PhD කතා - supervisor කෙනෙක් සොයා ගැනීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    PhD supervisor කෙනෙක් සොයා ගැනීම
    ==================================

    https://www.facebook.com/share/p/18KuU8SdWE/


    PhD ගැන බොහෝ කතා කෙරෙන මෙකල PhD සඳහා සුපවයිසර්වරයෙක් ⁣සොයා ගැනීම පවා කෙතරම් දුෂ්කර ද යන්න ම ඔබට කියන්නට සිතුවෙමි.
    PhD සුපවයිසරයෙක් සොයා ගැනීම පීඑච්ඩී ගන්නවාටත් වඩා ඇත්තටම නම් අමාරුය. සමහරුන්ට නම් එවැනි අය කතා කර ශිෂ්‍යත්ව පවා පිරිනමයි. ඒ ඒ අයගේ වාසනාවය. මම උපන්තේක වාසනාව යැයි කිසිවක් නොලද්දෙක්මි. කන්දක් විළිලා මී පැටව් වැදූ අයෙක්මි.
    මම මගේ පීඑච්ඩී ය සඳහා සුපවයිසර් වරයෙක් හෝ වරියක් සොයන්නට ගත්තේ 2019 සිටය. ලංකාවේ පීඑච්ඩී එකක් නොකරමියි තද අධිෂ්ඨානයක් මට තිබිණි. ගතවන කාලය ගැන වද නොවී මගේ අරමුණට යාම මගේ අපේක්ෂාව විය. මගේ විෂයයට අදාල මෙතෙක් නොවිසඳු ප්‍රශ්නයක් ද ඒ සඳහා පිළිතුරක් ද මා අත විය.

    මම මුලින්ම මගේ ව්‍යාපෘති යෝජනාව එංගන්තයේ විශ්වවිද්‍යාල විසි පහකට දැම්මෙමි. (ඒ යෝජනාව ගණිතයමය තර්ක ශාස්ත්‍රය හා සම්බන්ධ වූ බැවින් එය සාදා ගැනීමට මට ආචාර්ය නලීන් ද සිල්වා එකල බෙහෙවින් උදව් කළේය. ) මා යැවූ කිසිවෙකුගෙන් මම පිළිතුරක් නොලද්දෙමි.

    අමරිකාවේ යන්නට මට කිසිඳු සිහිනයක් නොතිබි නමුත් ඉලිනොයි විශ්වවිද්‍යාලයේ සිටි මගේ විෂය සම්බන්ධ මහාචාර්යවරයෙකුට මම ලීවෙමි. ඒ 2019 අප්රේල්ය. ඒ අස්සේ පාස්කු ප්‍රහාරය ලෝකයම කැලඹීය. මහාචාර්යවරයා ඒ පිළිබඳ ශෝකය පළකර මට පිළිතුරක් ලියා තිබුණේ මගේ පර්යේෂණය ඉතා වටිනා එකක් බවත් එය අධීක්ෂණය කිරීමට තමාට නොහැකි වන්නේ තමා දැනට විශ්වවිද්‍යාලකට අනුබද්ධ නොවන නිසා බවත් පවසාය. දැන් මට පට්ට සතුටුය. කවුරු හෝ මට උත්තරයක් එවා ඇත.

    ඉන්පසු මම ඔහුගේ ශිෂ්‍යයන් පරීක්ෂා කලෙමි. එක් අයෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිටියේය. මම ඔහුට ලීවෙමි. ඔහුද පසුවදාම පිළිතුරු එව්වේ පර්යේෂණය ඉතා වැදගත් එකක් බවත් මා තවදුරටත් කියවිය යුතු පොත් ලැයිස්තුවක් ද දක්වා දැනට ලෝකයේ මේ පිළිබඳ ඇති මතය නම් මෙයය, ඔබට ඒ පිළිබඳ ඇති ක්රිටික් එක කුමක්දැයි අසමිනි. එසේම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ටූල් ලැන්ග්වේජ් එකක් ඉල්ලා සිටින අතර ඔබ ඒ සඳහා සංස්කෘත උගත යුතු බවත් දන්වාය.
    මම ඔහු කියූ පොත් ටික ගෙන්වා ගතිමි. සංස්කෘත ද හදාරන්නට පටන් ගතිමි. එහෙත් ඔහුගේ අධ්‍යයන අංශය දර්ශනය නොවීය. එය නැවත පැමිණි පසුව කුණු කතා අසන්නට හේතුවකි.

