our story

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
සම්මා දෘෂ්ටිය කොටස් 3ක් තියෙනවා. ඒවා මේ විදියට දක්වන්න පුළුවන්. කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි ලෙස ට.

මේකෙන් කම්මස්සකතා සම්මා දිට්ඨිය මේ විදියට සරලව දක්වන්න පුළුවන්. “සබ්බේ සත්ථා කම්මස්සකා කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිස්සරනා, යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති.”

“සබ්බේ සත්ථා කම්මස්සකා” : සත්වයන් කුමන තැනක ඉපදුනද කො‍යි ආකාරයෙන් කොයි තරම් දුරක් සංසාරයේ ගමන් කරන්නේද ඔවුන් සිදු කරන හොඳ හා නරක ක්රි යාවන් ඔවුන්ගේ දේපල ලෙසට පවතී. එනම් කෙනෙකුගේ හොඳ ‍හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දේපල වන බවයි.

“කම්මදායාදා” : එසේම එය ඔවුන්ගේ උරුමය වේ. එනම් කෙනෙකුගේ හොඳ ‍හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දායාදය වන බවයි.

“කම්මයෝනි” : කෙනෙකුගේ හොඳ හෝ නරක ක්‍රියා සසර පුරා සැරි සැරීමට ඔහුට හේතුව වේ.

“කම්මබන්ධු” : සසර පුරා සැරි සැරීමේදී ඔවුන්ගේ නෑයින් හා සැබෑ යාළුවන් වන්නේ හොඳ හෝ නරක ක්‍රියාවන් පමණි.


“කම්මපටිස්සරනා” : සසර පුරා සැරි සරද්දී ඔවුන්ට සරණ වන්නේ ඔවුන්ගේ හොඳ හෝ නරක ක්‍රිය පමණි.

“යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති” : කයින්, වචනයෙන් හා සිතුවිලි වලින් ක්‍රියාවක් සිදු කරනු ලද්දේ ද එය හොඳ හෝ නරක වේවා එම කර්මය සසර සැරි සරන්නට හේතු වන්නා සේම ඔවුන්ගේ උරුමය ද වේ.

දසවත්ථුක සම්මා දිට්ඨිය ත් මේ විදියට දක්වන්න පුළුවන්. “අත්ථිදින්නම්, අත්තියිත්තම්, අත්ති හුතම්, අත්ථි සුකාත දුක්කාතානම් කම්මානම් ප්හලම් විපාකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති අයම් ලෝකෝ, අත්ති පරලෝකෝ, අත්ති ලෝකේ සමණා බ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමන්චා ලෝකම් පරන්චා ලෝකම් සයම් අභින්ඥා සච්චිකත්වා පවේදෙන්ති.”

අත්ථිදින්නම් : දුන් දෙයෙහි විපාක ඇත.

අත්තියිත්තම් : වඩාත් පිදීමෙහි විපාක ඇත.

අත්ති හුතම් : අඩුවෙන් පිදීමේදීත් විපාක ඇත.

අත්ථි සුකාත දුක්කාතානම් කම්මානම් ප්හලම් විපාකෝ : සුසිරිත් දුසිරිත්හි විපාක ඇත.

අත්ති මාතා : මවට කරන ලද හොඳ නොහොඳ දේහි විපාක ඇත

අත්ති පිතා : පියාට කරන ලද හොඳ නොහොඳ දේහි විපාක ඇත.

අත්ති සත්තා ඕපපාතිකා : මවිපියන් නොමැතිව ඕපපාතිකව පහළ වන්නා වු සත්ත්ව කොටිඨාශයක් ඇත. ( ප්‍රේතයින් දෙවියන් සක්‍රයා බ්‍රහ්මයන් ආදී සත්වයෝ)

අත්ති අයම් ලෝකෝ : මෙලොව ඇත.

අත්ති පරලෝකෝ : පරලොව ඇත.
තවත් විදියකට කියනවා නම් මේ මනුස්ස ලෝකය වගේම සතර අපාය, සදෙව් ලොව, බ්‍රහ්ම ලෝක විස්සක් ඇතුලත් පරලෝක ඇත්තටම පවතිනවා කියන එක .

