පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය.
විදේශීය වෙබ් අඩවි පොහොසත් කර අපේ රට බංකොලොත් කරන online මාෆියාව.
ඩොරලය ස්ථාවරව තබා ගැනීම සදහා සමහර ආනයනික භාණ්ඩ ආනයනය තහනම් කලද අන්තර්ජාලය හරහා එම භාණ්ඩ හා වෙනත් භාණ්ඩ රට තුළට ගෙන්වීම නිසා විශාල විදේශ විනියමයක් අහිමිවුවද එම ආනයන නවතා දැමීම සදහා රජය කටයුතු නොකිරීමෙන් දුෂ්කරතාවයන්ට මුහණුදීමට සිදුවී ඇත්තේ මෙරට පාරිභෝගිකයින්ටය. එම හේතුව නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන අතර භාණ්ඩ මිල ඉහළයාමද සිදුවේ.
2020/05/22 දින මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් මෙරටට අත්‍යවශ්‍ය නොවන බවට හදුනාගන්නා ලද භාණ්ඩ ලැයිස්තුවක් මෙරටට තාවකාලිකව ආනයනය කිරීම තහනම් කරන ලදී. එහෙත් එම ගැසට්පත්රය මගින් තහනම් කර තිබෙන භාණ්ඩ අන්තර්ජාලයෙන් වෙබ් අඩවි හරහා මෙරටට ආනයනය කිරීමට හැක. ඒ සදහා කිසිදු තහනමක් හෝ රජයට කිසිදු බදු මුදලක් ගෙවීමට අවශ්‍ය නැත. එම හේතුව නිසා මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් සාක්ෂාත් කරගැනීමට උත්සහකල අරමුණ ඉටුනොවනවා පමණක් එමගින් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක්ද සිදුවනු ලබයි.
මෙම තහනමට පෙර මෙරට ව්‍යාපාරිකයින්ට අදාල භාණ්ඩ මෙරටට ආනයනය කිරීමට අවසර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව වෙත අදාල බදු මුදල් ගෙවීමෙන් පසුවය. මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති භාණ්ඩ මෙසේ අන්තර් ජාලය හරහා ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වන අතර එම බදු අහිමිවීමේ පාපයට කරගැසීමට සිදුවන්නේ මෙරට පාරිභෝගිකකයින්ටම වීම කණගාටුදායකය.නිසි නිසි ක්‍රමෙව්දය අනුගමනය කරමින් මෙරටට එම භාණ්ඩ ආනයනය කිරීම මගින් මෙරටට විශාල බදු ආදායමක් ලැබෙනවා පමණක් ඒම භාණ්ඩ සදහා අගයක් එකතු කර (Value Added)සාධාරණ මිලට දේශිය වෙළදපොළ තුළින් භාණ්ඩ ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාවක්ද ලැබේ. තවද සමහර භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම අනිවාර්යය කර ඇත. විශේෂයෙන්ම ළදරු කිරි බෝතල් සදහා එසේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වුවද ඔන් ලයින් ක්‍රමයට වෙබ් අඩවි හරහා ළදරු කිරි බෝතල ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම සිදුනොකිරීමෙන් ළදරුවන්ගේ ජීවිත අනතුරේ දැමීමක් සිදුකරනු ලබයි. තවද අන්තර් ජාලය මගින් සමහර ආහාර වර්ග ආනයනය කිරීමට ඉඩදීමෙන් සිදුවන්නේ ප්‍රමිතියක් නොමැති ආහාර ද්‍රව්‍ය මෙරට තුළට ආනයනය කිරීම වන අතර එම ආහාර පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක් සිදුවනු ලබයි. අනෙක් අතට ආගම හා සම්බන්ධ වූ භාණ්ඩ මෙසේ ආනයනය කිරීමට ඉඩ ලබා දීමෙන් ආගම් අතර ගැටීමක් ඇතිවීමටද ඉඩ ඇත.
විදේශිය රටවල වෙබ් අඩවි පොහොසත් කරමින් අප රට බංකොලොත් කරන මෙම ක්‍රමවේදය වහාම නවතා දමන ලෙස හෝ තාවකාලිකව ආනයනය කිරීම තහනම් කොට ඇති භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී අදාල බදු මුදල් ගෙවීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය