිසියුලාව යනු ⁣ලතින් අමෙරිකාව පමණක් නොව සමස්ත ලෝකයේම ⁣ඛනිජ තෙල් සම්පත බහුල රාජ්‍යය ලෙස පිළිගැනේ. එය ඇතැම් විට සවුදි අරාබි තෙල් නිධිවලටත් වඩා විශාල බවට පිළිගැනේ. එහෙත් එය සංවර්ධිත රටක් නොවන වෙනිසියුලාවට ශාපයක් වී ඇත්තේ අන්තර්ජාතික අතපෙවීම්වලට මූල සාධකය වන්නේ තෙල් සම්පත වීමයි. අකාර්යක්ෂම පාලනය එම අනතුරුදායක තත්වය තවදුරටත් වර්ධනය කරයි.

    අන් බොහෝ ලතින් අමෙරිකානු රටවල් මෙන්ම වෙනිසියුලාව ද සිය ඉතිහාසය පුරා අධිරාජ්‍යවාදී , ඒකාධිපති, අධිකාරිවාදී හා අන්තවාදී පාලනයන්ට නතු වී තිබුණකි. එම පාලනයන්ට නිරවි යුධ සමයේ ලෝක සුපිරි බලවතුන්ගේ ආශිර්වාද ලැබුණු බව නොරහසකි. විවිධ යුගවල කුමන්ත්‍රණ සිදු වී තිබේ. එහෙත් මෑත කාලීනව වෙනිසියුලා පමණක් නොව සමස්ත ලතින් අමෙරිකානු ගමන් මඟ වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය වුයේ හියුගෝ චාවේස් පාලන සමයයි. සොල්දාදුවකු වූ චාවේස් වෙනිසියුලාව සමාජවාදී පාලන රටාවක් කරා යොමු කළා පමණක් නොව ලතින් අමෙරිකානු වාමාංශික රැල්ල එසේත් නැත්තම් පින්ක් ටයිඩ් හෙවත් රෝස රැල්ල ඇති කිරීමට මූලික වූ නායකයෙකි.

    ඔහු අමෙරිකානු තෙල් සමාගම්වලට වාසිදායකව පැවති වෙනිසියුලා තෙල් සම්පත ජනසතු කර එහි ප්‍රතිලාභ සමාජ සුබසාධන වැඩසටහන් කරා යොමු කළේය. ඔහුගේ පාලනය පැවති 1999-2013 වසර 14ක කාලය තුළ ලතින් අමෙරිකාව තුළ වාමවාදි රාජ්‍ය සංධානයක් ගොඩනැඟීමට ඔහු උත්සුක විය. ඒ වන විට මැදපෙරදිග යුද්ධ සදහා යොමු වී සිටි අමෙරිකා එක්සත් ජනපදය තම එළිපත්තේ බිහිවූ වාම සංධානයය ගැන පියවරගැනීම පසුවට කල් තැබූ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් බොහෝ සාධනීය ක්‍රියාමාර්ග අනුගමනය කළ චාවේස් තම අනුප්‍රාප්තිකයා තේරීෙම් දී පොට වරද්දා ගත් බව පෙනේ. චාවේස්ගේ අභාවයෙන් පසු බලයට පැමිණි නිකලස් මදුරෝ චාවේස් මෙන් දක්ෂයෙක් නොවේ. ඔහු උත්සුක වුයේ චාවේස්ගේ සෙවණැල්ල යට රඳා පැවතීමටයි. එමෙන්ම චාවේස් තරම් වාසනාවන්තයෙක්ද නොවේ.

    චාවේස් යුගයේ ඉහළ පැවති තෙල් මිල මදුරෝ යුගයේදී බරපතළ ලෙස පහත වැටිණි. ඉන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ අතර චාවේස්ගේ සමාජ සුබසාධක වැඩසටහන් එම හානිය තවත් වැඩි කළේය. ආර්ථිකය කළමනාකරණය සඳහා නිසි දැක්මක් මදුරෝ සතු නොවීය. ඔහු ශීඝ්‍රයෙන් අප්‍රසාදයට පත් වූ අතර, අත්‍යවශ්‍ය ආහාර හිඟය ජනතාව හැඳින්වූයේ මදුරෝ ඩයට් යනුවෙනි.

    සියල්ලටම වඩා එතෙක් ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුදවදිමින් සිටි අමෙරිකාව වාමාංශික රෝස රැල්ල නවතාලීම සදහා නැවතත් ලතින් අමෙරිකාවට අවතීර්ණ විය. එහි ප්‍රතිඵලය මදුරෝ තවත් පීඩනයට ලක් වීමයි. චාවේස් බලයෙන් පහ කිරීමට අසාර්ථක කුමන්ත්‍රණ දෙකක් කළ අමෙරිකාව මදුරෝ සම්බන්ධයෙන් අනුගමනය කළේ වෙනත් උපායකි. ඒ අමෙරිකාව සතු දරුණුතම අවිය වන ආර්ථික සම්බාධකයි. පස් අවුුරුදු සම්බාධක මඟින්, මදුරෝගේ ඇල්මැරුණු අකාර්යක්ෂම පිළිවෙත් නිසා රෝගී වී තිබු වෙනිසියුලා ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ ඝාතනය කිරීමට අමෙරිකාව සමත් විය.

    මදුරෝට එරෙහි ජනතා විරෝධය උතුරා යද්දී විපක්ෂ අනුප්‍රාප්තිකයා පහළ විය. ඒ පාර්ලිමේන්තු කථානායක ජුවාන් ගුඅයිඩෝය. අමෙරිකාව ඔහු වෙනිසියුලා සැබෑ ජනාධිපතිවරයා ලෙස බෞතීස්ම කළේය. බටහිර බලවත්තු හා දක්ෂිණාංශික ලතින් අමෙරිකානු රටවල් ගුඅයිඩෝ වටා රොක්වී සිටිති. විකල්ප බලවතුන් වන රැසියාව, චීනය මෙක්සිකෝව හා තුර්කිය මෙන්ම ලතින් අමෙරිකාවේ වාම රාජ්‍ය අතළොස්ස මදුරෝ වටා රොක්වී සිටිති. රෙජිම් චේන්ජය සදහා සියල්ල දැන් සූදානම්ය. අවශ්‍ය ව ඇත්තේ "ජනතා විප්ලවීය" ලේ වැගිරීම් මාලාවක් හා වෙනිසියුලා හමුදාව තුළ බෙදීමක් පමණි. එය රඳා පවතින්නේ මදුරෝට ලැබෙන අන්තර්ජාතික සහයෝගිතාවයේ ප්‍රබලත්වය මතයි. එමෙන්ම අමෙරිකානු සහය ලබන ගුඅයිඩෝ බලයට පැමිණීම සියලු ප්‍රශ්න වලට විසඳුම නොවේ. ඒ මන්ද අන්තර්ජාතික මැදිහත් වීමක බලපෑම ඉතා ඉක්මනින් අවසන් නොවන බැවිනි. එමෙන්ම බලයට පත්වන්නාට "මැදිහත් වීමේ මිල" ගෙවීමටද සිදු වන බැවිනි. ඒනිසා වෙනිසියුලාව අද පවතින්නේ "මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වැනි තත්ත්වයකයි.
     
    • Like
    Reactions: Sabren