Pin Mathuwena Wandana (පින් මතුවෙන වන්දනා.....)

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
Pin Mathuwena Wandana (පින් මතුවෙන වන්දනා.....)

සසරට යොමු වුන කෙනෙක් විලස නොව නිවනට යන මග සුරැකේවා


කළණ මිතුරු සඟ රුවන වෙතින් නිති
සම්බුදු බණ පද මට ද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට
ගෞතම මුනිඳු ගෙ බණ සිහිවේවා

දුවන සිතට සැණසුම ලැබ දෙන්නට
සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පව් බැහැර කරන්නට
විදර්ශනා නුවණ ද ඇතිවේවා

අකුසලයට කිසි විට නොනැමී සිත
කුසල් වඩන්නට යොමු වේවා
පවිටු මිතුරු සැම ඇසුරෙන් දුරුවී
කළණ මිතුරු මඟ පෑදේවා

නපුරු බසට අවනත නොම වී නිති
එඩිතර සෘජු සිත පවතීවා
සකළ සතට සෙත සුවය සදන්නට
තුණුරුවනේ සරණම වේවා

අකලට පරවෙන මලක් විලස නොව
ලෙඩ දුක් කරදර දුරු වේවා
වරදට හසුවන කෙනෙක් විලස නොව
නිසි යහමඟටම යොමුවේවා

මරණෙට බියවන කෙනෙක් විලස නොව
සුගතියටම සිත සැකසේවා
සසරට යොමු වුන කෙනෙක් විලස නොව
නිවනට යන මග සුරැකේවා

සාදු ! සාදු !! සාදු !!!

නමෝ බුද්ධාය!