party ekakata aapu haamuduruwo නිරෝධායනයට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    party ekakata aapu haamuduruwo නිරෝධායනයට

    අනුරාධපුර ප්‍රදේශයේ සිට ඊයේ රාත්‍රියේ මාතර අකුරැස්ස හොරගොඩ ප්‍රදේශයට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් සමඟ එම නිවැසියන් නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    ප්‍රදේශවාසීන් විසින් මෙම පිරිස පිළිබඳව පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි මාලිබඩ පොලිසිය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව මෙම පියවර ගෙන ඇත්තේ.

    අදාළ හිමිනම සමඟ අනුරාධපුර ප්‍රදේශයේ සිට මාතර අකුරැස්ස හොරගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත උත්සවයකට සහභාගීවීම සඳහා මෙලෙස පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
    එහිදී මෙම පිරිස ඇඳිරි නීතිය පැවති අවස්ථාවේ කිසිදු බලපත්‍රයක් නොමැතිව මෙලෙස පැමිණ ඇති බවටයි වැඩිදුර තොරතුරු අනාවරණ වන්නේ.