Pickme 3 Wheel.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,605
    8,402
    113
    35
    Spain
    සතියට දවසනෙ යන්නෙ. මාසෙටම දවස් 4යි නැත්තන් 5යි. බස් එකේ යන්න ගියත් ආයෙ පයින් යන්න ඕන කිලෝමිටරයක්.
    මොකටද බස් එකේ ගිහින් වාත වෙන්නේ, උඹට බයික් එකේ යන්න පුළුවන් නෙ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,505
    1
    99,650
    113
    33
    Kalutara
    මොකටද බස් එකේ ගිහින් වාත වෙන්නේ, උඹට බයික් එකේ යන්න පුළුවන් නෙ?

    අපෝ දූවිලි කාගෙන ට්‍රැෆික් එකේ කිලෝමීටර් 45-50ක් යනවා කියන්නේ වාතයක්. කෝච්චියේ ගිහින් වැල්ලවත්තෙන් බහින එක ලේසියි. හැබැයි ගිය සතියේ ඒකටත් සුපිරි කට්ටක් සෙට් වුනා. හරියටම රත්මලාන ස්ටේෂන් එකේදී කෝච්චිය කැඩුනා. එතනින් එහා යන්න ඊළඟ ස්ලෝ එකේ නගින්න කිව්වා. ඒකෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. අන්තිමේ වීල් එකකට 120ක් ගෙවලා ස්ටේෂන් එකේ ඉඳන් ගාලු පාරට ආවේ. කිලෝමීටරයකට වඩා තියේනේ රත්මලාන ස්ටේෂන් එකේ ඉඳන් ගාලු පාරටත්. ආයේ ස්ලෝ බස් එකක නැගලා වැල්ලවත්තට ආවේ.

    176 හෙට්ටියාවත්ත කරගම්පිටිය. එහෙම කිවුවට ඕක දෙහිවළ ස්ටේෂන් පාරෙ නවත්තල තියෙන්නෙ. වාඩිවෙලා යන්න පුලුවන් එතනින්ම නැග්ගම. හැබැයි ඉතින් වෙලා යනව පොඩ්ඩක් එපා වෙනව. ගිහින් බලපන් දවසක්.

    වැල්ලවත්තේ ඉඳන් නාරාහේන්පිටටත් බස් එකේ කිලෝමීටර් පහක් තියෙනවා ඔය බස් එකෙත් දෙහිවල නගර සභාව පිටිපස්සෙන් නැග්ග්ගොත් ඒත් කිලෝමීටර් 5ක් තියෙනවා. වාසියකට තියෙන්නේ ඕකෙන් බැහැලා යන්න තියෙන දුර මීටර් 400යි. නාරහෙන්පිටින් බැහැලා ගියොත් කිලෝමීටරයක් තියෙනවා. අනික උදේට යන කෝච්චිය දෙහිවල නවත්තන්නේ නෑ. නවත්තන එකක් තියෙනවා. ඒත් උදේ ට්‍රැෆික් එකත් එක්ක රිස්ක් එකක් ගන්න බයයි. පරක්කු වුනොත්. 🥴
    ------ Post added on Dec 9, 2025 at 1:09 PM
     
    • Like
    Reactions: Inigo Montoya