Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pissek ne .. passport eka dila yanna dunna nam iwarayne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“රෝසා නෝනාට කොච්චර සැලකුවත් මදි. එයාට සලකන්නේ නැහැ කියල සර් එක්ක රණ්ඩු වෙනවා”යැයිද ඇය කියන්නට වූවාය.

පුෂ්පරාණි මේ කියන දේ කැටි කරගත් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේ ඔනේෂ් සහ ඔහුගේ බ්‍රසීල ජාතික බිරිය අතර ඒ වන විට විවාහය දෙදරා යන තරමට මත ගැටුම් පැන නැඟෙමින් තිබී ඇති බවය. මේ හැමදෙයකම ආරම්භය සිදු වන්නේ අලීෂාගේ පළමු උපන්දිනයෙන් පසුවය.

මෙම නිවෙසේ තවත් මෙෙහකාරියක් වූ දේවදානි මේකලාගෙන් ද ප්‍රශ්න කිරීමේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී යන්නට වූයේ ඔනේෂ් සහ රොසැලියා අතර සමාජයට පෙනෙන්නට හොඳ පවුල් ජීවිතයක් තිබුණත් යහපත් පවුල් සම්බන්ධයක් නිවෙස තුළ නොතිබී ඇති බවය.

“ලංකාවේ ඉන්න බැහැ, මම මගේ රටට යනවා. කියමින් රෝසා නෝනා සර් එක්ක නිතර රණ්ඩු වෙනවා. නෝනා රණ්ඩු වෙන හැටි දැක්කම එයා සර් ව මරයි කියලත් හිතුණා” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් හමුවේ දේවදානි මේකලා කියන්නට වූවාය.

“දවසක් මහත්තයා අපට කතා කරලා කිවුවා, දරුවා අරන් රෝසා නෝනා බ්‍රසීලයට යන්න හදනවා කියලා. මම උඹව කවදාහරි මරනවා කියල රෝසා නෝනා සර්ට තර්ජනය කළා කියලත් කිවුවා.” දේවානි මේකලා මේ දේවල් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ කියන්නට ගත්තාය.

මේ දේවල් තවත් සේවිකාවක් වූ ප්‍රියංගනී චන්ද්‍රලතා ද තහවුරු කළා පමණක් නොව, අලීෂාව රැගෙන රොසැලියා බ්‍රසීලය බලා හොර රහසේ යන්නට ඉඩ ඇති බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ඔනේෂ් පැවසූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් හමුවේ කියා සිටියාය. මේ දේවල් කියා තිබුණේ නිවෙසේ සිටි මෙහෙකාරියන් සියලු දෙනාටමය. ඒ නිසා හැම සේවිකාවක්ම මේ හැමදෙයක්ම කියන්නට වූයේ සිය හාම්පුතාගේ මරණය රොසැලියා සැලසුම්සහගතව කළ එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට තහවුරු කර ගැනීමට ඕනෑවටත් වඩා තොරතුරු ලබා දෙමිනි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී යන්නේ රොසැලියා එන්න එන්නම දරුණු වෙමින් ඔනේෂ්ව මරා දමන බව එළිපිටම තර්ජනය කරන තැනට පවා පත්වී සිටි බවය.

“මට මෙහේ ඉන්න බැහැ, මේ කෑම කන්න බැහැ, මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරනවා “ යැයි රොසැලියා ඔනේෂ්ට කිහිපවිටක්ම තර්ජනය කළ බවට ඇසින් දුටු සහ කනින් ඇසුණු සාක්ෂි ඕනෑවටත් වඩා රොස්මිඩ් පෙදෙස් පිහිටි නිවෙසේ මෙහෙකාරියන්ගේ කටින් එළියට ආවේය.

