සම්පුර් ණ කල යුතු කාරණා ගණනාවක් ම තිබෙනවා. ඒවා සම්පුර්ණ නම් shed එක දාන්න ඉල්ලුම් කල හැකියි. නමුත් ඒ කාරනා ඔවුන් පරීක්ෂා කර බලලා තමයි අනුමැතිය හම්බවෙන්නේ. මාර්ගයේ, ස්ථානය, බුමියේ, ආයෝජනයේ, etc. කාරනා සෑහෙන තියෙනවා. මේවා CEYPETCO, IOC, SINOPEC ඔක්කොටම පොදුයි. සරලව කිව්වොත්,
බුමියේ අයිතිය තමාට තිබිය යුතුයි හෝ එහෙම නැතිනම් ලීස් නම් agreement, plan ඉදිරිපත් කොට අනුමැතිය ගත යුතුයි, බුමියය ඉඩම් නඩු etc වලින් තොර වෙන්න ඕනේ, පාරට තියෙන්න ඕනේ අවම දිග ප්‍රමාණයක් තියෙනවා, ලගම හා ඊලග shed වලට (CEYPETCO, IOC, SINOPEC ඕනෑම එකකට) අතර අවම දුර තිබෙන්න ඕනේ, තව වටේ පිටේ ෂෙඩ් වලට තිබෙන දුර බලනවා, අවට residential, office, commercial, industrial ද බලනවා, අවට පාරසරික ආරක්ෂණ ප්‍රදේශ, ජල මුලාශ්‍ය etc බලනවා, අවට ගිනිගන්නා ස්ථාන, අයිතිහාසික හා පුරා විද්‍යාත්මක ස්ථාන, etc බලනවා. මේ එකක්වත් ඔවුන්ට ගැලපෙන්නා කියල හිතුනොත් අනුමැතිය හම්බවෙන්නේ නැහැ. මේ ඔක්කොම කරනා සපිරුවට එතන sale එකක් වෙන්නේ නැහැ වගේ පේනවනම් අනුමැතිය එන්නේ නැහැ. ඒ වගේම එතන ඔවුන්ගේ shed එකක් දාන්නා සුදුසු නැති නම් දෙන්නේ නැහැ. shed එක අපේ උනාට brand එක ඔවුන්ගේ. අපේ shed එකෙන් කවර් කරන බුගොලීය ප්‍රදේශ, route බලනවා. ඒවාට මොන sale එකක්ද වෙන්නේ බලනවා. අපි විකුනන්න බලාපොරොත්තු වෙන ඒවාට වෙන වෙනම sale එක බලනවා. උදාහරණ Petrol 92, 95, Diesel, Super Diesel, බුමිතෙල්, Industrial Kerosene, Etc. මේ වගේ සෑහෙන දේවල් තියෙනවා. අපේ ආයෝජනයේ තරම බලනවා. අපිට අපේ ඉඩම ඔවුන්ගේ නිර් නායක වලට ගැලපෙන ලෙස දියුණු කරන්න මුදල් තියෙනවද අපේ වෙන ව්‍යාපාර මොනවද වගේ ඒවා බලනවා. ඕවා ඔවුන් කීප පාරක් ඇවිල්ලා check කරලා බලනවා. ඉදිරියට එතන තත්වය පුරෝකථනය කරනවා.
බුමිය සංවර්ධනය කිරීම අපි කරන්න ඕනේ. ටැංකි දාන්නේ ඔවුන්. ටැංකි හා අනෙක් ඒවා ඔවුන්ගේ දේපළ. ගොඩක් ෂෙඩ් වැහෙන්නේ sale අඩු වෙන්නේ business එක පවත්වා ගෙන යන්න දන්නේ නැති නිසා. මූලිකවම හොර කරන්න බැහැ. Service එක හොදට දෙන්න ඕනේ. කාර් ය මණ්ඩලය නිළ ඇදුමින් ඉන්න ඕනේ, Customers ලට යන්න වෙනම Toilet එකක් තියෙන්න ඕනේ, Customer service එක තියෙන්න ඕනේ, Etc. Shed වල ලොකු business potential එකක් තියෙනවා. ඒ ස්ථානයට පසුව super market, ATM/CDM බැංකු machines, Etc දාන්න පුලුවන්.