Olympic ශ්‍රීලංකාවට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලන්ඩන් ඔලිම්පික්‌ තරගාවලියේ විශේෂිත ඇඳුම් මැසීමේ
    කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවට

    අශෝක ගුණතිලක

    ලන්ඩන් ඔලිම්පික්‌ - 2012 තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකා තරග නිල ඇඳුම් නිපදවීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ නිමි ඇඳුම් කර්මාන්ත ආයතනයකට ලැබී ඇතැයි වාර්තා වේ.

    ජගත් ඔලිම්පික්‌ කමිටුව අනුබද්ධිත රටවල් 204 න් රටවල් 92 ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෝජිත මෙම නිල ඇඳුම් සැපයීමේ ලොව ප්‍රධානතම ක්‍රීඩා ඇඳුම් සහ භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයකට හිමිවී ඇති අතර, එම ආයතනය අපේකෂිත අවසන් කාර්යය වන එම ඇඳුම් මසා නිම කිරීම මෙසේ ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනයට පවරා ඇත.

    අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා භාණ්‌ඩ සහ ඇඳුම් නිෂ්පාදන ආයතනය සමග සම්බන්ධිත ගිවිසුම් අත්සන් කර ඇති රටවල් 92 ට ඇමෙරිකා එක්‌සත් ජනපදය, සෝවියට්‌ රුසියාව, ජර්මනිය සහ චීනය වැනි රටවල් ද අයත් වන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

    කොන්ත්‍රාත්තුලාභී ශ්‍රී ලංකා නිමි ඇඳුම් ආයතනයට එම ජාත්‍යන්තර සමාගමෙන් ගෙවනු ලබන මුදල හෝ රටවල් 92 හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බෙදා දෙනු ලබන ඇඳුම් කට්‌ටල සංඛ්‍යාව පසුව අනාවරණය කිරීමට නියමිතය.

    තරගාවලියේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාවිතය සඳහා විවේක කාලයේදී ඇඳීමට, පුහුණු කටයුතුවල නියෑළෙන අවස්‌ථාවලදී ඇඳීමට සහ තරග අවස්‌ථාවේදී ඇඳීම සඳහා අදාළ ජාත්‍යන්තර සමාගම විසින් ඇඳුම් සපයනු ලබන අතර තරග අවස්‌ථාව නිල ඇඳුම (Games Dya Kit) ශ්‍රී ලංකාවේ දී මසා නිම කරනු ලබන විශේෂිත ඇඳුම වේ.

    වාර්තා අනුව, තරග අවස්‌ථා ඇඳුම් බෙල්ලේ සිට පාදාන්තය දක්‌වා වැසුණු ඇඳුමක්‌ වන අතර දෙවැන්න කොටස්‌ දෙකකින් සමන්විතකොට කලිසම සහ බැනියම බව පැවසේ. පළමු ඇඳුම කෙටි දුර ධාවනය සඳහා ද දෙවැන්න මැදි දුර සහ දිගු දුර සඳහා විශේෂිතය.

    මෙම අවස්‌ථා (නිර්මාණ) දෙක සඳහා එකම අමුද්‍රව්‍ය භාවිත කර ඇත. ඉවතලන ලද ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්‌ටික්‌ බෝතල් 82% ක්‌ භාවිතයෙන් නිපදවන ලද නූල් මෙම ඇඳුම් සඳහා භාවිත කරන අතර එක්‌ ඇඳුමක්‌ නිපදවීම සඳහා ප්ලාස්‌ටික්‌ බෝතල් 13 ක්‌ භාවිත කෙරේ.

    නව නිර්මාණය මගින් විශේෂයෙන් මීටර 100 තරගකරුවන්ට තත්පර .023 ක අමතර වාසියක්‌ ලැබෙන බවට මේ පිළිබඳව කරන ලද පර්යේෂණවලදී දැන් සනාථව ඇත.

    යෝජිත "තරග දින ඇඳුම" මසනු ලබන රෙදි වර්ගය පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් සුළං හමන කෘත්‍රිම සුළං කපොලු හරහා තැබුවද එය පලුද්දක්‌ හෝ නොවූ බව පවසන පර්යේෂකයෝ මෙම නව නිර්මාණය වන වස්‌තුවකට පිටතින් එල්ලවන පීඩනය හෙවත් "එරෝඩයිනමික්‌ස්‌" සිද්ධාන්තය වැඩි දියුණු කිරීම මගින් දැන් ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තරගයේදී 7% ක පරිසර ප්‍රතිරෝධය මැඬලීමේ සහ වාතයේ චංචල ස්‌වභාවය මැඬලීමේ අමතර වාසියක්‌ අත්වන බවට ද වාර්තා කර ඇත.


    http://www.divaina.com/2012/04/17/sports01.html
     
    • Like
    Reactions: IShyam

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    mama danna widiyata 2004,2008 Olympic walata swimming kit supply kaleth Sri Lankawe company ekak... Mas Linea Aqua Hanwella paththe tiyenne :) :) :)