මේකයි සිද්ධිය. කවුරු හරි කෙනෙක් ඊයෙ රෑ එයාගෙ Google account එකෙ backup account එක විදිහට මගෙ Google account එක දාල. මං දන්න කෙනෙක් නෙමෙයි. මං ඒක ඊයෙ ගනන් ගත්තෙ නෑ. මූ අදත් තව account එකක් හදල ඒකටත් මගෙ account එක දාල backup account එක විදිහට. සුපිරිම වැඩේ මූ මේ පාර මගෙ email එකේ නමම පාවිච්චි කරල අගට number එකක් දාල. මට කරන්න දෙයක් නෑ. මං උගෙ accounts දෙකම ඉස්සුව. Recently used devices, recent activities වල මොකුත්ම නෑ. මට හොයාගන්න පුලුවන් උනේ ඌ එකට දාපු නමයි, මගෙ account එක backup account එක විදිහට දාද්දි තිබ්බ IP address එකයි විතරයි. ඒක කටාර් වල එකක්. ඇති ප්‍රශ්නෙකුත් නෑ මට ඉතින්. ඌට ඒ accounts වලට access කොහොමටත් නෑ දැන්. කාට හරි මෙහෙම වෙලා තියෙනවද?