අත්ති ලෝකේ සමණා බ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමන්චා ලෝකම් පරන්චා ලෝකම් සයම් අභින්ඥා සච්චිකත්වා පවේදෙන්ති : මෙලොව පරලොව දෙක සිය නුවණින් හොදින් අවබෝධ කර ගෙන ලොවට ප්‍රකාශ කරන්නා වු මැනවින් දහම් මගට පිළිපන්නා වු බුදුරජාණන් වහන්සේ වැන්නන්,මහණුන්, බමුණෝ ඇත.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
චතු සච්ච සම්මා දිට්ටි යත් මේ විදියට දක්වන්න පුළුවන්.

1. දුක්ඛේ ඥාණම් ඒ කියන්නේ දුක පිළිබඳව තියෙන අභ්‍යන්තර දැනීම
2. දුක්ඛ සමුදයේ ඥාණම් එනම් දුකට හේතුව පිළබඳව තියෙන අභ්‍යන්තර දැනීම
3. දුක්ඛ නිරෝධ ඥාණම් එනම් දුක නැති කිරීම ගැන තියෙන අභ්‍යන්තර දැනීම
4. දුක්ඛ නිරෝධ ගාමිණීපථිපදා ඥාණම් එනම් දුක නැති කිරීමේ මාර්ගය ගැන තියෙන අභ්‍යන්තර දැනීම

ඊට පස්සේ අපිට පුළුවන් මේ එකින් එක ඒ කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි ගැන වෙන වෙනම මීට වඩා ටිකක් ගැඹුරින් බලන්න. ඔයා ඒ ගැන දැන ගන්න කැමති නම් රිප්ලයි කරන්නකෝ. මට තියෙන වෙලාවත් එක්ක මන් හිමින් සැරේ ඒ ගැන මෙතන ලියන්නම්.

කර්මය කියන දේ විඳින්න විඳවන්න කෙනෙක් ඉන්නවා. දන්නවානේ ඒ පංචස්කන්ධයෙන් සමන්විත වෙච්ච නාම මාත්රි ක සත්වයා. ඒ සත්වයාගේ විඤ්ඤාණයේ මුල් වීමෙන් තමයි කර්මයේ ප්‍රතිපල භුක්ති විඳින්නේ. යම් කිසි දවසක අවිද්‍යාව විද්‍යාවට පෙරලගත්ත දවසට ඒ සත්වයා තව දුරටත් කර්ම කරන එක ක්‍රම ක්‍රමයෙන් නවත්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කුසල් අකුසල් ක්‍රියාවන්. රහත් බවට පත් වුනාට පස්සේ හුඟක් දුරට ඒ දේවල් නැති වෙනවා. ඒත් තමන් පහු ගිය සසර වලදි කර ගත්ත අකුසල් සිතිවිලි වල සෙවණැල්ල ඒ ප්‍රමාණය ගෙවිලා ඉවර වෙනකම්ම සත්වයාගේ හෙවණැල්ල වගේ පස්සෙන් ම එනවා. අර ආසව සම්මා දිට්ටිය ගැන කියන්නේ සරලව ගත්තම මේ ටික තමයි. ඒ කියන්නනේ සෝවාන් මාර්ගයෙන් පටන් ගත්තට පස්සේ අපි කරන අකුසල් කර්ම ප්‍රමාණය අඩු වෙනවනේ. දන්නවානේ පංචභයවෙර සූත්‍රය ? මේ දේවල් එක්ක මේ ගැන හිතලා බලන්න. අනිවාර්යෙන්ම පංචභයවෙර සූත්‍රය කියවන්න.මේක අනාථ පිණ්ඩික සිටු තුමාට බුදු හාමුදුරුවෝ දේශනා කල සූත්‍රයක්.