ඇය දිගින් දිගටම ඔනේෂ්ගෙන් බල කරමින් ඉල්ලා ඇත්තේ ඇගේ රටට යන්නට අවස්ථාවක් දෙන්නට යැයි කියාය. ඒ ඇගේ විදෙස් ගමන් බලපත්‍ර තිබී ඇත්තේ ඔනේෂ් සතුව වූ බැවිනි. කන්න බොන්න අඳින්න පලඳින්න වගේම සමාජ ශාලාවල කරක් ගසන්නට පවා ඇති තරම් මුදල් ඔනේෂ්ගෙන් ඇයට ලැබුණත් කුමක් හෝ හේතුවක් මත ඇගේ හිත ඒ වන විට තිබී ඇත්තේ බ්‍රසීලයේ බව මේ හැමදෙයක්ම විශ්ලේෂණය කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේය.

රොසැලියාගේන් එල්ල වන පීඩනය ඒ වන විටත් ඉවසා ගත නොහැකිව සිටි ඔනේෂ් ඇගෙන් නීතියෙන් වෙන් වීමට සැලසුම් කරගෙන සිටියේ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ අනාවරණය කරනුයේ ඔනේෂ්ගේ සහෝදරියගේ සැමියාය. ඔහු ලාල් අරවින්දය. ඒ බව රොසැලියා දැන සිටියේ දැයි පැහැදිලි නැතත් ඇය සිය මිතුරියව මෙරටට ගෙන්වා ගන්නේ ඔය අතරතුරදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේය. ඇය රොසැලියාගේ සමීපතම මිතුරියක් වූවාය. ඇය මෙරටට ආ පසු රොසැලියාගේ හැසිරීම් මුළුමනින්ම වෙනසකට ලක් වන්නේ ඇයගෙන් දික්කසාද වන්නේදැයි ඔනේෂ්ට දෙවරක් සිතන්නට ඉඩක් තබමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ මේ සියල්ලක්ම සිදු වෙමින් තිබී ඇත්තේ යම් සැලසුමකට අනුව බවය.

ඉන්දුනීසියා ගමන පවා සංවිධානය වී ඇත්තේ රොසැලියාගේ පෙරැත්තමතය. රොසැලියාගෙන් තමාට ජීවිත තර්ජනයක් පවා එල්ල වී තිබියදී ඔනේෂ් ඉන්දුනීසියා සංචාරයට ඇතැම් විට එකඟ වන්නට ඇත්තේ ඇගේ ඒ වෙනස්වීම තවදුරටත් නොකැඩුණු පවුල් ජීවිතයක් ගත කිරීමට ආරම්භයක් වනු ඇතැයි සිතාගෙන විය හැකිය. සිදු වන්නේ ඔනේෂ්ව ගැහැනු ගැටයකට හසු කරගනිමින් ඇය ඔහුව ඉන්දුනීසියාවට රැගෙන යාමය.

දෙස් විදෙස් වෙළදපොළ වෙත දියර පොහොර බෙදා හරින ජාත්‍යන්තරය ජයගත් දැවැන්ත සමාගමක හිමිකරුවෙක් මෙන්ම තවත් සමාගම් 32ක ආයෝජකයෙක් වූ ඔනේෂ් ඒ වන විට සිටියේ තවත් ව්‍යාපාර රැසකට සිය අයෝජන අවස්ථා පුළුල් කරමින් ව්‍යාපාරික ලෝකයේ ඉහළට යමිනි. එබැවින් ඔහු ඒ වන විට සිටියේ කාර්යබහුලත්වයෙනි. ඉන්දුනීසියා සංචාරයක යන්නට තරම් විවේකයක් නොමැති වූවත් ඔහු ඉන්දුනීසියා ගමන යන්නේම සිය බිරියගේ සහ දියණියගේ සතුට වෙනුවෙනි. ඒ අනුව ජනවාරි 19 වෙනිදා සිය බිරියත් දියණියත් බිරියගේ මිතුරිය වූ සහායිකාවත් සමඟ ඉන්දුනීසියාවට ගිය ද ඔනේෂ් වැඩි කාලයක් කැපකරනු ලැබුවේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙනි. ඒ ඔහු ඉන්දුනීසියාවේ සිටියත් ඔහු දුරකතනය ඔස්සේ හැම විටම රැඳී සිටියේ මෙරට පිහිටි කාර්යාලය සමඟිනි.

