OS එකක් මත තවත් OS එකක් VM

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    OS එකක් මත තවත් OS එකක් VM

    මොකක්ද VM කියන්නේ?

    zvlTTBptOziLtU7W_1.jpg

    වින්ඩෝස් මත උබුන්ටු ධාවනය වන ආකාරය (windowscentral.com)Virtual Machine හෙවත් VM එකක් කියන්නේ තවත් මෙහෙයුම් පද්ධතියක් දැනට තියෙන මෙහෙයුම් පද්ධතිය මත ම program එකක් විධියට run කරන්නට පහසුකම් සලසන අතථ්‍ය (Virtual - සැබෑ ලෙස නොමැති) පරිගණකයක්. VPS (Virtual Private Server) කියන්නේත් එලෙසම Dedicated Server එකක සැකසූ අතථ්‍ය පරිගණකයක්.
    VM පාවිච්චි කරද්දී ධාරක මෙහෙයුම් පද්ධතිය (Host Operating System) ලෙස හඳුන්වන්නේ අපේ පරිගණකයේ හෝ Server එකක දැනට තිබෙන OS එකයි. ආගන්තුක මෙහෙයුම් පද්ධතිය (Guest Operating System) කියන්නේ Virtual Machine එක හරහා අපි පාවිච්චි කරන OS එකයි.
    Host OS එකට සාපේක්ෂව බැලුවාම Guest OS එක හුදෙක් තවත් එක් program එකක් විතරයි. Guest OS එකේ සිට බැලුවාම එය සිතන්නේ එය තවත් සත්‍ය පරිගණකයක සිට ධාවනය වන්නක් බවයි. එයට Host OS එක ගැන කිසිදු දැනීමක් නැහැ. මේ දෙක අතර සම්බන්ධතාවය ඇති කරන්නේ VM මෘදුකාංගයක් විසිනුයි. එමගින් අපේ සත්‍ය පරිගණකයේ තිබෙන CPU, RAM, Storage වෙන් කරගෙන නව පරිගණකයට හැකියාව සපයනවා. Pen එකක් සම්බන්ධ කළත් එය VM එක තුළ දර්ශනය වන ආකාරයට සකසා ගන්නට පුළුවන්. අන්තර්ජාල සබඳතාව, මවුස්, කීබෝඩ් ආදී සියළු දේ ද මෙයට සබැඳෙන නමුත් එය ධාවනය වන අතරතුරේ තවත් program එකක වැඩ කරන්නට (වේගය හැර) ඉන් කිසිදු බාධාවක් නැහැ.
    MfkLLM5AECAM0aqM_2.png

    MacOS මත වින්ඩෝස් ධාවනය වන ආකාරය (imore.com)ඔබට අවශ්‍ය ඕනෑම VM ගණනක් පරිගණකයේ රඳවා ගන්නට පුළුවන්. VM එකක හාඩ් එක විධියට පාවිච්චි වෙන්නේ අපේ හාඩ් එක මත හැදෙන තනි file එකක්. එනිසා හාඩ් එකේ ඉඩ තිබෙන ප්‍රමාණය අනුව රඳවා ගන්නට හැකි VM ගණන සීමා වෙනවා. VM එකකට හාඩ් එකෙන් වෙන් කරන ප්‍රමාණයත් පාලනය කරන්නට පුළුවන් නිසා කරන වැඩ කටයුතු අනුව එය අවශ්‍ය අවස්ථාවලදී වුවත් සකසා ගන්නට හැකියි.
    සාමාන්‍යයෙන් පරිගණකයට OS එක install කරන විධියටම VM එකට එකතු කරගත හැකි Guest OS එකක් boot කළාට පස්සේ එය තිරය මත ධාවනය වෙනවා. Full Screen දාගෙන උපරිම අත්දැකීම විඳින්නත් අවස්ථාව තිබෙනවා.
    VM අවශ්‍ය වන අවස්ථා

    ප්‍රායෝගිකව VM එකක් යොදාගන්නට හැකි අවස්ථාවන් රැසක් තිබෙනවා. අලුතින් තවත් පරිගණකයක් ගන්නවා වෙනුවට තිබෙන පරිගණකයේම තවෙකක් ප්‍රතිනිර්මාණය කරමින් යමක් කරන්නට හැකිවීම මහත් පහසුවක් සහ ආර්ථික වාසියක්.
    අලුත් OS version එකක් අත්හදා බලන්නට

    කිසියම් හේතුවක් නිසා පරණ OS එකක් පාවිච්චි කරනවා නම් එහි අලුත් version එකේ අත්දැකීම ලබාගන්න VM එකක් භාවිත කළ හැකියි. වින්ඩෝස් 7 පාවිච්චි කරමින් සිටින ඔබට Windows 10වල තිබෙන විශේෂාංග දකින්නට ආසාවක් තිබෙනවා නම් VM එකට එය ස්ථාපනය කර, දැනට තිබෙන programs ද ඊට එක් කර ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි උත්සාහ කරන්න පුළුවන්. එවිට සම්පූර්ණ format එකකට ගත කරන කාලය ඉතිරි කරගෙන OS එක upgrade කරවාද නැද්ද යන්න කලින්ම තීරණය කරන්නට හැකි වෙනවා.
    වෙනත් OS අත්විඳින්නට

