Peparamint-පෙපරමින්ට් තෙල්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Peparamint-පෙපරමින්ට් තෙල්

    Peparamint Thel පෙපරමින්ට් තෙල්


    නිරන්තරයෙන් ප්‍රසාදිත සීනි “Refined sugar” ආහාරයට ගැනීමෙන් එයට ඇබ්බැහි වන්නට පුළුවන්.

    2010 වසරේ “Psychoactive Drugs” සඟරාව විසින් සීනි වලට ඇබ්බැහි වීම” නම් ලිපියක් මගින් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර පුද්ගලයන් මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වන ආකාරයටම සීනි සදහාත් ඇබ්බැහි වන බව පෙන්වා දුන්නා.

    මිනිසෙක් වෙනත් දෑ වලට ඇබ්බැහි වන ආකාරයටම සීනි සඳහා ඇබ්බැහි වීමත් නතර කරන්නට තරමක් අපහසු ක්‍රියාවක්.

    මෙවන් තත්වයක දී සිදු වන්නේ පරපෝෂිතයන්, කැන්ඩිඩා සහ ඊස්ට් වැනි බැක්ටීරියාවන් සහ වෙනත් සීනි සඳහා ප්‍රියතාවයක් දක්වන බැක්ටීරියාවන් විසින් ප්‍රසාදිත සීනි සඳහා ඇබ්බැහි වූ අයෙකුගේ ශරීරය සහ ආහාර ජීර්ණ මාර්ගය යටපත් කර ගැනීමකි.

    ප්‍රසාදිත සීනි අඩංගු වන කඩචෝරු ආහාරයට ගැනීමෙන් වැලකි සිටීමට නම් ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරගන්නට අවශ්‍ය වනවා.

    මෙම සඟරාවේ පළවුණු අධ්‍යයනයට අනුව පෙපරමිට් තෙල් වැනි ස්වභාවික තෙල් වර්ගයක් භාවිත කර මේ සීනි සඳහා ඇබ්බැහි වීම සාර්ථකව වලක්වා ගන්නට පුළුවන්.

    “Alan Hirsch” වෛද්‍යවරයා පෙපරමින් තෙල් මගින් ආහාර ගැනීමෙන් පසුව ප්‍රමාණවත් වීම පිළිබඳව ක්‍රියාකරන මොළයේ තෘප්තභාවය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. ඔහු එහිදී සොයාගෙන තිබෙනවා පෙපරමින්ට් තෙල් සෘජුවම ආග්‍රහණය කරීම මගින්මොළයේ තෘප්තිමත් භාවය ඇතිකර අනවශ්‍ය ලෙස හුරුවී සිටි ප්‍රසාදිත සීනි අඩංගු කඩචෝරු ආදිය ආහාරයට ගැනීමේ ආශාව නැතිවී යන බව.

    ඔබත් ප්‍රසාදිත සීනි අඩංගු ආහාර වලට ඇබ්බැහිවී සිටින්නෙක් නම් පෙපරමින්ට් තෙල් ආග්‍රහණය කරන්න. එය ඔබේ මේ ඇබ්බැහිවීම දුරුකර අනවශ්‍ය කැලරි ප්‍රමාණයත් දහනය කරගන්නට උපකාර කරාවි.
     
    • Like
    Reactions: saminda_1980

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕක හරි යනවා. දවසකට ගන්න සිනි තේ හැඳි ගැන ගණන් කරාම.
    කොපි වගේ බොනකොට සිනි නොදා බොන්න.
    ටික දවසක් යද්දී සිනි පොඩ්ඩක් දැම්මත් වැඩි ගතියක් එයි. එතකොට නිකන්ම සිනි අඩු වෙනවා
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඕක හරි යනවා. දවසකට ගන්න සිනි තේ හැඳි ගැන ගණන් කරාම.
    කොපි වගේ බොනකොට සිනි නොදා බොන්න.
    ටික දවසක් යද්දී සිනි පොඩ්ඩක් දැම්මත් වැඩි ගතියක් එයි. එතකොට නිකන්ම සිනි අඩු වෙනවා

    True

    TFS
     
    • Like
    Reactions: Target Hoona