ඉන්දුනීසියාවේ ජකාර්තාහි පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළදී මරා දැමුණු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ ඝාතකයන් තවමත් ඉන්නේ නිදැල්ලේය. ඔනේෂ්ගේ බ්‍රසීල ජාතික බිරිය සහ ඇගේ මිතුරියක් වන බ්‍රසීල ජාතික හෙදියක් විසින් කාලයක් තිස්සේ කළ සැලසුමකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති බව ඉන්දුනීසියානු පොලිසිය මෙන්ම මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී හමාරය. ඔනේෂ්ව මරා දමන බිරියත් ඇගේ මිතුරියත් කුඩා දියණියව ද රැගෙන ජකාර්තා සිට පැන ගන්නේ කටාර් හරහා බ්‍රසීලයටය. අදටත් ඔවුන් රැඳී සිටින්නේ යැයි කියැවෙන්නේ බ්‍රසීලයේය. ඔවුන් දෙදෙනාව දැන් ඉන්දුනීසියාවේ ජකාර්තා පොලිසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද අවශ්‍යව ඇතත් ඒ සම්බන්ධයෙන් බ්‍රසීලයෙන් යහපත් ප්‍රතිචාරයක් නම් තවමත් ලැබී නැත. ඒ ජාත්‍යන්තර පොලිසිය මඟින් මේ ගැන පැහැදිලිවම බ්‍රසීලය දැනුම්වත් කර තිබියදීය.
අභිරහස් ගැටලු ගොන්නක් සමඟින් ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකාර්තා හි පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක කාමරයක් තුළ ඝාතනය වන්නේ පසුගිය ජනවාරි මාසයේදීය. ඔහුගේ ඝාතනය ගැන කෙරුණු විමර්ශනවලට සම්බන්ධ වීමට ඔහුගේ සහෝදරයෙක් පවා ඉන්දුනීසියාවට ගොස් සිටියේය. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේශීය වශයෙන් මෙරටදී මෙම ඝාතනය ගැන විමර්ශනයක් පවා ආරම්භ කරනු ලැබුවේය. ඒ එම ඝාතනයේ මුල් මෙරට තිබිය හැකි බැවිනි. ඔනේෂ්ගේ ඝාතනය කාලයක් තිස්සේ කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇතැයි පැහැදිලිවම හෙළි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමා හේවාගේ මෙහෙයවීමෙන් පැවති එම විමර්ශනයේදීය.
එහිදී අනාවරණය වූ අලුත්ම තොරතුර වන්නේ ඔනේෂ් ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුව ඉන්දුනීසියාවට රැගෙන යාමට සතියකට පමණ පෙර ඔනේෂ්ගේ බිරිය සහ ඇගේ මිතුරිය මීගමුවේ සංචාරක හෝටලයක දින කිහිපයක් ගත කර ඇති බවය. එහිදී ඔවුන් අමුත්තෙක් මුණ ගැසී ඇති බවට තොරතුරක් ද අනාවරණය වී ඇත. එම අමුත්තා විදෙස් ජාතිකයෙකි. සැකකරනුයේ ඔහු බ්‍රසීල ජාතිකයකු විය හැකි බවය. ඉන්දුනීසියා ගමන සංවිධානය වන්නේ ද මීගමුවේ හෝටලයේ රැඳී සිටීමෙන් අනතුරුව බව මේ වන විටත් අනාවරණය වී හමාරය.
දීර්ඝ කාලයක් තිස්සේ කළ සැලසුමකට අනුව ඝාතනය කළ ඔනේෂ්ගේ සිරුර මාස 08කට ආසන්න කාලයක් තිබුණේ ඉන්දුනීසියාවේදීය. ඒ විමර්ශන කටයුතු සඳහා එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මළ සිරුර රඳවා ගත් බැවිනි. අවසානයේදී මළ සිරුර මෙරටට රැගෙන ඒමට අවස්ථාවක් ලැබෙන්නේ පසුගිය 01 වෙනිදාය. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 365 අංකය දරන ගුවන් යානයෙනි. ඔනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේදී මරණ පරීක්ෂණයක් සිදු කළ ද මෙරටදී ද නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය අවශ්‍ය නීතිමය පියවර ගත්තේය. ඒ මෙම මරණය ඝාතනයක් වූ බැවින් සහ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවිනි. මෙහිදී මළ සිරුර හඳුනා ගෙන මෙම මරණය පහරදීමෙන් සිදුවූ ඝාතනයක් බව පවසමින් පොලිසියෙන් විමර්ශනයක් ඉල්ලා සිටින්නට වූයේ ඔනේෂ්ගේ සහෝදරියක් වූ අනෝෂි සුබසිංහ මහත්මියයි. ඇය පොලිසිය හමුවේ පවසා තිබුණේ පහරදී සිය සහෝදරයාව මරා දමා ඇති බවය.
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු වන්නේ මීගමුව රෝහලේදීය.
අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් හමුවේ සිදු කළ මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසාන තීන්දුවක් නම් තවමත් ලබා දී නැත. ඒ සිරුරේ ඇතැම් කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන ඇති බැවිනි. ඔනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ වෛද්‍යවරයා විසින් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි. එම තීන්දුව සමඟ නිදහස් කළ ඔනේෂ්ගේ සිරුර කොළඹ ප්‍රධාන මල් ශාලාවකට භාරදුන් පවුලේ සාමාජිකයන් මහජන ගෞරවය සඳහා ඉතා කෙටි කලක් එහි තබා අවසන් කටයුතු සිදු කරනු ලබන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේදීය. ඒ ඉදිරි විමර්ශනයකදී අවශ්‍යතාවක් පැන නැඟුණහොත් නැවත සිරුර ගොඩගැනීමට හැකි වන ලෙසිනි.
ඔනේෂ්ගේ සිරුර මාස 08කට ආසන්න කාලයකට පසු පවුලේ ඥාතීන්ට භාරදෙමින් එය මෙරටට රැගෙන ඒමට ඉන්දුනීසියා පොලිසිය සහ එරට නීති අංශ අවස්ථාවක් ලබාදුන්න ද මෙම ඝාතනය සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාළ කිසිදු තොරතුරක් මෙතෙක් මෙරටට නිල වශයෙන් ලබා දීමට ඔවුන් පියවර ගෙන නැත. අඩුම තරමින් මරණ පරීක්ෂණ වාර්තාව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්ව නැත. ඔනේෂ් මරා දමා ඇත්තේ කෙසේ දැයි කියාවත් නිසි තොරතුරක් පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට තාමත් ඒ නිසා ලැබී නැත. එබැවින් ඒ දේවල් ලබා ගැනීමට හැකියාවක් ඇත්තේ දේශීය අධිකරණමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ සහ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් මතය.
නිවාඩුවක් ගත කිරීමට යැයි කියා ඉන්දුනීසියාවට උපක්‍රමශීලිව රැගෙන ගිය ඔනේෂ්ව නවාතැන් ගෙන සිටි තට්ටු නිවාස සංකීර්ණයේ කාමරය තුළ මරා දමන බිරියත් ඇගේ සහයිකාවත් සිවු හැවිරිදි දියණිය ද රැගෙන බ්‍රසීලයට පැන ගැනීමට ඉන්දුනීසියාවෙන් පලා යන්නේ දෝහ කටාර් වෙතය. ඒ බව මුලින්ම හෙළිකර ගන්නේ ජකාර්තා පොලිසිය විසිනි. එසේ ඉන්දුනීසියාවෙන් දෝහා කටාර් වෙත පැනගත් ඔවුන් එහි දින දෙකකට වඩා රැඳී සිට නැත. එතැනින් ඔවුන් පනින්නේ බ්‍රසීලය වෙතය. දේශීය වශයෙන් මෙරටදී සිදු වූ විමර්ශන වලින්ද පැහැදිලිවම හෙළි වී ඇත්තේ ඔනේෂ්ගේ බිරිය කටාර් හරහා බ්‍රසීලයට පැන ගන්නට කල්තියාම සැලසුම් කරගෙන සිට ඇති බවය. ඒ සඳහා ගුවන් ටිකට් පත් පවා ඇය විසින් සිය මිතුරිය සහ දියණිය වෙනුවෙන් වෙන් කරගෙන ඇත්තේ මෙරටින් පිටව යන්නටත් මත්තෙනි. ඒ මෙරට පිහිටි ගුවන් සමාගම් නියෝජිතායතනයක් මඟිනි. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඉන්දුනීසියාවේ ජකාර්තා සිට දෝහා කටාර් හරහා බ්‍රසීලය බලා යාමට ඔනේෂ්ට ගුවන් ටිකට්පත් වෙන්කර ගෙන නැති බවය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඔනේෂ් ඝාතනය කර බ්‍රසීලයට පැන ගන්නට කල්ඇතිව මෙරටදී සැලසුම් කළ එකක් බවය.