රොසැලියා මෙම ඉන්දුනීසියා සංචාරය සැලසුම් කරනුයේ ඔනේෂ් අත ඇති සිය විදෙස් ගමන් බලපත්‍රය සියතට ගැනීමේ කූට සැලසුමක් ඇතිව බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ සැකයට ලක්ව ඇති කරුණකි. සිය විදෙස් ගමන් බලපත්‍රය ඇයට සියතට ගැනීමට ඇති එකම මඟ මෙය බව වටහාගෙන සිය සහායිකාව ද ගෙන්වා ගෙන ඇය ගැසුවේ ලොකු ගේමක් බව දැන් පැහැදිලිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ සහායිකාව මෙරටට පැමිණ රැඳී සිටි මාස හතරක කාලය තුළ ද ඔවුන් මෙරටින් පලා යාමට හැම උත්සාහයක්ම ගෙන ඇති බවය. ඒ වැඩේ අසාර්ථක වී ඇත්තේ ඔනේෂ් මේ අයගේ විදෙස් ගමන් බලපත්‍ර ඔහු සතුව තබාගෙන සිටි බැවිනි. මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් තමන්ට බ්‍රසීලයට යාමට ඉඩක් නොලැබෙන බව වටහා ගත් ඔවුන් ඉන්දුනීසියානු සංචාරය සංවිධාන කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මූලික විමර්ශනවලින් පෙනී ගියේය.

ඉන්දුනීසියාවේදී රොසැලිනාට සිය සහායිකාවගේ සහය ද ඇතිව දියණියත් රැගෙන ඔනේෂ්ගේ ඇස් වසා බ්‍රසීලයට පැන ගන්නට ඇති තරම් අවස්ථාවක් තිබුණත් ඔනේෂ්ව ඝාතනය කරනු ලැබුවේ ඇයිදැයි මෙතෙක් ඇත්තේ අභිරහසක් ලෙසිනි. ඇතැම් විට ඉන්දුනීසියාවට ජනවාරි 20 වෙනිදා පය තැබූ පසු ඇතිවූ සැකයක් මත රොසැලියාගේ විදෙස් ගමන් බලපත්‍රය තිබෙන්නට ඇත්තේ ඔනේෂ් සතුව බවට යම් උපකල්පනය කළ හැකිය. ඔනේෂ්ගේ මරණය සිදු වන්නේ එම විදෙස් ගමන් බලපත්‍රය ගැනීමට යාමේදී ඇතිවුණු යම් සිදු වීමක් හේතුවෙන් බවට සැකයක් මතු කළ හැකිය. ඔනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් වූ මෙම කොටස ගැන යමක් කියන්නට හැකියාව ඇත්තේ ඉන්දුනීසියාවේ ජකාර්තා පොලිස් විමර්ශකයන්ටය. ඔවුන් මෙතෙක් ඒ ගැන කිසිවක් පවසා නොමැති බැවින් මෙරට විමර්ශකයන්ට ඒ ගැන ඇත්තේ තවමත් ප්‍රශ්නාර්ථයක් පමණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මෙතෙක් සිදුකර ඇත්තේ ඔනේෂ්ගේ ඝාතනය දේශීය වශයෙන් සිදු කළ සැලසුමකට අනුව ඉන්දුනීසියාවේදී කර ඇති බවට තහවුරු වන තොරතුරු රැස් කිරීමක් පමණි. මේ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර හමාරය. ඒ ඔස්සේ මෙම ඝාතනයට වගකිවයුතු ඔනේෂ්ගේ බිරිය සහ ඇගේ මිතුරිය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් ලබා ගැනීමට හැකියාවත් තිබේදැයි කියා නීතිමය සොයා බැලීම්ද මේ වන විට සිදු වෙමින් ඇත. ඒ මෙතෙක් කර ඇති විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරමිනි. ඔනේෂ්ගේ ඝාතන විමර්ශනයේ ඉදිරි පියවර තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් සූදානමින් සිටින්නේ නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස්වලට අනුවය.