අනිත් අතට මතක තියාගන්න සියළුම ආශව ධර්මයන් ක්ෂය කරන්නේ බුදු හාමුදුරුවෝ විතරයි. ඒත් උන්වහන්සේ ත් කර්ම ඵලයන්ට අනුව මනුෂ්‍යය ශරීරයක් ලැබුවට පස්සේ ඒ ශරීරයේ ස්වභාවය අනුව ස්වභාව ධර්මයේ පවතින අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම කියන ලක්ෂණයන්ට මූණ දෙන්න ඕනා. බුදු වුනා කියලා ඒක නවතින්නේ නෑ.ලෙඩ දුක් වලට ජරාවට මරණයට පත් වෙන්න ඕනා. නමුත් ආශව ධර්මයන් සියල්ලම නැති කල නිසා මේ දේවල් විඳ ගැනීමේ ශක්තිය අනිත් සතුන්ට වඩා වෙනස් වගේම වැඩියි. ඒත් බුදු නොවුන කෙනෙක්ගේ මේ දැරීමේ ශක්තිය අඩුයි. පසේබුදු, අග්‍ර ශ්‍රාවකයන් දෙපොළගෙ ඉඳලා පිළිවෙලින් මහ රහතන් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ,අනාගාමී ආදී වශයෙන් මේ ප්‍රමාණය අඩු වේගෙන යනවා. මේ ගැන දකින්න අපි සුදුස්සෝ වෙන තාක් අපි දුක් විඳිනවා. ඉතින් සම්මා දිට්ටිය තුලදි අපි දකින්න ඕන ඕවා තමයි.

මෙතනදි මන් තව එක නිදර්ශණයක් ඔයාට දෙන්නම්. සංයුක්ත නිකායේ තියෙන පරිනිබ්බාණ සූත්‍රය බලන්නකෝ. බදුහාමුදුරුවෝ උපවත්තන සල් උයනට එන ගමනෙදි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මට දැන් වයසයි ඒ නිසා හරියට පේන්නේ නෑ.හම රැලි වැටිලා,මහන්සියි කියලා. ඒ වගේම තමන් වහන්සේට ඇති වෙච්ච අතීසාරේ අසනීපෙට බේත් අරන් එන්න කියලත් ආනන්ද හාමුදුරුවන්ට කියනවා.ඒ ගේන බේත් බීලා ඒ ශක්තියත් එක්ක තමයි බුදු හාමුදුරුවෝ තමන්ගේ ගමන වඩින්නේ. ඒ වැඩලා අදාල සියලු කටයුතු අවසන් වුනාට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට දේශනා කරනවා මහණෙනි දැන් වනාහී තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුලුය.අප්‍රමාදයෙන් සම්පාදනය කරව්.මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි. මේ තමයි ඇත්තටම අපි අත්කර ගත යුතු සම්මා දිට්ටිය.

යම් විදියකට මොන හේතුවකින් හරි පංචස්කන්ධයක් ඇති කර ගත්තොත් අනිවාර්යෙන්ම ස්වාභාවයෙන් උරුම වෙච්ච දේට මූලික වශයෙන් අපි ට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට අපි ඊයේ දවසෙදි කර ගත්ත කර්මයන්ගේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්නත් වෙනවා. සමහරක් කර්මයන් අපිට නැති කරගන්න පුළුවන් අපේ උත්සහය නිසා, ප්‍රමාද නොවීමෙන්. ඒත් සමහරක් කර්ම වලට කොයිම වෙලාවකදි හරි මුහුණ දෙන්න වෙනවා (මීට හොඳම උදාහරණය තමයි මුගලන් හාමුදුරුවන්ගේ කථාව) හැබැයි මෙතනදි සම්මා දිට්ටිය තිබුනත් නැතත් ඒ දේ ප්‍රතිථල ලැබෙනවා. මීළඟට අවසන් වශයෙන් අපි සම්මා දිට්ටිය ඇති කර නොගත්තොත් අවිද්‍යාවෙන් අපි වැහිලා ඉන්න නිසා කවදාවත් සත්‍යාවබෝධය කරගන්න ‍බැරි වෙන නිසා සංසාරේ දි නොයෙකුත් ලෝක වල ඉපදි ඉපදි අනාථව හැසිරෙන්න වෙනවා.