    ඒ නිසා එම යෝජනාවම ⁣නොටින්හැම් විශ්වවිද්‍යාලයට යොමු කළෙමි. එයින් ද සුපවයිසර්වරු දෙදෙනෙක් මගේ පර්යේෂණයට එකඟ විය. එක් අයෙක් මගේ මතය හා එකඟ නොවුනු අතර but I am open the project යැයි ලියා තිබුණි. එහෙත් ඔවුන් කීවේ මේ පර්යේෂණයට ගණිතමය තර්ක ශාස්ත්‍රය ඔබ උගත යුතු බවයි. ඒ සඳහා වසරක ඉගැනුම් පාඨමාලාවක් (taught course) ද නිර්දේශ කරන ලදී. එය පවුම් 23 දාහකි. එම ලිපිය පසුවදා මම පීඨාධිපතිවරයාට පෙන් වූ විට සංජීවනී දැන් මේකට සල්ලි හොයන්නේ කොහෙන්දැයි ඔහු ඇසුවේය. ( මේවාට සූදානම් වුවද මා අත සත පහක් වූයේ නැත. ගෙදර හදන්නට ගත් ණය ගෙවමින් අපහසුවෙන් ජීවත් වන යුගයකි)

    මම ඒ අතර කොමන්වෙල්ත් ශිෂ්‍යත්වය ඇයදුම් කලෙමි. වාසනාව නම් එය මට ලැබීමය. එහෙත් IELTS සඳහා ඔවුන් ඔෆර් ලෙටර් එකේ ලබා දන් අගයත් පසුව සිය නීති වෙනස් කළ බව දන්වමින් එවූ අගයත් දෙකක් විය. දෙවන අගය මම ලබා ගෙන සිටියෙමි. එහෙත් එය ඔවුන්ට ඉදිරිපත් කළ විට එම අගය ඔෆර් ලෙටර් එක සමග ගැලපෙන්නේ නැති බව කියමින් ප්‍රතික්ෂේප කලේය. මම නැවතත් ඔවුන් එවු ඊමේල් කොපි කර යැවූ අතර එය නිවරදි කරන්නට ඔවුන් ගත් කාලය වැඩි වූ අතර කෝස් එක පටන් ගත්තේය. ශිෂ්‍යත්වයේ දින පසුවිය. ලබන වසරට දිගුවක් ලැබිණි. එහෙත් ශිෂ්‍යත්වය අහිමි විය. විශ්වවිද්‍යාලය ද ශිෂ්‍යත්වය ද දෙකම උපදෙස් දුන්නේ ලබන වසරට ඉල්ලන්නැයි කියාය. ඒ අතර මම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ද ලබා ගෙන තිබුණි. දැන් ර⁣ට ගියේ නැද්දැයි හැමෝම අසති. ලැජ්ජාව නිසා කැම්පස් යන්නද බැරිය.

    ඒ අතර මම මගේ පර්යේෂණ යෝජනාව සෙන්ට් ඇන්ඩෲස් විශ්වවිද්‍යාලයට යැව්වෙමි. අදාල මහාචාර්යවරයා විනාඩි තිහක් ඇතුලත පිළිතුරු එව්වේ මෙය ඉතා වැදගත් එකක් බවත් දැනට තමා PhD 17ක් අධීක්ෂණය කරන බවත් තවත් වසර දෙකක් ඉවසිය හැකිදැයි අසමිනි. එතෙක් කල් ඉවසිය නොහැක.