ගයාන් කුමාර වීරසිංහ

[QUOTE="hichchiputha, post: 29088019, member: 565736"] “රෝසා නෝනාට කොච්චර සැලකුවත් මදි. එයාට සලකන්නේ නැහැ කියල සර් එක්ක රණ්ඩු වෙනවා”යැයිද ඇය කියන්නට වූවාය. පුෂ්පරාණි මේ කියන දේ කැටි කරගත් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේ ඔනේෂ් සහ ඔහුගේ බ්‍රසීල ජාතික බිරිය අතර ඒ වන විට විවාහය දෙදරා යන තරමට මත ගැටුම් පැන නැඟෙමින් තිබී ඇති බවය. මේ හැමදෙයකම ආරම්භය සිදු වන්නේ අලීෂාගේ පළමු උපන්දිනයෙන් පසුවය. මෙම නිවෙසේ තවත් මෙෙහකාරියක් වූ දේවදානි මේකලාගෙන් ද ප්‍රශ්න කිරීමේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී යන්නට වූයේ ඔනේෂ් සහ රොසැලියා අතර සමාජයට පෙනෙන්නට හොඳ පවුල් ජීවිතයක් තිබුණත් යහපත් පවුල් සම්බන්ධයක් නිවෙස තුළ නොතිබී ඇති බවය. “ලංකාවේ ඉන්න බැහැ, මම මගේ රටට යනවා. කියමින් රෝසා නෝනා සර් එක්ක නිතර රණ්ඩු වෙනවා. නෝනා රණ්ඩු වෙන හැටි දැක්කම එයා සර් ව මරයි කියලත් හිතුණා” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් හමුවේ දේවදානි මේකලා කියන්නට වූවාය. “දවසක් මහත්තයා අපට කතා කරලා කිවුවා, දරුවා අරන් රෝසා නෝනා බ්‍රසීලයට යන්න හදනවා කියලා. මම උඹව කවදාහරි මරනවා කියල රෝසා නෝනා සර්ට තර්ජනය කළා කියලත් කිවුවා.” දේවානි මේකලා මේ දේවල් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ කියන්නට ගත්තාය. මේ දේවල් තවත් සේවිකාවක් වූ ප්‍රියංගනී චන්ද්‍රලතා ද තහවුරු කළා පමණක් නොව, අලීෂාව රැගෙන රොසැලියා බ්‍රසීලය බලා හොර රහසේ යන්නට ඉඩ ඇති බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ඔනේෂ් පැවසූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් හමුවේ කියා සිටියාය. මේ දේවල් කියා තිබුණේ නිවෙසේ සිටි මෙහෙකාරියන් සියලු දෙනාටමය. ඒ නිසා හැම සේවිකාවක්ම මේ හැමදෙයක්ම කියන්නට වූයේ සිය හාම්පුතාගේ මරණය රොසැලියා සැලසුම්සහගතව කළ එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට තහවුරු කර ගැනීමට ඕනෑවටත් වඩා තොරතුරු ලබා දෙමිනි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී යන්නේ රොසැලියා එන්න එන්නම දරුණු වෙමින් ඔනේෂ්ව මරා දමන බව එළිපිටම තර්ජනය කරන තැනට පවා පත්වී සිටි බවය. “මට මෙහේ ඉන්න බැහැ, මේ කෑම කන්න බැහැ, මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරනවා “ යැයි රොසැලියා ඔනේෂ්ට කිහිපවිටක්ම තර්ජනය කළ බවට ඇසින් දුටු සහ කනින් ඇසුණු සාක්ෂි ඕනෑවටත් වඩා රොස්මිඩ් පෙදෙස් පිහිටි නිවෙසේ මෙහෙකාරියන්ගේ කටින් එළියට ආවේය. ඇය දිගින් දිගටම ඔනේෂ්ගෙන් බල කරමින් ඉල්ලා ඇත්තේ ඇගේ රටට යන්නට අවස්ථාවක් දෙන්නට යැයි කියාය. ඒ ඇගේ විදෙස් ගමන් බලපත්‍ර තිබී ඇත්තේ ඔනේෂ් සතුව වූ බැවිනි. කන්න බොන්න අඳින්න පලඳින්න වගේම සමාජ ශාලාවල කරක් ගසන්නට පවා ඇති තරම් මුදල් ඔනේෂ්ගෙන් ඇයට ලැබුණත් කුමක් හෝ හේතුවක් මත ඇගේ හිත ඒ වන විට තිබී ඇත්තේ බ්‍රසීලයේ බව මේ හැමදෙයක්ම විශ්ලේෂණය කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේය. රොසැලියාගේන් එල්ල වන පීඩනය ඒ වන විටත් ඉවසා ගත නොහැකිව සිටි ඔනේෂ් ඇගෙන් නීතියෙන් වෙන් වීමට සැලසුම් කරගෙන සිටියේ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ අනාවරණය කරනුයේ ඔනේෂ්ගේ සහෝදරියගේ සැමියාය. ඔහු ලාල් අරවින්දය. ඒ බව රොසැලියා දැන සිටියේ දැයි පැහැදිලි නැතත් ඇය සිය මිතුරියව මෙරටට ගෙන්වා ගන්නේ ඔය අතරතුරදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේය. ඇය රොසැලියාගේ සමීපතම මිතුරියක් වූවාය. ඇය මෙරටට ආ පසු රොසැලියාගේ හැසිරීම් මුළුමනින්ම වෙනසකට ලක් වන්නේ ඇයගෙන් දික්කසාද වන්නේදැයි ඔනේෂ්ට දෙවරක් සිතන්නට ඉඩක් තබමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ මේ සියල්ලක්ම සිදු වෙමින් තිබී ඇත්තේ යම් සැලසුමකට අනුව බවය. ඉන්දුනීසියා ගමන පවා සංවිධානය වී ඇත්තේ රොසැලියාගේ පෙරැත්තමතය. රොසැලියාගෙන් තමාට ජීවිත තර්ජනයක් පවා එල්ල වී තිබියදී ඔනේෂ් ඉන්දුනීසියා සංචාරයට ඇතැම් විට එකඟ වන්නට ඇත්තේ ඇගේ ඒ වෙනස්වීම තවදුරටත් නොකැඩුණු පවුල් ජීවිතයක් ගත කිරීමට ආරම්භයක් වනු ඇතැයි සිතාගෙන විය හැකිය. සිදු වන්නේ ඔනේෂ්ව ගැහැනු ගැටයකට හසු කරගනිමින් ඇය ඔහුව ඉන්දුනීසියාවට රැගෙන යාමය. දෙස් විදෙස් වෙළදපොළ වෙත දියර පොහොර බෙදා හරින ජාත්‍යන්තරය ජයගත් දැවැන්ත සමාගමක හිමිකරුවෙක් මෙන්ම තවත් සමාගම් 32ක ආයෝජකයෙක් වූ ඔනේෂ් ඒ වන විට සිටියේ තවත් ව්‍යාපාර රැසකට සිය අයෝජන අවස්ථා පුළුල් කරමින් ව්‍යාපාරික ලෝකයේ ඉහළට යමිනි. එබැවින් ඔහු ඒ වන විට සිටියේ කාර්යබහුලත්වයෙනි. ඉන්දුනීසියා සංචාරයක යන්නට තරම් විවේකයක් නොමැති වූවත් ඔහු ඉන්දුනීසියා ගමන යන්නේම සිය බිරියගේ සහ දියණියගේ සතුට වෙනුවෙනි. ඒ අනුව ජනවාරි 19 වෙනිදා සිය බිරියත් දියණියත් බිරියගේ මිතුරිය වූ සහායිකාවත් සමඟ ඉන්දුනීසියාවට ගිය ද ඔනේෂ් වැඩි කාලයක් කැපකරනු ලැබුවේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙනි. ඒ ඔහු ඉන්දුනීසියාවේ සිටියත් ඔහු දුරකතනය ඔස්සේ හැම විටම රැඳී සිටියේ මෙරට පිහිටි කාර්යාලය සමඟිනි. රොසැලියා මෙම ඉන්දුනීසියා සංචාරය සැලසුම් කරනුයේ ඔනේෂ් අත ඇති සිය විදෙස් ගමන් බලපත්‍රය සියතට ගැනීමේ කූට සැලසුමක් ඇතිව බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ සැකයට ලක්ව ඇති කරුණකි. සිය විදෙස් ගමන් බලපත්‍රය ඇයට සියතට ගැනීමට ඇති එකම මඟ මෙය බව වටහාගෙන සිය සහායිකාව ද ගෙන්වා ගෙන ඇය ගැසුවේ ලොකු ගේමක් බව දැන් පැහැදිලිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ සහායිකාව මෙරටට පැමිණ රැඳී සිටි මාස හතරක කාලය තුළ ද ඔවුන් මෙරටින් පලා යාමට හැම උත්සාහයක්ම ගෙන ඇති බවය. ඒ වැඩේ අසාර්ථක වී ඇත්තේ ඔනේෂ් මේ අයගේ විදෙස් ගමන් බලපත්‍ර ඔහු සතුව තබාගෙන සිටි බැවිනි. මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් තමන්ට බ්‍රසීලයට යාමට ඉඩක් නොලැබෙන බව වටහා ගත් ඔවුන් ඉන්දුනීසියානු සංචාරය සංවිධාන කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මූලික විමර්ශනවලින් පෙනී ගියේය. ඉන්දුනීසියාවේදී රොසැලිනාට සිය සහායිකාවගේ සහය ද ඇතිව දියණියත් රැගෙන ඔනේෂ්ගේ ඇස් වසා බ්‍රසීලයට පැන ගන්නට ඇති තරම් අවස්ථාවක් තිබුණත් ඔනේෂ්ව ඝාතනය කරනු ලැබුවේ ඇයිදැයි මෙතෙක් ඇත්තේ අභිරහසක් ලෙසිනි. ඇතැම් විට ඉන්දුනීසියාවට ජනවාරි 20 වෙනිදා පය තැබූ පසු ඇතිවූ සැකයක් මත රොසැලියාගේ විදෙස් ගමන් බලපත්‍රය තිබෙන්නට ඇත්තේ ඔනේෂ් සතුව බවට යම් උපකල්පනය කළ හැකිය. ඔනේෂ්ගේ මරණය සිදු වන්නේ එම විදෙස් ගමන් බලපත්‍රය ගැනීමට යාමේදී ඇතිවුණු යම් සිදු වීමක් හේතුවෙන් බවට සැකයක් මතු කළ හැකිය. ඔනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් වූ මෙම කොටස ගැන යමක් කියන්නට හැකියාව ඇත්තේ ඉන්දුනීසියාවේ ජකාර්තා පොලිස් විමර්ශකයන්ටය. ඔවුන් මෙතෙක් ඒ ගැන කිසිවක් පවසා නොමැති බැවින් මෙරට විමර්ශකයන්ට ඒ ගැන ඇත්තේ තවමත් ප්‍රශ්නාර්ථයක් පමණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මෙතෙක් සිදුකර ඇත්තේ ඔනේෂ්ගේ ඝාතනය දේශීය වශයෙන් සිදු කළ සැලසුමකට අනුව ඉන්දුනීසියාවේදී කර ඇති බවට තහවුරු වන තොරතුරු රැස් කිරීමක් පමණි. මේ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර හමාරය. ඒ ඔස්සේ මෙම ඝාතනයට වගකිවයුතු ඔනේෂ්ගේ බිරිය සහ ඇගේ මිතුරිය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් ලබා ගැනීමට හැකියාවත් තිබේදැයි කියා නීතිමය සොයා බැලීම්ද මේ වන විට සිදු වෙමින් ඇත. ඒ මෙතෙක් කර ඇති විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරමිනි. ඔනේෂ්ගේ ඝාතන විමර්ශනයේ ඉදිරි පියවර තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් සූදානමින් සිටින්නේ නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස්වලට අනුවය. ගයාන් කුමාර වීරසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom