ඒකට 100%ක්ම බලපාන්නෙ තමන්ගේ මානසික ආකල්පය සහ තමන්ගේ අවබෝධයේ තරම මත. ඔය කියන "එපා වීම" කියන එක තීරණය වෙන්නෙ, තමන් ඉටු කරගත්ත අරමුණු වලින් එහාට තමන්ට Ultimate Goal එකක් එහෙම නැත්තං සියල්ලටම ඉහලින් ඉෂ්ඨ කරගන්න විශිෂ්ඨ අරමුණු නැතිවුනාමයි. ඒ නැතුව සතුට කියන එක වැඩිවෙලා ජීවිතේ එපා වෙනව කියන එක හරි තේරුමකින් කියන කතාවක් නෙමෙයි. සතුට පරම ධනය වේ කියල කියනව. ඒ වගේම ජීවිතේ දුක සතුට දෙකම තියෙනව කියලත් මතක තියෙන්න ඕනෙ. Perfect Life කියන දේ ආධ්‍යාත්මිකව ලබාගන්න ඕනෙ දෙයක් මිස භෞතික දේවල් මතින් ලබාගන්න ඕනෙ දෙයක් නෙමෙයි. ඒක හරියට තේරුම් ගත්තොත් ජීවිතේ "එපා වීමක්" වෙන්නෙ නෑ.
අහල තියෙනවද සල්ලි නැත්තටම නැති මිනිහටයි, සල්ලි ඕනවටත් වඩා තියෙන මිනිහටයි දෙන්නටම තියෙන පොදු කාරණාව. ඒ දෙගොල්ලන්ටම ජීවිතය හිතන තරම් සතුටක් නෙමෙයි. සල්ලි නාන්න තියෙන මනුස්සයට ජීවිතේ සාක්ෂාත් කරගන්න වෙන අමුතු අරමුණු නැහැ. සල්ලි නැති මනුස්සයට තමන්ගේ ජීවිතේ අරමුණුවලට යාගන්න බෑ. දෙන්නම ඉන්නෙ සතුටින් නෙමෙයි. අපිට හිතන්න පුලුවන් ඇයි යකෝ සල්ලි තියෙන එකාට තියෙන්නෙ ඒවා වියදම් කරල ආතල් එකේ ඉන්න එකනෙ කියල. ඕක එක පාරට කිව්වට තේරෙන්නෑ ගොඩක් අයට. ඔය දෙවර්ගයම සතුට දකින්නෙ භෞතික කාරණා හරහා විතරයි.
හැබැයි... ජීවිතේ අපිට සල්ලි නොතිබ්බත් අපි එක එක අවස්ථා ඔය කියන තත්වය නොදැනුවත්ව අත්විඳල තියෙනව. හොඳම උදාහරණය තමයි.... අපි පට්ට ආසාවෙන් මොකක් හරි දෙයක් පළවෙනි වතාවට සල්ලි දීල හෝ වෙන ක්‍රමයකින් තමන්ගේ කරගන්න දරන කට්ට.
අපි හිතමු ලේසියෙන් වියදම් කරල ගන්න බැරි හොඳ ෆෝන් එකක් තියෙනව පට්ටම ගේමක් දීල එකක් ගන්නව. නැත්තං... කොහෙන් හරි ඇහුණු සින්දුවක් තියෙනව යාලුවන්ට කිය කිය හරි නෙට් එකේ හරි ඒ සින්දුව හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්නව. නැත්තං කොහෙ හරි දැකපු ලස්සන නිලියක් හරි මොඩ්ලින් කරන කෙල්ලෙක්ගෙ නමක් හොයාගන්න පට්ට කට්ටක් කාල එයාගෙ පොටෝ ඩවුන්ලෝඩ් කරගන්නව. ඔය වගේ දේවල් පොදුවේ ගත්තම කෙනෙක්ගෙ ජීවිතේ ඕන තරම් තියෙන්න පුලුවන්. ඒවා ලබාගන්න තියෙන සංකීර්ණ බව අනුව... ඒක ලබාගන්න දඟලන කට්ට, ඒකට යන කාලය වෙනස් වෙන්න පුලුවන්. සරලවම කිව්වොත්... උණ හරියනකම් දඟලනව.
හැබැයි... ඔය හොයපු මොන මගුල වුනත් ලබාගත්තට පස්සෙ මොකද වෙන්නෙ? පට්ට ආසාවෙන් හොයපු සින්දුව ටිකක් කල් යද්දි සාමාන්‍ය වෙනව. අර දැඟලිල්ල ඉවරයි. තව ටික කාලෙකින් ඒක අහන්නෙත් නෑ. ෆෝන් එක වුනත් ඒකේ ආතල් එක ඉවරවෙනකම් තියෙනව. ඊට පස්සෙ... කෝ අර ආසාව. ඒකත් සාමාන්‍ය වෙනව. මුලදි පරිස්සම් කරපු එක පස්සෙ මේසෙ උඩ ඔහේ දානව. කෙල්ලෙක්ගෙ පොටෝ එකක් හෙව්වත් ඒ සෙතේම තමයි. එතකොට... ඕවා සාපේක්ෂව කෙටි කාලීන සිදුවීම් අපේ ජීවිතේ පුරාවට සිද්ධවෙන නමුත් අපි වැඩිය අවධානය දෙන්නෙ නැති. මොකද ඒකත් ජීවිතේම කොටසක් නිසා.
හැමදේම කැමති විදිහටම ලැබිල සල්ලි යහමින් තියෙන කෙනෙක්ට වුනත් කාලානුරූපීව තත්වය ඔයිට වැඩි වෙනසක් නෑ කියන දේ තේරුම් ගන්න නම් ඒ අවබෝධය ලැබෙන තරමට තමන් පරිණත වෙලා ඉන්න ඕනෙ. නැත්තං ඒක අත්විඳලම බලනකම් කිව්වට තේරෙන්නෙ නෑ. හැබැයි කාලෙ ගිහිං ඉවරයි තේරුම් යද්දි. හැමදේම තියෙන මනුස්සයට වියදම් කරල ඕනෙ දෙයක් කරන්න පුලුවන් බව ඇත්ත. හැබැයි ඒකත් එක්තරා අවස්ථාවකදි සාමාන්‍ය වෙනව. මුලදි තිබ්බ ආතල් පහුවෙද්දි නැහැ.
ඒක තමයි සිතේ ස්වභාවය. ඒ වගේම සියල්ල වෙනස්වෙන සුළුයි.
එහෙනම් භෞතිකමය කාරණා හොඳට තේරුම් අරන් ඊට වඩා ආධ්‍යාත්මික අවබෝධයකට යන්න ඕනෙ කියන දේ හිතට දාගත්තොත්... අන්න එදා ඉදන් පරණ ආකල්ප වෙනස් වෙලා ජීවිතේට සැබෑ වටිනාකමක් එක්ක අලුත් වෙනසක් පටන් ගනීවි.