Pictures from a Mobile Photography Exhibition එකක්_ලංකාවේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Pictures from a Mobile Photography Exhibition එකක්_ලංකාවේ

    කාලෙන් කාලෙට ලංකාවෙත් එක එක උන්මාද පැතිරෙනවා අපි හැමෝම දන්නවා. මේ අතරින් ඡායාරූපකරණය අතින් ගත් විට බොහෝ උන්මාදයක් ඇත්තේ එක්කෝ කැමරා ආම්පන්න සහ එම කැමරා වෙළඳ නාම අතරයි. කැනොන් ද නිකෝන් ද හෝ වෙනත් බ්‍රෑන්ඩ් එකක් ද යන්න මිසක් තමන් අතේ ඇති උපකරණයකින් උපරිම වැඩ ගන්නා පිරිස බොහොම අල්පයි.

    ඒ අල්පය අතරින් එදා මෙදා තුර ශ්‍රී ලාංකීය ඡායාරූප වංශකතාවේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරමින් ලංකාවේ පළමු වතාවට ජංගම දුරකතන කැමරා භාවිතයෙන් ගන්නා ලද ඡායාරූප පමණකින් සුසැදි ඡායාරූප ප්‍රදර්ශනයක් නැරඹීමට ඔබට අවස්ථාවක් උදාවෙනවා.

    එම ඓතිහාසික මොහොත සනි‍ටුහන් කරනු ලබන්නේ අමිල සී කුමාරසිංහ විසින් වන අතර, වෘත්තියෙන් පරිගණක සජීවීකරණ ශිල්පියෙකු වන ඔහු ඡායාරූපකරණය තම විනෝදාංශය වශයෙන් නිරත වන්නෙක් වේ.

    මේ අතර ඔහුගේ මෙම ඓතිහාසික සනි‍ටුහන් කරණයට පෙර ද ජංගම දුරකතන වීඩියෝකරණයෙන් ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවේ තවත් ලකුණක් සනි‍ටුහන් කරන්නේ 2016 දී වන අතර, ඒ ජංගම දුරකතනය මගින් මිහිතලය පිළිබඳ රස ගැන්වුනු කෙටි චිත්‍රපටයක් ප්‍රංශයේ පැරිස් නුවරදී සම්මාන ලැබීමත්, දේශීයව හා විදේශීයව එම චිත්‍රපටය සම්මාන 3ක් දිනාගැනීමත්, විදේශීයව අවසන් වට 9ක් සඳහා එම චිත්‍රපටය නිර්දේශ වීමත් සමග ය. ශ්‍රීලාංකිකයෙකු ජංගම දුරකථන කැමරාවක් මගින් කළ චිත්‍රපටයක් ජාත්‍යන්තර ඇගයීමකට ලක් වූ ප්‍රථම අවස්තාව ලෙස මෙය සැලකෙනවා.

    ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයත් මෙය වන අතර මෙම ප්‍රදර්ශනය මැයි 12-13-14-15 යන දිනයන්හි පෙ.ව 9.00 සිට සවස 7.00 වන තෙක් කොළඹ ජේ.ඩී.ඒ. පෙරේරා කළා ගාරයේ දී ඔබට නොමිලේ දැක බලාගත හැකි වනු ඇත.

    ‘ප්‍රතිග්‍රහණය ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ ජංගම දුරකතන කැමරා මගින් මෙම ප්‍රදර්ශනයේ සියලුම ඡායාරූප ‍රැගෙන තිබීමත්, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජංගම දුරකථන කැමරාවක් භාවිතයෙන් ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනයක් පවත් වන ප්‍රථම වතාව ද මෙය වීමත් ය.




    18136469_1312523575496954_1821209436_n.jpg


    18136538_1312523592163619_1721732965_n.jpg


    18136825_1312523465496965_1978096565_n.jpg


    18136887_1312523478830297_348519445_n.jpg




    source:neth news​