People pleasers

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    මටත් ඉස්සර තිබුණ එකක්. දැන් නම් නෑ. 😈
    ලිව්වෙ මන් නෙමෙයි


    අපි එදිනෙදා ජීවිත් වීමේදී තමන් ගැන පමණක් හිතමින් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන්න හොඳ නැහැ. අපි ආදරය කරන අයන, අප අවට සිටින අය ඒ වගේම සතුන්, ගස්වැල්, පරිසරය ඒ දේවල් ගැනද යම් තැකීමක් අපි තුළ තිබෙන්න ඕන. එතකොට තමයි අපට යහපත් සමාජයක් විදිහට ඉදිරියට යන්න පුලුවන් වන්නේ.

    අපි අන් අය ගැන හිතන්න ඕන ලෙස මම ඉහතින් සඳහන් කළා. නමුත් එය පමණට වඩා යාම අහිතකර ලෙස බලපාන්න පුලුවන්.
    අද ලිපියෙන් කතා කරන්නේ එවැනි තත්ත්වයක් ගැන.
    ඒ තමයි people pleaser.

    අන් අයව සතුටු කරන්න, අන් අයව හොඳින් තියාගන්න, තමන් අකමැති දේවල් පවා කිරීම තමයි මෙහිදී සිදුවන්නේ.
    ඒ කියන්නේ හැමවිටම අන් අයගේ සතුට, අන් අයගේ කැමැත්ත, අන් අයගේ අවශ්‍යතා ගැන හිතලම තමයි වැඩ කරන්නේ.

    අපි බලමු මේ people pleaser තත්ත්වයේ තිබෙන ලක්ෂණ මොනවාද කියලා. එතකොට තවත් හොඳින් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වේවි.

    ⁃ තමන් අකමැති දේවල් පවා අන් අය අමනාප වේ යැයි සිතමින් සිදුකිරීම
    ⁃ අන් අය අමනාප වේ යැයි සිතා "නැහැ" හෝ "බැහැ" වැනි දේවල් ප්‍රකාශ කිරීමට මැලි වීම
    ⁃ අන් අය මොනවා හිතයිද ලෙස පමණට වඩා සිතීම
    ⁃ වෙනත් කෙනෙක්ගේ මතයකට විරුද්ධ දෙයක් තමන් කිව්වොත් තමන් නපුරු කෙනෙක්, ආත්මාර්ථකාමී කෙනෙක් ලෙස හැඟීම
    ⁃ අන් අයගේ හිත දිනා ගැනීමට නිතර උත්සහ කිරීම
    ⁃ තමන්ට අනිත් අය තුළ එතරම් පිළිගැනීමක් නැහැ. ඒ නිසා ඒ අය කැමති දේවල් තමන් කලාම තමන්ට පිළිගැනීම ලැබෙයි ලෙස සිතීම
    ⁃ තමන් වරදක් නොකර අවස්ථාවන් වලදී පවා සමාව ඉල්ලීම
    ⁃ අතපසුවීම් වලදී පමණට වඩා සමාව ඉල්ලීම
    ⁃ තමන් කරන දේවල් වලට සමීප අයගෙන් නිතර අනුමැතිය ඉල්ලා සිටීම
    ⁃ තමා ගැන සැළකිලිමත් බවක් එතරම් නොවීම
    ⁃ තමන් සිටින මත නිතර වෙනස් වීම
    ⁃ අන් අය සතුටින් තැබීම තමාගේ වගකීමක් ලෙස සිතීම

    ඒ දේවල් කියවන විටම ඔබට තේරුම් යන්න ඇති කොතරම් පීඩනයක්ද කියලා. ඔව්. People pleaser තත්ත්වය තිබෙන පුද්ගලයන් දැඩි මානසික පීඩනයට පත් වෙනවා.
    ⁃ කළකිරුණු ස්වාභාවය
    ⁃ කාංසාමය තත්ත්වයන්
    ⁃ කෝපය
    ⁃ ආතතිය
    ⁃ සැබෑ සතුටක් නොමැති බව
    ⁃ ව්‍යාජ ලෙස කටයුතු කිරීමට සිදුවීම
    ⁃ දුර්වලත සබඳතා සහ සබඳතා වල ගැටලු
    ඒ වගේ ගොඩක් අහිතකර තත්ත්වයන් people pleaser තත්ත්වයේදී ඇති වෙනවා.

    මීට නිශ්චිත හේතූවක් නැහැ.
    දුර්වල ආත්ම අවබෝධය, දුර්වල ආත්මාභිමානය, තමා කෙරෙහි අනාරක්ෂිත හැඟීම්, පරිපූර්ණ වීමට තැත් කිරීම, ජීවිතය තුළ ලැබූ හෝ ලබන ඍණාත්මක සහ කම්පන සහගත අත්දැකීම්, විවිධ පෞරුෂ දුර්වලතා, වැනි කරුණු ඊට බලපාන්න පුලුවන්.

    දැන් අපි බලමු මෙයින් අත්මිදෙන්නට මොනවාද කරන්න පුලුවන් දේවල් කියලා.
    ⁃ තමා ගැන හොඳ අවබෝධයක් ඇතිකරගැනීම
    ⁃ තමාගේ ජීවිතයට අදාළ ලෙස විවිධ සීමාකම් හඳුනාගැනීම
    ⁃ තමන්ට අදාළ විවිධ ප්‍රතිපත්ති ඇතිකරගැනීම
    ⁃ ජීවිතයට පැහැදිලි අරමුණු ඇතිකරගැනීම
    ⁃ අරමුණු වෙනුවෙන් හොඳ වැඩපිළිවෙළක් හදා ගැනීම
    ⁃ විනෝදාංශ කටයුතු වල නිරත වීම
    ⁃ සැමවිටම අන් අයගේ අනුමැතිය බලාපොරොත්තු නොවී කටයුතු කිරීම පුරුදු වීම.
    ⁃ මනෝ උපදේශන සහය ලබාගැනීම

    ජීවිතය ගත කිරීමේදී තමන් තමන් ගැන අනිවාර්යෙන්ම හිතන්න ඕන. මම එයින් අනිත් අය ගැන නොහිතන්න කිය එක අර්ථ ගන්වන්නේ නැහැ.

    තමන්ට ‍යම් දෙයකින් සතුටක් ලැබෙනවා නම්, එය සැබෑ ලෙසම විදින්නේ තමන්මයි. තමන්ට යම් දෙයකින් දුකක් ලැබෙනවා නම්, එය සැබෑ ලෙසම විදවන්නෙත් තමන්මයි. ඒ නිසා තමන්ගෙ ජීවිතය සම්බන්ධව තීරණ ගද්දී හොඳින් සිතාබලා කටයුතු කරන්න.
    Avishka Sathsara Piyumal
     
    • Like
    Reactions: noBody2k18

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබට නැති දැන් නැත්නම් නැති කරගත්තේ කොහොමද කියලා දාපන් බලන එකෙක් ට වැදගත් වෙන්න මොකද ඔය වෙන එකෙක් ලියපු එකක් නේ