    Games, Photoshop වැනි හේතූන් නිසා ලිනක්ස්වලට යොමු වෙන්නට අවස්ථාවක් නැතිව ඉන්නා අයට ලිනක්ස් distroවල අත්දැකීම ලබාගන්නට VM එකක් හරහා අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ලිනක්ස් පාවිච්චි කරමින් වින්ඩෝස්වලින් කිසියම් කටයුත්තක් කරගන්නට අවශ්‍ය කෙනෙක්ට එහි සිටම වින්ඩෝස් පාවිච්චි කරන්නට පුළුවන්. එපමණක් නොවෙයි, Mac OS අත්දැකීම ලබන්න ඉහළ මිලක් දී Macbook එකක් මිලදී ගන්නට අවශ්‍ය වන්නේත් නැහැ.
    පරණ OS ඉල්ලන මෘදුකාංග වෙනුවෙන්

    අතීතයේ පාවිච්චි කළ මෘදුකාංගයක් යළිත් පාවිච්චි කරන්නට අවශ්‍ය වුවොත් ඒ වෙනුවෙන්ම දැනට තිබෙන OS එක ඉවත් කරන එක නිරර්ථක වැඩක්. ඒ වෙනුවට VM එකට Windows XP වැනි පැරණි OS එකක් දාගත්තාම ඒ අදාල මෘදුකාංගය ඉල්ලන පරිසරය යළි සකසා දී ඉන් වැඩ ගන්නට හැකියාව තිබෙනවා.
    වෙනත් OS එකකට සැකසූ මෘදුකාංග පාවිච්චියට

    whH8SVdeUbuWZbuZ_5.png

    උබුන්ටු මත වින්ඩෝස් 7 භාවිතයට සැරසෙන අවස්ථාවක් (techhive.com)ලිනක්ස් පාවිච්චි කරන අයට Photoshop අවශ්‍ය වුවහොත් ඒ සඳහා විසඳුම් VM එකක් පාවිච්චි කිරීමෙන් ලබාගත හැකි වෙනවා. iOS සඳහා app develop කිරීමේදීත් XCode පාවිච්චි කිරීම වෙනුවෙන්ම Macbook එකක් මිලදී ගන්නවා වෙනුවට VM එක හරහා app එක build කරගන්න අවස්ථාව සැලසෙනවා. නමුත් මෙය පරිගණක ක්‍රීඩා සහ වැඩි බලයක් අවශ්‍ය මෘදුකාංග සඳහා නම් මහත් සාර්ථකත්වයක් සපයන්නේ නැතිවීම අවාසනාවක්.
    මෘදුකාංග අත්හදා බැලීමට

    මෙහෙයුම් පද්ධති කිහිපයක් තනි පරිගණකයක ධාවනය කරන්නට අවස්ථාව ලැබෙන නිසා OS install කිරීම්වලට කල් ගත නොකර, සකසන ලද මෘදුකාංගයක් අනෙකුත් මෙහෙයුම් පද්ධති පරිසරයන්හි ක්‍රියා කරන ආකාරය පහසුවෙන්ම අත්හදා බලන්නට පුළුවන්. අවශ්‍ය ආකාරයට RAM, Network පාලනය කළ හැකි නිසා දැනට තිබෙන මෙහෙයුම් පද්ධතියම පවා යොදා අඩු RAM එකක් සහිත අවස්ථාවකදී, slow network එකකදී එය කෙසේ මුහුණ දෙනවාද යන්න අත්දැකිය හැකියි.
    තනි Server එකක් බෙදා වෙන් කරන්නට

    2l2VuvX7X79UWanz_6.jpg

    vpsinfo.comDedicated Server එකක් අරගෙන එය VPS රැසකට වෙන් කර, Servers කිහිපයක් වශයෙන් පාවිච්චි කරන්නට VM තාක්ෂණය නිසා අවස්ථාව ලැබෙනවා. ඒවායේ වෙනස් OS අඩංගු කරන්නටත්, ඇතුලත් කරන මෘදුකාංග (වෙබ් අඩවි) වලට අවශ්‍ය ලෙස RAM, CPU ලබාදිය හැකි නිසාත් වැඩි වාසි සලසා ගන්නට පුළුවන්. අවශ්‍ය නම් තමන්ට අවශ්‍ය කොටස් වෙන් කරගත්තාට පසු ඉතිරිය VPS ලෙස කොටස් කර විකිණීමත් සිදුකරන්නට අවස්ථාව සැලසෙනවා.
    VM මෘදුකාංග

    dZU3kgchIKnWncQX_7.jpg

    VirtualBoxහි ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වෙමින් (majordroid.com)Windows CD එකකින් හෝ ලිනක්ස් වැනි ඒවා ISO වලින් වැනි පහසු ආකාරයකට ස්ථාපනය කරගෙන පාවිච්චි කරන්නට අවස්ථාව සලසන නොමිලේම ලබාගත හැකි මෘදුකාංග රැසක් Windows, Linux, MacOS මෙහෙයුම් පද්ධති සඳහා තිබෙනවා. VirtualBox (Windows/Mac/Linux), VMware (Windows/Linux) සහ වින්ඩෝස් සඳහා Windows Virtual PC මෙන්ම ලිනක්ස් සඳහා QEMU ද නොමිලේ ලබාගත හැකි VM මෘදුකාංග වෙනවා. පරිගණකය මත Android ධාවනය කරන්නට Bluestack (Windows), Genymotion (Windows, Linux) යොදාගත හැකියි.