PayPal ඇන ගනී

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    PayPal සමාගම ඔවුන්ගේ ගනුදෙනුකරුවන් නිසි පරිදි දැනුවත් කිරීමකින් තොරව එම ගනුදෙනුකරුවන් PayPal Card නම් Credit Card ව්‍යපෘතියකට බඳවා ගෙන ඇතැයි ඇමරිකානු එක්සත් ජනපදයේ පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර්යාංශය US Consumer Financial Protection Bureau (USCFPB) චෝදනා කරයි.

    සාමාන්‍ය PayPal ගිණුමකට ලියාපදිංචි වීමේ අදහසින් PayPal වෙබ් අඩවියට ප්‍රවේශ වන ගනුදෙනුකරුවන් එහි ඇති නොමඟ යවන සුළු තොරතුරු අනුව ක්‍රියා කරමින් නොදැනුවත්වම එම Credit Card ව්‍යාපෘතියට ලියාපදිංචි වී ඇති බව USCFPB ප්‍රධාන අධ්‍යක්ෂක Richard Cordray පවසයි.

    මීට දශකයකට පෙර eBay විසින් එහි ගෙවුම් පද්ධතිය ලෙස තෝරා ගෙන මිළ දී ගැනුනු PayPal සමාගමට විරුද්ධව දැනට චෝදනා රාශියක් එල්ල වී ඇත. දෝශ සහිත ලෙස ගනුදෙනු සටහන් කිරීම, ගෙවුම් චෙක්පත් අස්ථානගත වන පරිදි ක්‍රියා කිරීම, නොසැලකිලිමත්භාවය, බිල්පත් ආරවුල් නිසි ලෙස කළමනාකරණය නොකිරීම, Credit Card ව්‍යාපෘතියට බැඳෙන ගනුදෙනුකරුවන් සඳහා ලියාපදිංචියේදී ලබා දෙන බවට පොරොන්දු වූ ඇ.ඩො. 10 ක ණය මුදල ලබා දීම පැහැර හැරීම ඒ අතර ප්‍රධාන වේ.

    අවුල ලිහා ගැනීම සඳහා අගතියට පත් පාර්ශවයන්ට PayPal සමාගම විසින් ඇ.ඩො. මිලියන 15 ක වන්දි ගෙවීමේ අරමුදලක් සූදානම් කිරීමට නියමිත බවත්, සිදු වූ අතපසු වීම් සම්බන්ධයෙන් USCFPB වෙත ඇ.ඩො. මිලියන 10 ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇති බවත් සැළවී ඇත.

    PayPal ඇමරිකානු රජයට දඩ ගෙවන දෙවන අවස්ථාව මෙයයි. ඉරානයට, කියුබාවට හා සූඩාන රාජ්‍යයන්ට ඇ.එ.ජ. විසින් පනවා තිබූ සම්බාධක නොතකා එම රටවලට PayPal සේවාව විවෘත කිරීම ඔවුන් සිදු කළ මුල්ම වරද ලෙස සැලකේ.

    මේ සම්බන්ධයෙන් PayPal භාවිතා කරන ශ්‍රී ලාංකිකයින් ලෙස අප එතරම් බිය විය යුතු නැත. ඇත්තේ සිහිබුද්ධියෙන් යුතුව අපගේ PayPal ගිණුම පරිහරණය කිරීමයි. PayPal වෙතින් ලැබෙන Offers විමසිලිත්ව කියවා බැලීමෙන් අනතුරුව පමණක් ඒවා සඳහා කැමැත්ත පළ කිරීමයි. නැතිව ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීම නොවේ.


    Newswire ඇසුරෙනි
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    mehe paypal card 1k oni kadking hadaganan ahakai aurudu 4k wage valid card eka salli ganna salli yawanna oni magulak mkaranna ahakai


    man num kamathi PayPal eka ganu denu karanna bn


    tawa PostPay kiyala magulakuth dennwa Post office ekn ekunth oya weda tikama karanna ahaki

    oya dekatama api salli oya oni kadeking gihin danna ahakai habaii un salli dankota 1.20 euro apen gananwa bn :baffled:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    හොඳම වැඩේ සොන්නහ්පැල් කාරයෝ සිංහලුන්ට සල්ලි රිසිව් දෙන්නේ නෑ උන්ට කෙලවන්න බලං ඉන්න ඉරනෙට දීලා ලොල් සහගතයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    mehe paypal card 1k oni kadking hadaganan ahakai aurudu 4k wage valid card eka salli ganna salli yawanna oni magulak mkaranna ahakai


    man num kamathi PayPal eka ganu denu karanna bn


    tawa PostPay kiyala magulakuth dennwa Post office ekn ekunth oya weda tikama karanna ahaki

    oya dekatama api salli oya oni kadeking gihin danna ahakai habaii un salli dankota 1.20 euro apen gananwa bn :baffled:

    ලංකාවට ඕක දෙන එකක් නෑ