Outdoor Activity කරන අයට Motivate වෙන්න ඇප් එකක් Strava

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මම ළගදි මවුන්ටන් බයික් එකක් ගත්තා ඒකට නූලකුත් දැම්මා කට්ටිය අනන් මනන් කිව්වා ඒක ඇඩ් නූලක් කියලා ඒක ඇඩ් නූලක් නෙමෙයි කියලා මම ඔප්පු කරා ඒ නූල ඕන අයට මෙන්න. හරි මම මවුන්ටන් බයික් එක ගත්තා දැන් ඕක පදින්න එපැයි බදින්න ගත්තා ටිකක් කම්මැලි වැඩේ. යාලුවොත් නෑ පදින්න ඉතින් මට Strava ඇප් එක ගැන දැනගන්න හම්බුනා, ඒකත් Facebook වගේ සීන් එකක් හැබැයි ඒකෙ ශෙයා වෙන්නෙ අපි කරන ඇක්ටිවිටීස්. වෙලාවට ටික කාලෙකට කලින් ගත්ත MI Watch Lite එකක් මගෙ ලග තිබුනා. වෙලාවට ඒක Strava ඇප් එකට කනෙක්ට් කරන්න පුලුවන් Mi Fitness ඇප් එකෙන්. මම ඉතින් ඕක අතේ බැදගෙන බයික් එක පැද්දා හම්මටසිරි Mi Watch Lite එකේ Inbuilt GPS තියන නිසා මම ගියපු Route එක ලස්සනට ට්‍රැක් වෙලා ඕක ඉතින් ඇක්ටිවිටි එක ඉවර උන ගමන් නිකන්ම Strava App එකට Sync උනා. Strava Site එකේ තියනවා සපෝට් කරන ඩිවයිස් ලිස්ට් එකක්. ඔයාලා Fitness Tracker එකක් ගන්න හිතාගෙන ඉන්නව නම් ඒ ලිස්ට් එකෙන් ඩිවයිස් එකක් තෝරගන්න හැබැයි 15-17 වගෙ තියන MI Watch Lite and Mi Watch Lite 2 එකත් කනෙක්ට් කරන්න පුලුවන්. ඔයාලා ඇවිදින දුවන පීනන ඒ හැම දෙයක්ම ෆිට්නස් ට්‍රැකර් එකෙන් ට්‍රැක් කරලා Strava Sync කරන්න පුලුවන්. ඒකෙ චැලේන්ජස් තියනවා තව කට්ටිය ඉන්නවා. ඔයා ෆිට් එකේ ඉන්න කති පොරක් නම් කරන්න කම්මැලි කමේ හිටිය නම් පොඩ්ඩක් මේක ට්‍රයි කරල බලන්න මෝටිවේශන් එකක් වේවි. මට අකුරෙන් අකුර මේකෙ දාන්න බෑ. ඔයාලා ඇප් එක දාගෙන පොඩ්ඩක් අතපත ගාලා බලන්න වැඩේ සෙට් වෙයි. එහෙනම් කොල්ලෝ ජය වේවා. මේ ආණ්ඩුව පන්නන්න කොල්ලො ෆිට් එකේ ඉන්න ඕන ;)