ONMAX DT අධ්‍යක්ෂ මණ්ඩලයේ බැංකු ගිණුම් හයක් අත්හිටුවයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    විමර්ශන නිලධාරීන් පවසන්නේ අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේවන විට අත්හිටුවා ඇති බවය.

    මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ONMAX DT පුද්ගලික සමාගම පිළිබඳ විමර්ශන ආරම්භ කළේ ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් එම කොට්ඨාසයට සිදුකළ පැමිණිල්ලකට අනුවය.

    ONMAX DT පුද්ගලික සමාගම පැහැදිලිවම පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවට තහවුරු වී ඇති බව මහබැංකු නිලධාරීන් පැමිණිල්ල මගින් පෙන්වාදී තිබුණි.

    ඒ අනුව, සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) කරුණු වාර්තා කළේය.

    එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇති බවය.

    ඒ අනුව අදාළ රුපියල් කෝටි 79ක ඇතුළත් බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණය නියෝග කළේය.

    මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් විමර්ශන නිලධාරීන් පවසා ඇත.

    අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළ ද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නැති බවද විමර්ශකයින් පෙන්වා දෙයි.

    මේ අතර මෙම පිරමීඩ ජාවාරමට හසු වූ පුද්ගලයන් මෙතෙක් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර නොමැති අතර, විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට හසු වූයේනම් වහාම ළඟම ඇති පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසය.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    අවුලක් නෑ.කොහෙන් හරි රුපියල් වාශ්ප වෙනවනන්
     
    • Haha
    Reactions: SLK_sri

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mtfe කියන්නෙත් pyramid ද මටත් join වෙන්න කියනවා how can I trust
    Pyramid kiyalama kiyannath ba.
    Maasekata 4 parak withara salli kapenawa loss ekk kiyala.

    mulinma loss giye 30 days.
    Eeta passe 20 days.
    May- june 14 days.
    June-July 10 days.
    Dan 6 days.

    Eka nisa sure na maasaykwath thiyewida kiyala.🥴
     
    • Haha
    Reactions: Ulti

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Pyramid kiyalama kiyannath ba.
    Maasekata 4 parak withara salli kapenawa loss ekk kiyala.

    mulinma loss giye 30 days.
    Eeta passe 20 days.
    May- june 14 days.
    June-July 10 days.
    Dan 6 days.

    Eka nisa sure na maasaykwath thiyewida kiyala.🥴

    Ethakota okea mid level inna unta wath profit nadda ? baluwoth athnam godak un MTFE cn eka nea inne
     
    • Like
    Reactions: Kavindu1221

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ethakota okea mid level inna unta wath profit nadda ? baluwoth athnam godak un MTFE cn eka nea inne
    Referral වලින් earning කරන උන්ට (mid level උන්ට) loss එකක් එන දවසට referral වලින් profit එකක් එනවා කියන්නේ. ගොඩක් උන් join කර ගත්තොත් එන loss එකට වඩා referral earning වලින් හොයනවා ලු.

    Mtfe කියන්නෙත් pyramid ද මටත් join වෙන්න කියනවා how can I trust
    Pyramid වලට වඩා ඕක ponzi scheme එකක් වගේ යන්නේ.

    ඔන්න Canada වලින් banned කරලා.

    https://facebook.com/story.php?stor...11tQRP9PYl&id=100070445401164&mibextid=Nif5oz

    ------ Post added on Jul 14, 2023 at 7:10 AM
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Ethakota okea mid level inna unta wath profit nadda ? baluwoth athnam godak un MTFE cn eka nea inne
    refferal thiyena unta awulk na.
    mama refferal nathuwa maasa 3n withara $200 awa.eth dan loss yana widiyata refferal nathuwa wadakma na.