paypal වලින් ලංකාවට සල්ලි ගන්න?

Sep 18, 2014
143
8
0
paypal වලින් ලංකාවට සල්ලි ගන්න?


ලංකාවට Paypal හඳුන්වාදෙන කාලය ගැන මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්





ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ සිට පේපෑල් මුදල් හුවමාරු සේවාව තුළින් වෙනත් රටවලට මුදල් යැවිය හැකි නමුත් ලංකාවේ නීති වලට අනුව වෙනත් රටවල සිට ලංකාවට පේපෑල් හරහා මුදල් එවිය නොහැකිය.
කෙසේවෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබෙන්නේ පේපෑල් ඔස්සේ ලංකාව තුළටත් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි.
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.
උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.


මේක 2014 නිවුස් එකක්.තාම හරිගිහින් නැද්ද :nerd::nerd:
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඕව ගොන් මහින්දයගේ රජයේ බොරු බන්. පේපැල් එක ලංකාවට දෙන්න තව ගොඩක් කල් යයි. මොකද ලංකාවෙන් පේපැල් එකට ලොකු බිස්නස් වෙන්නේ නැහැ අනෙක් අටවල වගේ. සාම ගනුදෙනුවක්ම ඩොලර් 1000 අඩුවෙන් සිද්ද වෙන්නේ. කලාතුරකින් තමයි ඊට ඉහල ගනදෙනු සිද්ද වෙන්නේ.