    ඒ අතර කැනඩාවෙන් පැමිණි කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට මට අවස්ථාව ලැබිණි. ඔවුන්ගෙන් ඉගෙන ගත් අලුත් සංකල්පයක් මත මම සතියකින් අලුත් පර්යේෂණ යෝජනාවක් ලීවෙමි. පරණ යෝජිත පර්යේෂණය පිළිබඳ ඇති අනුරාගය යටපත් කළෙමි. අලුත් යෝජනාව හල් විශ්වවිද්‍යාලයටත් ඩන්ඩී විශ්වවිද්‍යාලයටත් එකවර යැව්වෙමි.
    සතියක් පසු වූ පසු නැවතත් සුපවයිසර්වරියට සිහි කැඳවීමක් යැව්වෙමි. ඉන්පසුව හල් විශ්වවිද්‍යාලයෙන් පිළිතුරු ලැබුණු අතර එයට තවත් දෙවන අධීක්ෂණවරයෙක් අවශ්‍ය බව ඇය දැන්වූ අතර එම අධීක්ෂකවරයා මා විසින් තෝරා ගන්නවාද නැතහොත් ඇය මගේ පර්යේෂණ යෝජනාව තම ස්ටාෆ් එකට පොදුවේ මේල් කර කැමති කව්දැයි අසන්නදැයි අසමිනි. මම මහන්සි වන්නේ කුමටද? ඔබ එය සොයන්නැයි මම ඇයට කීවෙමි. පසුදා උදෑසනට මට එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියකගෙන් ඊමේලයක් ලැබී ඇත. " සංජීවනී ඔබේ දෙවන සුපවයිසර් වීමට මම කැමතියි" හෙට උදේ UK වෙලාවෙන් 10ට ඔන්ලයින් ඉන්ටර්වීව් එකට එන්නැයි ආරාධනා කොට ටීම්ස් ලින්ක් එක ද අමුණා ඇත.

    පසුදා ඒ වෙලාවට මම මීගමුවේ වැඩමුලුවකය. හේමන්ති මිස් මගේ වැඩේ බාර ගත් අතර කලණ සිය රවුටරයත් පාස්වර්ඩ් එකත් කාමරේ යතුරත් මට දී ඉන්ටර්වීව් එක හොදින් කරන්නැයි කීවේය.
    මගේ පර්යේෂණයේ ඉතා සියුම් තැන් පවා පැය දෙකක් ඔවුහු ප්‍රශ්න කළහ. අවසානයේ ඔබට අපි ඔෆර් එක දෙන බව නිවේදනය කළහ.

    ඒ අතර ඩන්ඩී විශ්වවිද්‍යාලයෙන්ද පර්යේෂණ යෝජනාව පිළිගත්බව දැන්වූ අතර මගේ පළමු පන්ති සාමාර්ථය නිසා පවුම් 6000ක ෆීස් වේව් ඕෆ් කරන බවද දන්වා තිබිණි. එහෙත් එය දර්ශන දෙපාර්තමේන්තුවක් නොවීම නිසා මම එය අතහැරියෙමි.

    හල් පාඨමාලාව කෝටි දෙකකට ආසන්නය. දැන් සල්ලි හොයන්නේ කෙසේද? සල්ලි ලබා ගත හැකි සියලු තැන්වලට අයදුම් කලෙමි. විශ්වවිද්‍යා⁣ලයේ මූලික ගාස්තුව ගෙවීමටත් වීසාවලට බැංකුවේ මුදල් තැන්පත් කර පෙන්වීමටත් මගේ මිතුරන් සිව් දෙනෙක් ලක්ෂ 160ක මුදලක් මට දුන්හ. හෙට්ටිවීදියට ගොස් තාත්තා සැමියා අරන් දී තිබූ රන් ආභරණ විකුණා දැමුවෙමි. මම ඒවා ⁣කවදාවත් පලඳින්නේ ද නැත. රවි අයියාගේ උපදෙස් පරිදි ඇඳුම් කෑලි හතරක් දමාගෙන මම එංගලන්තයට පැමිණියෙමි.

