online gemak gahamuthaaaa (on.enterpukar)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ලබා ගත් බව කියන පස් දෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

    පැහැරගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා ඉදිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත්, ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මාර්ගයක රැඳී සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඉකුත් 9 වැනිදා ඔහු පැහැරගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.



    පැහැරගත් ව්‍යාපාරිකයා සැකකරුවන් විසින් අත්, පා සහ මුහුණ ගැට ගසා බෙත්තාරාම ප්‍රදේශයේ නිවෙසක රඳවාගනු ලැබ සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් ව්‍යාපාරිකයා මාර්ගයෙන් ඔහුගේ මිතුරකුට දුරකතන ඇමැතුමක් දී ඔහු ලවා කප්පම් මුදල් ගෙන්වාගෙන ඇති බව ද පොලිසිය කියයි.

    කප්පම්කරුවන් දැනුම් දුන් පරිදි ව්‍යාපාරිකයාගේ මිතුරා රුපියල් ලක්ෂ 70 ක මුදලක් බෑගයක දමා තොටළඟ පාලමෙන් පහළට දැමීමෙන් පසු සැකකරුවන් ව්‍යාපාරිකයා එදිනම සවස මුදාහැර ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් දින කිහිපයකට පසු ව්‍යාපාරිකයා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා හා ලබාගත් තොරතුරු අනුව වෑන් රථය හඳුනාගෙන ඇති අතර, සැකකරුවන් කඩවත ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් එම වෑන් රථය ලබාගෙන ඇති බව පොලිසිය කියයි.



    සියලු තොරතුරු හෙළි කරගෙන සැකකරුවන් සිවු දෙනකු වත්තල ප්‍රදේශයේ දී ඉකුත් 18 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව අනෙක් සැකකරු ද ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත

    සැකකරුවන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් බවත්, එම ව්‍යාපාරය පාඩු ලබා බිඳ වැටීම නිසා පාඩුව පියවා ගැනීමට මෙම කප්පම් මුදල ලබාගෙන ඇති බවත් පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

    සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඕවා කරන එවුන් කොයි වෙල් හරි අහුවෙනවා. :lol: