Petrol හිගය_උග්‍ර_වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    Petrol හිගය_උග්‍ර_වෙයි

    GQrWZPD.png



    neth news​
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තාම තියෙද ඊයේ ITN breaking new වලට කිව්වා එහෙම හිඟයක් නෑ කියලා:baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    තාම තියෙද ඊයේ ITN breaking new වලට කිව්වා එහෙම හිඟයක් නෑ කියලා:baffled:

    මේක නෙත් එකේ විනාඩි 20කට කලින් දාලා තිබ්බේ.:D
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක නෙත් එකේ විනාඩි 20කට කලින් දාලා තිබ්බේ.:D

    ඕක හරි ඇති ITN කියන්නේ විශ්වාස කරන්න පුළුවන් channel එකක් නෙමෙයි.උඹ දන්නද ඔහොම දෙයක් වෙන්න හේතුව,ioc ගේමක්ද?:confused:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    wellawatta,bamba awata shed okkoma eeye ra ma evara una. some sheds, diesel vitarak tiyanawa
     

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    Indian එකෙන් බාල තෙල් නැවක් ගෙනල්ලා ඒක බාරගෙන නෑ දැන් උන් ඒක වෙනුවට වෙන නැවක් ගේනකන් හිගය තියෙනවලු,
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Indian එකෙන් බාල තෙල් නැවක් ගෙනල්ලා ඒක බාරගෙන නෑ දැන් උන් ඒක වෙනුවට වෙන නැවක් ගේනකන් හිගය තියෙනවලු,

    :baffled:
     

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    ඉන්ධන හිඟයක් නැහැ – රජය: තෙල් බෙදා හැරීමේදී සිදුවූ අඩුවක් නිසා රට තුළ ඉන්ධන හිඟයක් – වෘත්තීය සමිති
    Nov 04, 2017 Chathuranga Rajapaksha Local, Top Slider 0


    inShare
    ඉන්ධන හිඟයක් නැහැ – රජය: තෙල් බෙදා හැරීමේදී සිදුවූ අඩුවක් නිසා රට තුළ ඉන්ධන හිඟයක් – වෘත්තීය සමිති



    ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

    නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවේ පසුගිය දිනක පැමිණි තෙල් නැවක පෙට්‍රල් ප්‍රමිතියෙන් අඩු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව ය.

    එම නිසා ඉතිරි වී තිබෙන තොගවලින් පෙට්‍රල් නිකුත් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

    සඳුදා වන විට මෙට්‍රික් ටොන් 40,000ක නැවක් වරායට යළි එන බව ඇය පැවසුවාය.

    එබැවින් පෙට්‍රල් හිඟයක් පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යතු නැතැයි නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.

    මේ අතර ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසුවේ පෙරේදා දිනයේ තෙල් බෙදා හැරීමේදී සිදුවූ අඩුවක් හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් හටගෙන ඇති බව ය.

    කෙසේ වෙතත් මේ වනවිට ත් දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dumb a$$ Indian & pathetic politicians:angry::angry:
    ප්‍රතික්ෂේප කරන ලද බාල පෙට්‍රල් තොගයක් කෙසේ හෝ රට තුල විකුණාගැනීම සඳහා දූෂිත රණතුංග සොයුරන්ගේ මෙහෙයැවීමෙන් කෘතිම පෙට්‍රල් හිඟයක් මවා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය

    ඉන්දියානු තෙල් සමාගම විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගමේ කොලොන්නාව නිමාවේ රසායනාගාර පරීක්ෂණ වලින් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ රසායනාගාර පරීක්ෂණ වලින් නියමිත ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ තොගයක් බව අණාවරනය වී තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර 17 වෙනිදා මෙම තොගය ලංකාවට ගොඩ බෑමට නියමිතව තිබුනද එය ප්‍රතික්ෂේප විය.

    දූෂිත අර්ජුන රණතුංග සොයුරන් විසින් මෙකී බාල පෙට්‍රල් තොගය කෙසේ හෝ කොලොන්නාව සහ මුතුරාජවෙල ටැංකි ගබඩා වලට ගොඩ බෑමට උසස් නිලධාරීන් කණ්ඩායමක් ද සමග නොපසුබට උත්සාහයක යෙදේ.

    ඒ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් තොග හිඟවීමේ වගකීමෙන් ගැලවෙමින් ඉන්දියානු තෙල් සමාගමෙන් ගෙන්වන ලද බාල පෙට්‍රල් තොගය රට තුලට ගැනීම සඳහා බරපතල කුමන්ත්‍රණයක යෙදෙමින් සිටී. ප්‍රතික්ෂේප කළද අවස්ථාවක් ලැබෙන තෙක් ඔක්තෝම්බර් 17 වෙනිදා සිට තවමත් කොළඹට ආසන්න මුහුදේ නැංගූරම් ලා තිබෙන Torm Astrid නම් නෞකාවේ තිබෙන මෙම බාල පෙට්‍රල් තොගය කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා වලට ගොඩ බෑම සාධාරණීකරණය කිරීමට රණතුංගලා සහ දූෂිතයන් පිරිස කූඨ කුමන්ත්‍රණයක් කළහ.

    නොවැම්බර් 02 එනම් ඊයේ දින ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තෙල් සංස්ථාවෙන් ගෙන්වීමට කටයුතු කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් Neverska Lady නැවට නියමිත දිනයේ දී තෙල් පැටවීම සිතා මතා ප්‍රමාද කරන ලදී. එබැවින් එම නැව මැද පෙර දිග සිට කොළඹට පැමිණෙන දිනය නොවැම්බර් 10 දක්වා ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය.

    මේ තත්ත්වය තුල තෙල් සංස්ථාව සතු පෙට්‍රල් තොග වලින් රටේ අවශ්‍යතාවයන් සඳහා පෙට්‍රල් ලබා දිය හැක්කේ තව දින 4 කට පමණි. එනම් නොවැම්බර් 07 වෙනි දින සිට ලංකාවේ පෙට්‍රල් හිඟයක් සිදුවීම වැළැක්විය නොහැකිය. මේ ආරංචි පැතිර යෑමත් සමග පෙට්‍රල් සංචිත වැඩි කර ගැනීමට යෑම නිසා අද සිටම රට තුල පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ. කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ හිඟයට මුවා වී බාල පෙට්‍රල් තොගය රට තුල ගබඩා වලට පුරවා ගැනීමයි.

    වරායෙන් ගසා කෑ දූෂිත රණතුංග අයියා මලෝ ඩබල ඊටත් වඩා ගසා කෑමේ අවස්ථා ඇති තෙල් අමාත්‍යාංශයට පත් කෙළේ යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

    http://www.lankaenews.com/news/6608/si