    මා ආ දා සිට මගේ දෙවන සුපවයිසර්වරිය අම්මා මෙන් මා බලා ගත්තාය. කඩෙන් බඩු ගන්නට තමාට ලැබෙන ගිෆ්ට් වවුචර් පවා මට එව්වාය. ෆන්ඩ්ස් ඇති තැන් පෙන්වා දුන්නාය. මුදල් සොයා ගැනීම ගැන වද වූවාය. පොඩි ප්‍රමාදයේත් සැර දැම්මාය. ගිය සතියේ ඇගේ සේවය විශ්වවිද්‍යාලය විසින් නිම කළ බව ඇය මට දැන්වූවාය. මගේ පළමු සුපවයිසර්වරිය මේ දුෂ්කර අවස්ථාවේ ඉතා තදින් මා අල්ලා ගත් අතර දෙවන සුපවයිසර්වරයෙකු සෙවීම තම කාර්ය සේ අතට ගෙන මා නිදහස් කළාය. දැන් මම බලා සිටිමි.
     
    • Like
    Reactions: ruka!

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Aluth dewal loketa enne mehema marigena mahansi wena un kiyala man hodtama dannwa unat mata ehema ekek wenna one naha kiyalamai hitenne. Salli hodta hambena widiyak tiyenawa nam ea widiyen salli hoyagena sape innai mata nam one
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මගේ විෂයයට අදාල මෙතෙක් නොවිසඳු ප්‍රශ්නයක් ද ඒ සඳහා පිළිතුරක් ද මා අත විය.

    හොඳම එකෙන් පොයියක් :lol: 🤌
     
    • Haha
    Reactions: gnilukshi

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Aluth dewal loketa enne mehema marigena mahansi wena un kiyala man hodtama dannwa unat mata ehema ekek wenna one naha kiyalamai hitenne. Salli hodta hambena widiyak tiyenawa nam ea widiyen salli hoyagena sape innai mata nam one
    Yes. Doing a phd without passion is hell. I wish we could choose the difficulty level befre starting.
     
    • Like
    Reactions: icewiz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    හොඳම එකෙන් පොයියක් :lol: 🤌
    ඕක inventors ලාට වෙන දෙයක්. අපේ ඔළුවට අදහසක් ආව ගමන් හිතන්නේ ඒක තමා අදහස කියල. ටිකක් පොලිෂ් වෙලා එනකොට තමා ඒක එහෙම නෑ කියලා පෙන්න. සම්හර ඒව නන් තියෙනවා ඇත්තටම එහෙම ඒව
     
    • Like
    Reactions: icewiz and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕක inventors ලාට වෙන දෙයක්. අපේ ඔළුවට අදහසක් ආව ගමන් හිතන්නේ ඒක තමා අදහස කියල. ටිකක් පොලිෂ් වෙලා එනකොට තමා ඒක එහෙම නෑ කියලා පෙන්න. සම්හර ඒව නන් තියෙනවා ඇත්තටම එහෙම ඒව
    රිසච් එක කරන්නත් කලින් මෙයා උත්තරේ දන්නවලු
    ඒ කියන්නේ එතන රිසච් එකක් නැහැ කියන එක
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    අවධානයද මන්ද හොයන්නෙ.😂 social science අනික.ඕවට fund කරල එන ROI අත්තෙම නැති තරන්.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    98 විතර PC එකක් දැකල, internet කියලා ජාතියක් තියෙනවා කියලා අහපුවම.... මට හිතුණා නෑයෝ යාළුවො network කරන්න software එකක් තිබ්බනම් මරු කියලා..... 2005විතර hi5 කියලා එකක් තිබ්බ.... බලනකොට FB concept එක වගේ දෙයක්..... මටත් හිතිලා.... එත් කරන්න කොච්චර අමාරුයි ද? ලක්ෂ ගාණක් හිතුවත් අන්තිමට සාර්ථක වෙන්නේ කීප දෙනෙක්... ගොඩක් අය මග හැරෙනවා.

    නර්ස් kit එකෙන් නැතිව.... අර ඩොක්ටර් kit එකෙන් නලාවත් අරන් යන නර්ස් කෙනෙක්ට ඩොක්ටර් කියලා කතා කරද්දී මුහුණේ හිනාව..... ඩොක්ටර් වෙන්න ගිහින් මග හිටපු අය තමයි නර්සලා