PayPal සහ ලංකාවේ "සැලවෙන" අලුත්ම බේගල් - මඩේ නොවැටී ඉමුද?

lisa8

Junior member
  • Sep 4, 2025
    15
    56
    13
    දැන් දවස් ටිකක ඉඳන් Facebook එකේයි, අරෙහෙ මෙහෙයි කට්ටියක් ලොකු සද්දයක් දානවා දැක්කා "PayPal ලංකාවට ගේන්නේ මමයි" නැත්නම් "මම නිසා තමයි PayPal එන්නේ" කියලා. මේ ගැන පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න කාලය හරි.

    1. PayPal කියන්නේ පට්ටියක හරකෙක් නෙවෙයි ලනුවෙන් ඇදගෙන එන්න​

    PayPal කියන්නේ ලෝකයේ තියෙන දැවැන්තම පේමන්ට් ගේට්වේ එකක්. ඒගොල්ලෝ රටකට එනවා නම් ඒක තීරණය කරන්නේ ඒ රටේ මුල්‍ය නීති (Exchange Control Regulations) සහ මහ බැංකුවේ අවසරය මත මිසක්, FB එකේ පෝස්ට් දාන පුද්ගලයෙක්ගේ උවමනාවට නෙවෙයි.

    2. "ලකුණු දාගැනීමේ" කලාව​

    ගොඩක් වෙලාවට වෙන්නේ මහ බැංකුවෙන් හෝ රජයෙන් PayPal එක්ක සාකච්ඡා යනවා කියලා ආරංචි වුණාම, මේ වගේ අය ඒක අල්ලගෙන "මම තමයි මේක කරන්නේ" කියලා මාර්කට් කරන එක. ඇයි එහෙම කරන්නේ?

    • තමන්ගේ පේජ් එකට රීච් ගන්න.
    • පස්සේ කාලෙක "PayPal expert" කියාගෙන කෝස් එකක් විකුණගන්න.
    • නැත්නම් තමන්ගේ Personal Brand එක හදාගන්න.

    3. අතීතය මතකද?​

    මීට කලිනුත් ඔය වගේ PayPal ගේනවා කියලා සෙල්ෆි ගහපු, ඇමතිවරු හම්බවුණු කී දෙනෙක් ආවාද? අන්තිමට වුණ දෙයක් තියෙනවාද? PayPal එකෙන් ඇත්තටම සේවාව දෙනවා නම් ඒක නිල වශයෙන් PayPal Global Newsroom එකේ හෝ ලංකාවේ මහ බැංකුවෙන් ප්‍රකාශයට පත් කරනවා.

    මගේ අදහස:​

    කාටවත් රැවටෙන්න එපා. PayPal එනවා නම් ඒක එන්නේ System එකක් විදිහට. මේ වගේ අය කරන්නේ එන රැල්ලෙන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක විතරයි. PayPal එකටත් ලංකාව වගේ පොඩි මාර්කට් එකක් ගැන තීරණ ගන්න තනි පුද්ගලයෙක්ගේ "කෑගැසීම්" අදාළම නැහැ.