Picture says it all

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    දැරිය කැමරාවටත් දෑත් ඔසවා යටත් වෙයි
    2728ADFB00000578-3019198-image-a-16_1427789602689.jpg


    සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන ඇට්මෙන් සරණාගත කදවුරට මාධ්‍යවේදී ඔස්මන් සගිර්ලි පැමිණියේ ලියමින් සිටි අලූත්ම පුවත්පත් වාර්තාවට ඡායාරූප කිහිපයක් ලබාගැනීමටය.
    මවගෙන් මිදී ඈතට දිවයමින් සිටි කුඩා දැරියක ඔහුගේ ඇස ගැටුණේ එක්මනමය.තමාගේ පුවත්පත් වාර්තාවට ඇයගේ ඡායාරූපයක් කදිම වනු ඇතැයි සිතා ඔහු ඇය පසුපසින් වැටුණි.
    කැමරාවත් ඔසවාගෙන තමා දෙසට එන මාධ්‍යවේදියා දුටු කුඩා දැරිය ගල්ගැසුණාක් මෙන් නතර වූවාය.දෙඅතම ඉහළට ඔසවා යටත්වන බව ඇගවූවාය.ඇයගේ දෑසේ කදුළු පිරී තිබුණි.
    ඇයගේ හැසිරීම ඔස්මන් සගිර්ලිට ප‍්‍රහේළිකාවක් විය.කැමරාවක් රැගෙන පැමිණි තමන් දැක ඇය දෑත් ඉහළට එසවූයේ ඇයුරු මද වේලාවක් ගතවෙද්දී ඔහුට එය වැටහිණ.කුඩා දැරිය සිතා ඇත්තේ කැමරාව ගිනි අවියකැයි කියාය.ඇය දෑත් තම ඔසවා යටත්වන බව පෙන්වූයේ ඒ නිසාය.
    එම අවස්ථාවේ ඔස්මන් ගත් ඡායාරූපය මේ වන විට ලොව පුරා මහත් ප‍්‍රසිද්ධියක් අත්කරගෙන ඇත.බොහෝදෙනා ලෝකය ගැන උපන් කළකිරීමෙන් යුතුව ඡයාරූපය ගැන අදහස් පළකර තිබෙනු දැකගත හැකිය.වැඩිහිටියන්ගේ වුවමනාවට සිදුවන යුද්ධයෙන් විනාශවී ඇත්තේ කුඩා දරුවන්ගේ අනාගතය බව ඔවුන් පවසන්නේය.
    වසර 5 කට අධික කාලයක් දිවෙන සිරියාවේ සිවිල් යුද්ධයෙන් මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව සදහන්ය.සහන සේවා සංවිධාන ඉදිරිපත් කර තිබෙන වාර්තා වලට අනුව ඉන් දස දහසක් පමණ කුඩා දරුවන්ය.
    ලක්ෂ 120 ක පමණ මහා ජනාකායක් අවතැන්ව සිටින අතර ආහාර සපයාගත නොහැකිව ඔවුන් බහුරතය සිටින්නේ හා මත්වය.තත්ත්වයට පිළියම් වශයෙන් පිටි ආනයනය කිරීමට සිරියා රජය පියවර ගෙන ඇත.
    මෙසේ විදේශයක සිට පිටි ආනයනය කිරීම අතීතයේ ස්වයංපෝෂිත ආර්ථිකයකට උරුමකම් කී සිරියාවට නුහුරු දෙයක් වන අතර රට වැටී තිබෙන ආගාධය කෙතරම් ගැඹුරුදැයි එයින්ම පෙනෙන බව විශේෂඥයෝ කියති.


    LANKADEEPA
     
    Last edited:

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    American w#sige puththui ka*I hambayoi thama me loke vinasa keranne..okun nohitinna me loke kochra lassana thanak veida..me podi eki dakkama adenava ban...we*a ballonge uvamanvn hinda krna kupadi vada....thu nodakin amana hathikare
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යුද්දේ කියන්නේ කිසිම පැත්තකට දිනුමක් ගේන දෙයක් නෙවෙයි කියන්නේ ඕකයි :(