ඉන්දුනීසියාවේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දේශීය වශයෙන් මෙවන් විමර්ශනයක් ආරම්භ කිරීමට මුල්වන්නේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ නියෝගයකට අනුවය. ඒ ඔනේෂ්ගේ සහෝදරයා වන දිනේෂ් සුබසිංහ විසින් කළ ඉල්ලීමක් පදනම් කරගෙනය. එම ඉල්ලීම පැමිණිල්ලක් බවට පරිවර්තනය කරගනිමින් පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ ඔනේෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර සූදානමක් මෙරටදී තිබුණේ දැයි විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන අරඹන ලෙසය. ඒ රටින් බැහැර සිදුවූ ඔනේෂ්ගේ ඝාතන විමර්ශනයට දේශීය වශයෙන් මැදිහත් වීමකට ඉඩක් ලැබෙන්නේ ඒ ඔස්සේ වන බැවිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මෙම විමර්ශනය පවරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා යටතේ ඇති විමර්ශන අංශයකටය. දක්ෂ අපරාධ විමර්ශකයන් රැසකගෙන් සමන්විත එම විශේෂ අංශය විසින් ඔනේෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ දේශීය විමර්ශනයට මුල පුරන්නේ ඔනේෂ් සිය බිරිය හා දියණිය සමඟ පදිංචිව සිටි කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි සුවිසල් නිවෙසිනි. ඔනේෂ්ගේ ඝාතනය ඉන්දුනීසියාවේදී සිදු වුවත් එම ඝාතනයේ පූර්ව සැලසුම් සැකසී ඇත්තේ මෙරටදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලිවම පෙනී යන්නේ ද එහිදීය.
මේ කියන බ්‍රසීල ජාතික බිරිය ඔනේෂ්ගේ තෙවැනි විවාහක බිරියයි. විවාහ දෙකක්ම ආසාර්ථක වී සිටි ඔනේෂ්ට රොසැලියා මුණගැසෙන්නේ වසර පහ හයකට පෙර බ්‍රසීලයේ කළ සංචාරයකදීය. ඒ අවන්හලකදීය. පැවසෙන ආකාරයට ඇය එම අවන්හලේ හිමිකාරිනියයි. මුල් හමුවීමෙන් දෙදෙනා අතර හිතවත්කම දලු ලා යන්නේ ඔනේෂ් බ්‍රසීලයේ ගත කළ කෙටි කාලය තුළ ඇය සමඟ ඉතාම සමීප වෙමිනි. අලීෂා මෙලොව එළිය දකින්නේ එදා ඔවුන් දෙදෙනා අතර වූ සමීප ඇසුරේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔනේෂ් සහ රොසැලියා අතර 2018 වසරේදී හෙළ සිරිතට අනුව විවාහය පවා සිදු වන්නේ අලීෂා නිසාය. එදා ගැබිනියක්ව සිටි රොසැලියාව බ්‍රසීලයේ සිට මෙරටට ගෙන්වා ගෙන හැම සැප සම්පතක්ම දෙමින් ඇයව රැකබලා ගන්නට ඔනේෂ් වගබලා ගන්නේ ඇගේ කුස තුළ වැඩෙමින් සිටි අලීෂා වෙනුවෙනි. ඒ ඇය ඔනේෂ්ගේ එකම දරුවා වූ බැවිනි.
අලීෂාට දැන් වයස අවුරුදු 04කි. ඇය අධ්‍යාපනය ලැබුවේ බොරැල්ලේ පිහිටි ජාත්‍යන්තර පාසලකිනි. රොස්මිඩ් පෙදෙසේ පදිංචියට ඔනේෂ් එන්නේ ද අලීෂාට පාසල් යන්නට එන්නට ඇති පහසුව ගැන සිතාය. ඒ අලීෂාට සිය පණටත් වඩා ඔනේෂ් ආදරය කරන්නට වූ බැවිනි. ඇය වෙනුවෙන්ම නිවෙසේ මෙහෙකාරියන් කිහිප දෙනෙක් ද රඳවා තැබුවේ ඒ නිසාම විය හැකිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඒ හැම සේවිකාවකගෙන්ම පාහේ ප්‍රශ්න කරන්නට අමතක නොකළේය. ඒ ඔනේෂ් සහ රොසැලියා අතර ඒ වන විට පැවති සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබා ගන්නටය.
“අලීෂා බේබි හම්බ වෙන්න ඉන්නකොට, දෙන්න හිටියේ කිරියි පැණියි වගේ. හරිම සතුටින් හිටියා. හැබැයි අලීෂා බේබිව හම්බ වෙලා අවුරුද්දක් විතර යන කොට රෝසා නෝන ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.“ මේ කතාව කියන්නට ගත්තේ අලීෂාව කුඩා කල සිට බලා කියා ගත් පුෂ්පරාණිය. ඇය මේ පවුලට ඉතා ළෙන්ගතු මෙහෙකාරියක් වූවාය.